Watch Trailer

The Glory (2022-) [S01: E01] Sinhala Subtitles | පළිගැනීමක ආරම්භය! [සිංහල උපසිරැසි] 18+

මේක 18 වැඩි කට්ටිය බලනවා නම් වඩාත් හොඳයි, මොකද මේකෙ දරුණු ලෙස වදහිංසා දෙන දර්ශන, අසැභි වචන, වගේම නිරුවත් දර්ශනත් අඩංගු වෙනවා. ඇසට ඇසක්, දතට දතක්, කැළලට කැළලක්, තුවාලය කරපු අයත් ඒ විදිහටම විඳවන්න ඕනේ, ඒත් එතකොට සාධාරණ වැඩී වගේ නැද්ද ? දොන්ග්-යුන් කියන්නේ හොඳින් ඉගෙන ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්න හින…

මේක 18 වැඩි කට්ටිය බලනවා නම් වඩාත් හොඳයි, මොකද මේකෙ දරුණු ලෙස වදහිංසා දෙන දර්ශන, අසැභි වචන, වගේම නිරුවත් දර්ශනත් අඩංගු වෙනවා.

ඇසට ඇසක්,
දතට දතක්,
කැළලට කැළලක්,
තුවාලය කරපු අයත් ඒ විදිහටම විඳවන්න ඕනේ,
ඒත් එතකොට සාධාරණ වැඩී වගේ නැද්ද ?

දොන්ග්-යුන් කියන්නේ හොඳින් ඉගෙන ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්න හින්න හීන දකින අවුරුදු 17ක අහිංසක තරුණියක්. නමුත් එක මොහොතකදී ඇගේ මුළු ජීවිතේම කණපිට හැරෙනවා, ඒ ඇගේ පාසලේම සම වයසෙ සිටින යොන්-ජින් ඇගේ ජීවිතේට ආවට පසුව. ඇය සල්ලිකාර පවුලකින් පැවත එන සෙල්ලක්කාර තරුණියක්. ඊට නොදෙවෙනි යාළුවො හතර දෙනෙකුත් ඇයට සිටිනවා, ජේ-ජුන්, සාරා, හයි-ජොන්, මියොන්-ඕ නමින්. ඔවුන් පස් දෙනාගෙ සෙල්ලම් බඩුවක් වෙන දොන්ග්-යුන්ට, ඔවුන් ඇගේ අත් කකුල් පුච්චලා දරුණු ලෙස වදහිංසා කරනවා. එසේ දිගින් දිගටම කරනා වදහිංසා දරාගන්න බැරිම තැන ඇය ඔවුන්ට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් පවා කළාට යොන්-ජින් සල්ලි බලය පෙන්වලා එම චෝදනා වලින් ඔවුන් ගලවෙනවා. පාසලෙන්වත්, පොලීසියෙන්වත්, අඩුගානෙ තමන්ගෙ අම්මගෙන්වත් පිළිසරණක් නැතිවුණ දොන්ග්-යුන් තීරනේ කරනවා ඒ ගිය ස්කෝලෙන් අස් වෙන්න. දැං ඇගේ අමිහිරි ජීවිතේ ඉවර වෙයිද? නැහැ, දැං තමයි ඒක පටන් ගන්නේ. මොකද ඔවුන් සිදු කරපු පිලිස්සුම් තුවාල ටික දිනක් ගතවන විට තව තවත් වේදනාව වැඩි වෙන්න ගන්නවා, කොටින්ම ඒ වේදනාව දරාගන්න බැරිම තැන ඇය ජීවිතේ නැති කරගන්න පවා තීරණේ කරනවා. ඉතිං එතරම් ලොකු වේදනාවක් පළිගැනීමකට හැරුනොත් මොකක් සිදුවෙයිද?

ඒක තමයි අපිට මේ කතාව පුරාවටම දැක ගන්න පුළුවන් වෙන්නේ. දොන්ග්-යුන් එදා ඉදන් අවුරුදු 18ක් පුරාවට ඔවුන් පස් දෙනාගෙන් පළිගන්න සූක්ශමව සහ පියවරෙන් පියවර සිදු කරන සැලසුමක් සහ එය ක්‍රියාත්මක කිරීමක් අපිට කොටස් දාසයක් පුරාවට දැකගත හැකි වෙනවා. හැබැයි හිතන්න එපා “අපෝ කොටස් දාසයක් පුරාවට යන එකම පළිගැනීමක් බලලා වැඩක් තියෙයිද. කම්මැලි ඇති” කියල එහෙම. මොකද මේක එසේ මෙසේ පළිගැනීමක් නෙවෙයි, ඒ කියන්නේ දොන්ග්-යුන්ට ඕනෙ උන්ව මරන්නවත් උන්ට වේදනාවක් දෙන්නවත් නෙවෙයි. ඊට වඩා ලොකු දෙයක් කරන්න. ඒ වගේම පලිගැනීමට අමතරව තව ගොඩක් දේවල් අපිට මේකෙන් බලාගන්න පුළුවන් වෙනවා, මොකද දොන්ග්-යුන් මේ පලිගැනීම කරන්න පටන් ගන්නේ අවුරුදු 18 පමණ ගතවුණාට පසුවයි. ඒ වෙනකොට මෙයාලගෙ ජීවිත ගොඩක් සංකීර්ණ වෙලා රහස් වලින් පිරිල තියෙන්නේ. ඉතිං මේ රහස් මොනවද? දොන්ග්-යුන් කෙසේ ඇගේ පළිගැනීම ගනීද? ඇයට හැකිවෙයිද ඇගේ පලිගැනීම සිදු කිරීමට? කියන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඔයාලට මේක බලන්නම සිදුවෙනවා.

මේ වෙනකොට මම නම් මේ මුළු කතා මාලාවම බලලා අවසානයි. ඒ නිසා බය නැතුව කියන්න පුළුවන් ඔයාල මේක බලන්න ගත්තට කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ කියලා, මොකද මේකෙ පටන් ගැන්ම, ගලායාම ඒ වගේම කතාවේ අවසානයත් පරිපූර්ණ විදිහට නිමවලා තියෙනවා. ඉතින් ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකල් එකහුස්මට බලන්න පුළුවන් කතාමාලාවක් තමයි මේක. එහෙනම් අපි මේකට ලැබිල තියෙන ප්‍රේක්ශක ප්‍රතිචාර දිහාවට හැරෙමු, IMDb දර්ශකේ මනාප 13,000 අධික ප්‍රමානයකින් 8.1 ඉහල අගයකුත්, කුණු තක්කාලි 83% ගන්න හැකි වෙලා වෙලා තියෙනවා. ඒ වගේම MyDramaList එකේ මනාප 45,700 අධික ප්‍රමානයකින් 8.9 ඉහල අගයක් ගන්නත් මේ කතා මාලාවට හැකි වෙලා තියෙනවා.

එහෙනම් ඔය කියෙව්ව ඇතිනේ, මෙතැන් පටන් ඔයාලම බලලා දැනගන්නකො කතාව මොනවගේද කියලා. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕනෙ මේ කතා මාලාවට උපසිරැසිකරන්න එකතු වුණ, යුරාන් ධනුක/ මයුර සුරාජ්/ පවිත් විජේසූරිය/ රේණුකා සුභාෂිණී/ දිනිදු සම්පත්/ නයන බුද්ධික යන සහෝදර සහෝදරියන්ව. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු ජයවේවා!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,920 downloadsDownload The.Glory_.S01E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

 

 

Subtitles

4,920 downloadsDownload Subtitles20 KB

25 comments

  1. Uchini

    අම්මෝ මෙන්න ග්ලෝරි දෙන්න අරන්. හිතුවෙත් නෑ බයිස්කෝප් දෙයි කියලා. තැන්ක් යූ තැන්ක් යූ තෑන්ක් යූ...

  2. Naveen Mbr

    බොහෝම ස්තූතියි!

  3. Pavith Wijesooriya

    ස්තූතියි ඔලිවර් අයියේ සබ් එකට. දැන් නම් ආයේ ඉතින් බැලිල්ලක් තමයි. සුපිරියක් මේක....

  4. Chami

    පට්ටම වැඩක්
    පට්ටම ස්තුතියි ඔක්කොටම
    පොඩ් ඉල්ලීමක්, මේකේ සබ් ටික ඔක්කොම මේ සතිය ඇතුලත දෙන්න බලන්න,මොකද පොඩි හරි නිවාඩුවක් තියෙන්නේ මේ ටිකේ විතරයි,අවුරුද්ද ඉවරවුන ගමන් ආපහු වැඩ ඒකයි

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Nayana Buddhika

    Thanks Bro Sub ekata

  6. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ, ජය වේවා !!!

  7. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි.
    සයිට් එකේ කොරියන් සයිඩ් එක පන ගහල එනවා කියන්නේ නියමයි. :)

    1. Teeshan

      දැන්ද බං දෙන්නේ. බලලත් ඉවරයි.

    2. Han soo he

      මේ drama එක download කරගන්නේ නැතිව බලන්න බැරිද

    3. විමා

      බලපු නැති අයට දෙන්නේ.
      ලොකුවට අවුලක් හිතන්න එපා.
      බලපු අය ආයින් වෙලා පායින් යන්න පුතී. :)

  8. nima

    sazam eka denne nadoooo.danna ba inna

  9. Sung Jin-Woo

    නියමයි. ආයෙ කොරියන් ඒවට සබ් දෙන්න පටන් ගත්තු එකට ගොඩක් තෑන්ක්ස්.

  10. Anonymous

    Mcho 1080 web copy walatath link ekak dennako
    Supiryak balanna ona supiri qualityakin
    Jaya wewa baiscope

  11. Peter

    අඩෝ සමිත... මරු ආතල් ඕයි

  12. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Ravindra

    Thanks

  14. Anonymous

    Thanks digatama series oona bro future man ehema puluwnnm denna

  15. මයුර

    තැන්ක්ස් මචෝ

  16. Anonymous

    Supiriiiiiiiiiiiiiiiiiii

  17. පීටර් බාත්ලට්

    අඩෝහ් සිරා කතාව
    උන්ගේ ගොබ්බ සබ් වලින් බලනවට වැඩිය හොදයි අමාරුවෙන් හරි ඉංග්‍රීසි සබකින් බලන එක ඉංග්‍රීසි වචන ටිකක් හරි දැනගන්න පුලුවන්

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  19. Han soo he

    මේ drama එක download කරගන්නේ නැතිව බලන්න බැරිද

    1. විමා

      බෑ සහෝ, අපි සෝශල් මීඩියා අප්ලෝඩ් කිරීම් කරන්නෙ නෑ.

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.