ආයුබෝවේවා! මතකඇති නේද කාලෙකට කලින් බලපු ගම්සභාවේ කතාව? නගරෙක ඉඳන් ගමට ආපු ගම්සභා ලේකම් මහත්තයා එහෙමත් නැත්නම් අභිෂේක් වටා ගෙතුනු කතාව. පහුගිය සීසන් එකෙන් පුදුම කුතුහලයක දාලානෙව නැවැත්තුවේ. ඉතින් අද අරගෙන ආවේ ඒ සීමිත පිරිසක් බලපු, හැබැයි බලපු හැමදෙනෙක්ම පිස්සුවෙන් වගේ බලලා ඉවරකරපු, දෙවෙනි සීසන් එක එ…

ආයුබෝවේවා! මතකඇති නේද කාලෙකට කලින් බලපු ගම්සභාවේ කතාව? නගරෙක ඉඳන් ගමට ආපු ගම්සභා ලේකම් මහත්තයා එහෙමත් නැත්නම් අභිෂේක් වටා ගෙතුනු කතාව. පහුගිය සීසන් එකෙන් පුදුම කුතුහලයක දාලානෙව නැවැත්තුවේ. ඉතින් අද අරගෙන ආවේ ඒ සීමිත පිරිසක් බලපු, හැබැයි බලපු හැමදෙනෙක්ම පිස්සුවෙන් වගේ බලලා ඉවරකරපු, දෙවෙනි සීසන් එක එනකල් ආසාවෙන් බලන් ඉඳපු පන්චායත් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එකට සිංහල උපසිරැසි අරගෙන. වැඩි විස්තර පළවෙනි එපියේ ලිපියෙන් දැනගන්න ඇතිනේ. එහෙනම් අද කතාව පැත්තට යොමුවෙමු.
පළවෙනි සීසන් එකට වඩා ආසාවෙන් බලන්න පුලුවන් සුපිරිම කතාමාලාවක් තමයි මේපාර ගොඩනගලා තියෙන්නේ කියලා දැනටම පළවෙනි එපිය බලපු අයට තේරෙන්න ඇති. ඒ නිසා වැඩි කතා නැතුව අද කතාව ගැන ටිකක් දැනගමු. අද කතාව දිවෙන්නේ සභාපතිතුමා කලින් දුන්න පොරොන්දුවක් මුල් කරගෙන. සභාපතිතුමා පොරොන්දු වෙලා තියෙනවා ගමට එන පාර හදලා දෙන්න. හැබැයි හදපු නැති නිසා පාර හොඳටම අබලන් වෙලා තියෙන්නේ බයික් එකක්වත් එන්න බැරි මට්ටමට. ඉතින් ගමේ ඉන්න අමුතුපහේ මනුස්සයෙක්ගේ බයික් එක නිතරම කැඩෙන නිසා මේක ඉක්මනින් හදලා දෙන්න කියලා චෝදනා කරලා ලේකම්තුමාටත් සභාපතිට පන්දම් අල්ලන එකෙක් කියලා අහුවෙන හැමතැනදිම ගැටුමක් හදාගන්න යනවා. ඉතින් අපේ ලේකම්තුමා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා අද කතාවෙන් බලාගන්න පුලුවන්. එහෙනම් මේ කතාංගයත් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,812 downloadsDownload PCHT-S02-E02.zip20 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
12 comments
indika 75
Anonymous
ade meka awaill neda. ammoo super thank you bossa
Kanishka
Thanks for sub
Anonymous
Stranger Things S04 Volume 2 ekata sub oni
Anonymous
අඩේ මරු ...❤️❤️
Anonymous
ඉක්මනටම අනිත් එපි ටිකටත් සබ් දෙන්න ලැබේවා
nilan dissanayaka
E03 eke Sub download karanna baha
Hiroon
S02 E3 sub page eke awulak bro
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks..