පංචායත් එහෙම නැත්නම් පුලේරා ගම්සභාවේ පළවෙනි සීසන් එක ඉවර වෙද්දි පොරොන්දු වුනා වගේම ඔන්න එහෙනම අද අරන් ආවා කොටස් 8 කින් සමන්විත දෙවෙනි සීසන් එක. වෙනදා වගේම මේකත් කණ්ඩායම් වැඩක් තමා. මම,මයුර අයියා, සුභාෂීණී අක්කා,ශසිත් අයියා,දහරා අක්කා,සිසිත කියන අපි 6 දෙනා එකතු වෙලා තමයි මේ සීසන් එක අරන් එන්නේ.. පළව…

පංචායත් එහෙම නැත්නම් පුලේරා ගම්සභාවේ පළවෙනි සීසන් එක ඉවර වෙද්දි පොරොන්දු වුනා වගේම ඔන්න එහෙනම අද අරන් ආවා කොටස් 8 කින් සමන්විත දෙවෙනි සීසන් එක. වෙනදා වගේම මේකත් කණ්ඩායම් වැඩක් තමා. මම,මයුර අයියා, සුභාෂීණී අක්කා,ශසිත් අයියා,දහරා අක්කා,සිසිත කියන අපි 6 දෙනා එකතු වෙලා තමයි මේ සීසන් එක අරන් එන්නේ.. පළවෙනි සීසන් එක බලපු අය අනිවාරෙන් මේක මිස් කරගන්නෑනේ ඉතිං. කොච්චර හොඳ සීරීස් එකක් වුනත් බහුතරයක් විසින් මඟෑරගත්ත සුපිරියක් කියලා නම් කියන්නම ඕනි. පළවෙනි සීසන් එක නොබලපු අයටත් එක්ක කියනවා නම් ඩිග්‍රියක් ගහලා, පිළිගත් ඉහළ පඩි සහිත රස්සාවක් කරනවා වෙනුවට රුපියල් 20,000 ක පඩියකට පිටිසර,දුෂ්කර ගමක් වෙන පුලේරා ගමේ ගම්සභාවේ ලේකම් විදිහට රැකියාව කරන්න යන ත්‍රිපාටි සහ ඒ රස්සාව කරන අතරේ සිද්ධ වෙන දේවල් තමා මේ සීරීස් එකේ තියෙන්නේ.. හරිම සරල කතා තේමා එක්ක ලොකු පණිවිඩයක් දෙන්නත් මේ කතාවෙ නිර්මාණකරුවෝ අමතක කරලා නෑ. මේ වෙද්දී IMDB මීටරේ මනාප 64,000 කට අධික සංඛ්‍යාවකින් 8.9 ක්. ඒකම ඇති ඉතින් නොබලපු කෙනෙක්ට මේක බලන්න.

සීසන් 1 එක කට්ටියට මතක ඇති කියලා හිතනවා. ඒ වගේම සීසන් 1 එක ඉවර වෙද්දිම සභාපතිතුමාගෙ දුව රිංකිව පෙන්නුවනේ.. ඔන්න සීසන් 2 එකේදි රිංකිව වැඩි වැඩියෙන් බලාගන්න පුළුවන්. සීසන් 1 ඉවර වෙද්දිම අපේ හිත්වල ඇති වුන ප්‍රශ්නෙ තමා ලේකම්තුමා රිංකි එක්ක සෙට් වෙයිද කියන එක. මේ සීසන් 2 එකේ පළවෙනි එපිසෝඩ් එක වෙන් වෙන්නෙත් අපේ හිත්වල ඇති වුන ඒ අවුල ලිහන්නම තමයි. හැබැයි ඉතින් තව කොටස් 7 ක්ම තියෙන නිසා වැඩිය පුරෝකතන නොකර ඉමු නේද? එහෙනම් අද ඉඳන් එක දිගට ඔයාලට මේ සීසන් එක බලන්න පුළුවන්. ආයෙත් එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එකෙන් එකතු වෙන බලාපොරොත්තු ඇතුව මාව මේකට එකතු කරගත්ත මයුර අයියටයි, අපේ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටයි ස්තූතියි කියන ගමන් මං ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

4,426 downloadsDownload PCHT-S02-E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

4,426 downloadsDownload Subtitles20 KB

12 comments

  1. Sujith

    අම්මේ.... සබ දානකම් මග බලන් හිටියේ... ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නෝ...

    1. Ishan

      Thank you balagena hitiye ithuru tikath ikmanata demu

  2. සුභාෂිණී මල්ලව ආරච්චි

    උපසිරසියට ගොඩක් ස්තූතියි මල්ලි

  3. lakmal

    ammo ela bn
    mekta sub delada kiyla hamdama awith baluwa
    ubala set ektama pin

  4. Sam

    අම්මෝ....එනකන් බලන් හිටියේ...සුපිරි. ❤️

  5. Anonymous

    Samrat prithviraj
    Virata parvam sub dennkow

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ ඔයා කාලෙකින් සබ් එකක් ගෙනල්ල තියෙන්නෙ

  7. Chamath Thilakarathna

    Thank you baiscope මේකට සබ් දෙන්න පටන් ගත්තාට...❤️

  8. indika 75

    thanks..

  9. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. sahangayantha

    thanks a lot sub ekata