2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 13 හා 14 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ. අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.…

2014 වර්ෂයේ විකාශය වුනු, Action, Horror, Sci-fi, Gore, Psychological, Seinen යන Genre වලට අයත් වෙන, මිනිත්තු 23 බැගින් කොටස් 24 ක් පුරා දිවෙන Kiseijuu:Sei no Kakuritsu AKA Parasyte:The Maxim ඇනිමෙ කතා මාලාවේ 13 හා 14 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.

අපි දැන් කලින් කතාවෙ සිද්ධ වුනු දේ මතක් කරගමු.

වර්තමානයේ සිද්ධ වුනු සිදුවීම් හමුවේ පරපෝෂිත පැවැත්ම ගැන මුළු රටම දැනගෙන ඉවරයි.ඒ වගේම පරපෝෂිතයෙක් ලේසියෙන්ම අඳුර ගන්න හැටිත් රජය නිවේදනයක් කරලා ඉවරයි.ඒත් ශිනිචිට මේකෙනුත් බේරෙන්න පුලුවන් වෙනවා, මොකද කියනව නම් මිගී ශිනිචිගේ මොළය යටත් කරගත්තෙ නෑනෙ.දැන් කානාගෙ ප්‍රශ්නය තමයි ශිනිචිගේ ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නෙ.මේ ප්‍රශ්නෙනුත් ගැලවෙන්න හිතාගෙන ශිනිචි තමන්ගෙ රහස් ඔක්කොම කානාට ඔප්පු කරලම පෙන්නන්න හිටියත්, කානාගේ ‘සුපිරි බලය’ නිසා කානාට ශිනිචි ඉස්සරහම මැරෙන්න සිද්ධ වුනා.තමන්ට ළං වෙන අය ටිකෙන් ටික මරණයට ළං වෙනව කියල තේරුම් ගන්න ශිනිචි තව තවත් හැඟීම් විරහිත කෙනෙක් බවට පත් වෙනවා.

ශිනිචිට දැන් ඉන්නෙ තමන්ගෙ තාත්තයි පෙම්වතිය වෙන මුරානෝයි විතරයි.මුරානෝත් ඉන්නෙ ශිනිචිව තේරුම් ගන්න බැරුව දුකෙන්.ඒ අතරෙ තවත් උකුසු ඇස් දෙකක් ශිනිචි දිහා බලාගෙනයි ඉන්නෙ.ඒ කවුද? මුරානෝ තව දුරටත් මේවා ඉවසාවිද? බොහෝ අහියෝග දුක් කම් කටොළු මැද ආපු ශිනිචිගේ අනාගතයට මොකක් වෙයිද? මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා.එහෙනම් මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ Blu-Ray පිටපත සදහා අදාළ වේ.

1,857 downloadsDownload PTM-S01-E13-E14.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,857 downloadsDownload Subtitles29 KB

5 comments

  1. Dasun

    සබ් නම් ගින්දර..දැන් ඉතින් ඇනිමෙ කීවම මතක් වෙන්නෙ ලංකන් වීබ් එකේ හසරංගව තමයි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. ddr

    thank you

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි.