Watch Trailer

The Lord of the Rings: The Rings of Power [S01 : E08] Sinhala Subtitles | සියල්ල පැහැදිලි? [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! වැසිබර කාලගුණයක් එක්කම ඔන්න එහෙනම් අටවෙනි සතියත් උදා වුණා. මේ තමයි මුල් සීසන් එකේ අන්තිම කොටස. එකම එක එපිසෝඩ් එකක් ඇරෙන්න අනිත් හැම එපිසෝඩ් එකක්ම පරක්කු නොවී අරගෙන එන්න කටයුතු කළා කොහොමහරි මම. ඒ වගේම ඔන්න එහෙනම් අවසාන එපිසෝඩ් එකත් පුළුවන් ඉක්මනට අරගෙන ආව. පසුගිය…

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! වැසිබර කාලගුණයක් එක්කම ඔන්න එහෙනම් අටවෙනි සතියත් උදා වුණා. මේ තමයි මුල් සීසන් එකේ අන්තිම කොටස. එකම එක එපිසෝඩ් එකක් ඇරෙන්න අනිත් හැම එපිසෝඩ් එකක්ම පරක්කු නොවී අරගෙන එන්න කටයුතු කළා කොහොමහරි මම. ඒ වගේම ඔන්න එහෙනම් අවසාන එපිසෝඩ් එකත් පුළුවන් ඉක්මනට අරගෙන ආව.

පසුගිය කොටස් තුළින්,
පලවෙනි කොටසින්ම සිරිස් එකේ ඉන්න ප්‍රධාන චරිත සියල්ලම පාහේ පෙන්නුවා. මුලිකවම ගලාද්‍රියල් සහ සෞරෝන් වටා තමයි කතාව දිවගියේ පලවෙනි කොටසින්. ඒ වගේම මට නම් ආස හිතුනේ නෝරි සහ පොපී කියන හාර්-ෆූට් හොබිට්වරියන් දෙන්නට. ඒ දෙන්නගේ චරිත දෙක නම් නියමයි. බ්‍රොන්වින් සහ අරොන්දිර් දෙන්නගේ ආදර කතාව ගෙතුණ විධියත් ඔවුන්ට වෙන් වෙන්නට සිද්දවෙන විධියත් අපිට දකින්න ලැබුනා මුල් කොටසින්ම. ඒ වගේම මුල්ම එපියෙ අන්තිමටම අහසින් පොලවට කඩන් වැටෙන අමුත්තා වටේට කුතුහලයෙන් යුතුව ගොඩ නැගෙන කතාව ගැන බලාපොරොත්තුවක් දෙවැනි එපියෙ අපිට දකින්න ලැබුනා. මොකද දෙවැනි එපියේ වැඩි කාලයක් එයාට වෙන් කරලා තිබ්බ. මුල් කොටසේදී හයි-කිං විසින් එල්රොන්ඩ් වෙත ශ්‍රේෂ්ඨ එල්ව්ස් කම්මල්කරුවෙකු වෙන වංශවතෙකුව මුනගස්වාලා දුනා. ඒ දෙන්නා යනවා තමන්ගේ විශාල ව්‍යාපෘතියට අවශ්‍යය කරන ශ්‍රමය හොයාගන්න. අපිට හුරු පුරුදු කෙනෙක්ව දකින්න පුළුවන් වුණා ඒ කොටසෙදි, ඒ තමයි ඩුරින් කුමාරයා, එයාලගේ විධි ක්‍රම ගැන, හොබිට් එකේදී විනාශ වෙලා තිබ්බ එයාලගේ රාජධානියේ සශ්‍රිකත්වය දකින්න ඇතිනේ ඒකෙන්. ඒ වගේම අහසින් කඩන් වැටුණු අමුත්තා එයාගේ කතාව කියන්න උත්සහ කරනවා.

බ්‍රොන්වින් සහ අරොන්දිර්ගේ ඉරණම ගැන කොහොමත් අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතභාවය එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. කොහොම නමුත් ඔන්න ඔර්ක් කෙනෙක්ව බෙල්ල කපලම පෙන්නුවා. හරියටම කියන්න බැහැ. ඒත් බ්‍රොන්වින්ගේ පුතා වෙන තියෝ සහ එයා ළඟ තියෙන සෞරෝන්ගේ සලකුණ සහිත අසිපත් කැබැල්ල එක්ක තියෝ රුධිරයෙන් සම්බන්ධ වුණා මතකයිනේ? ඒ Gurthang අසිපත කියලත් කියනවා මම දැක්ක සමහරු. සමහරු කියනවා ඒ මෝර්ගුල් අසිපතක කොටසක්, ඒක අයිති Angmarට කියල. ඉතිං අහසින් වැටුණු අමුත්තා කවුද කියල අපි තවම දන්නේ නැහැ. ඔය අතරේ හාර්-ෆුට්ලා ටික තමන්ගේ ගමන පටන් ගන්නවා. ඒ වගේම පිටස්තරයෙකුව තමන්ගේ ගොඩට දාගෙන තියෙන බව හෙළිදරව් වෙලා නෝරි ඇතුළු පවුල පිරිසේ අවසානයේ ගමන් කලයුතු බවට නියෝග කෙරෙනවා. ඒ වගේම අපිට ඉසිල්දුර්ව දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකම් තමන් හොයමින් ගිය සලකුණ ඇත්තටම සලකුණක් නෙමෙයි සිතියමක් බව ගලාඩ්‍රීයල්ට දැනගන්න ලැබෙනවා. ඒ වගේම නියුමෙනොර්වල තවම එල්ව්ස්ල වෙනුවෙන් සහ ඔවුන්ට කැමති අය ඉන්න බව ඇය දැනගන්නව.

සිව්වැනි කොටස පටන් ගන්නේ වැඩබලන රැජින දකින සිහිනයකින්. ඒ තමයි නියුමෙනොර්වලට අනාගතයේදී අත්වෙන්න නියමිත ඉරණම ගැන දකින සිහිනයක්. මහා ජලකඳක් ඇවිල්ල නියුමෙනොර් ගිල ගන්නවා. ඒ හීනයට හේතුව හතරවෙනි එපිසෝඩ් එක අවසාන හරියේදී අපි දැකගන්නව. ඉතිං ඒ එක්කම වගේ ගලාද්‍රියල් රැජිනගෙන් මුලින් බොහොම සන්සුන්ව ඉල්ලීමක් කරනවා ආයේ එල්ව්ස්වරු සහ මිනිසුන් අතර සම්බන්ධතාවය ආරම්භ කරන්න ඉඩ දෙන්න කියල. රැජින තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සෙ ගලද්‍රියල් වැඩ බලන රැජිනට අභියෝගාත්මක විධියට කතා කරනවා. ඇය නිත්‍යානුකුල රජතුමාව මුණගැහෙන්න යන බව කියල. ඒකට තරහ යන වැඩ බලන රැජින ගලද්‍රියල්ව හිර කරනවා. මිනිස්සු එල්ව්ස්ලට විරුද්ධ ඇයි කියල අපිට දකින්න ලැබෙනවා සහ රජතුමාට තමන්ගේ දුවව වැඩබලන රැජින විධියට පත්කරන්න වෙච්ච හේතුවත් අපි දැනගන්නවා. ඒ වගේම එඩාර් කියන්නේ නපුරට හැරුණු එල්ව්ස් කෙනෙක් බව අපිට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔර්ක්ස්ලා ප්‍රදේශ පුරාම හොයන කඩුව තියෙන්නේ කා ලඟද කියලත් දැනගන්නවා. ඒ කඩුව ඒ වෙනකම් ළඟ තියාගෙන හිටිය කෙනා නපුරට නතුවෙලා සෞරොන්ගේ පැත්ත අරගෙන ඔහුගේ නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් කියලත් අපි දැනගන්නවා.

කොහොමින්හරි නියුමිනොර් දේශයෙන් මිඩ්ල් අර්ත් වෙත යුධ ආධාර අරගෙන නෞකා තුනක් එනවා. නෞකා පහක් එන්න තිබ්බත් දෙකක් ගින්නෙක් විනාශ වෙච්ච නිසා අඩුපාඩු සහිතවයි ගමන පිටත් වෙන්නේ. ඒ විනාශයෙන් වාසි වුනේ ඉසිල්දුර්ට හැබැයි. මිනිහා ඔන්න මිඩ්ල් අර්ත් වෙත පිටත් වෙනවා. ඒකෙන් පස්සෙ වෙන දේ ඉතිං කට්ටිය දන්නවනේ. ඒ වගේම අනාගත මොඩෝර් දේශය නිර්මාණය වීම ආරම්භ වෙලා ඉවරයි. දක්ෂිණ දේශය මුලික කරගෙන තමයි මොඩෝර් ගොඩනැගෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ගෙන් කොටසක් මේ වෙනකොට අඳුරට අධිපතියගේ පැත්ත අරගෙන ගිහින් ඉන්නෙ. කතාවේ නිර්මාපකයෝ ගානට තැටිය රත්කලා, රොටිය පුච්චගන්න ගිහින් ගානට පදමට කරගනිවිද, නැත්නම් රොටිය කරකරගනිවිද කියල සැකයක් ගිය සුමානේ තිබ්බා.

හම්මේ යාන්තම් රොටිය ගානට පුච්චගත්ත. සිරාවටම පට්ට ආසයි ඒ එපියට. සිරිස් එකේදී අපිට දකින්න ලැබුණු මුල්ම යුද්ධය අපිට හමුවුණා ඔන්න. ඉදිරියේදී එන්න නියමිත වෙලා තියෙන යුධ ගැටුම් එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ. ඔර්කයන්ගේ වත්මන් ලොක්කා උරුක් කෙනෙක්. ඒ කියන්නේ අඳුරට නතුවුණ එල්ව්ස් කෙනෙක්. ඒ වගේම තියෝ අතේ තිබණු කඩු මිට යතුරක් බව දැනගෙන හිටියත් හරියටම එකෙන් විවර වෙන්නේ මොකක්ද කියල අපි ගිය සුමානේ දැක්කා. මේ තමයි අපි ලෝඩ් ඔෆ් ද රිංග්ස් ෆිල්ම් තුනේදී දැකපු, සහ මුලික වුණ මොඩෝර් දේශයේ ආරම්භය. ඒ පුපුරා ගියේ මවුන්ට් ඩුම් ගිණි කන්ද. මතක ඇතිනේ ඒ මොකක්ද කියල?

ඔන්න ඉතිං අද තමයි අන්තිම කොටස නිකුත් වෙන්නේ, අද ගොඩක් අයගේ ගැටළුවලට උත්තර ලැබෙයි. සමහර ප්‍රශ්න නොවිසඳීම ඉතුරු වෙයි. අද ගොඩක් දේවල් වෙන එපියක් විතරක් කියල මම වැඩේ ඉවර කරන්නම්. 

මේ තමයි රිංග්ස් ඔෆ් පවර් සිරිස් එකේ පළවෙනි සීසන් එකේ අවසානය, කතාවේ නිර්මාණකරුවන් කියන විධියට ආයේ කතාව එන්නේ අවුරුදු දෙකකින්, එහෙනම් මේ වෙනකම් මාත් එක්ක හිටිය මට සහයෝගය දුන්නු හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම්, “නමාරියේ!” 2024දී මුණගැහෙමු! 🙂

“Alloyed“ Season 01 Episode 08 අධ්‍යක්ෂණය : Wayne Yip තිර රචකයින් : John D. Payne & Patrick McKay කතාංගය විකාශය වූ දිනය : 14 Octpber 2022 IMDB අගය: N/A කතා මාලාව නැරඹීමට අනුමත වයස් කාණ්ඩය (USA) : TV-14

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

27,299 downloadsDownload The.Lord_.of_.the_.Rings_.The_.Rings_.of_.Power_.S01E08.update01.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

27,299 downloadsDownload Subtitles27 KB

44 comments

  1. Hasun Kavinda Silva

    brother did you check the sub ? coz it's not encode in MPC.

    1. විමා

      Fixed it, Machan!

  2. Kasun Widusha

    Tnx mcn

  3. Gihan

    thnaks for sub.
    jaya wewa

  4. Sumith Kumara

    නමාරියෝ විමා❤️❤️❤️❤️❤️

  5. Asanga

    thank you so much wima.. awurudu dekak balan inna wenawa kiyapu eka thama awula..

  6. Pavith Wijesooriya

    සබට ගොඩක් ස්තූතියි අයියේ. දෙනකන් හිටියේ. දෙවෙනි සීසන් එකත් ආවාම මේ වගේම ගැම්මට සබ් ඕනේ.

  7. Bishan

    Thank you!

  8. Anonymous

    Thanz bro

  9. Roy

    Thank You Brother

  10. Danushka

    Thank U Wima. Jaya wewa

  11. dsp

    thank u bro awrudu 2k khm intd mnda

  12. Bhashitha

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    2 වන සීසන් එකෙන් හමු වෙමු
    ජය....

    See season 03 එකටත් බයිස්කෝප් එකෙන් සබ් දෙනවද?

  14. Lakshika

    Namariye mellon!

  15. madushan

    thanks sub akata

  16. Ramesh

    Sub walata godak thanks

  17. malith madhushan

    විමා අයියේ බොහොම ස්තුතියි උපසිරසට, දැන් තාම බලන්න ගන්නේ, උපසිරස දීපු හැම එපියකට බොහොම ස්තුතියි ආයිමත් සැරයක්

  18. Movie පිස්සා

    Mulu Season Ekatama Sub Dunnata Thanks Bro Season 2 Eken Ayath Hambawemu ❤❤

  19. Dewadithya

    Thanks for Sub!

  20. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  21. prabhasoft

    Thank you...!!!

  22. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  23. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  24. Amila

    Thanks for da sub bri..!

  25. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  26. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතීයී...❤

  27. anonymous

    operaration sea wolf film ekta sub dennkooooo

  28. Hashindu Tharaka

    The last kingdom season 5 sub eka dennako oo plzzz

  29. බිනුර

    High බජට්
    චොර production කියන්නේ මේවට තමයි
    Acting නම් අන්තිමයි හැමෝගේම වගේ සීරීස් එක පුරාවටම
    ඇත්තටම බලාපොරොත්තු කඩවුනා
    කොහොමවුනත් සබ් නම් නියමෙටම තිබුනා සහෝ
    බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්

  30. Lahiru Lakshan

    thanks.....

  31. Bruce

    Thanx sub ekata,. Jayawewa

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Radika

    Thanks machn

  34. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  35. Anonymous

    ගූ හතයි සීරීස් එකම

  36. Ravindra

    Thanks

  37. vidu

    sub ekata thankyou brother
    jaya wewa

  38. Sachith Kumara

    balapu supirima kathawak thamai meka, season 02 apu gamanma sub ona brother. Thank you

    1. Malshan Waidyarathna

      බොහොම ස්තුතියි ....
      ඔබගේ කාලයට උන මහන්සියට....
      ජය වේවා..

  39. Roshan

    Thnx bro.Great job.Good luck.

  40. Anonymous

    Season 2 ekatath sub dento ♥️♥️

  41. Dsp

    Season 2ත් ඉක්මනට දෙන්ට♥️♥️

  42. dinupa

    Season 2 sub denne naddoo