ඔන්න ඉතින් අද අරගෙන එන්නේ She-Hulk: Attorney At Law හත්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. මේ එපිසෝඩ් එක අරන් එන්න පරක්කු වුණාට සමාවෙන්න ඕනේ. මේ සතිය ටිකක් වැඩ වැඩි සතියක්. කොහොමහරි, මේක නම් කරලා තියෙන්නේ “Retreat” කියලා. ඒ, මේ එපිසෝඩ් එකේදී ජෙන් ‘පසුබහින’ නිසා. පසුගිය කොටසින් කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ…

ඔන්න ඉතින් අද අරගෙන එන්නේ She-Hulk: Attorney At Law හත්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. මේ එපිසෝඩ් එක අරන් එන්න පරක්කු වුණාට සමාවෙන්න ඕනේ. මේ සතිය ටිකක් වැඩ වැඩි සතියක්. කොහොමහරි, මේක නම් කරලා තියෙන්නේ “Retreat” කියලා. ඒ, මේ එපිසෝඩ් එකේදී ජෙන් ‘පසුබහින’ නිසා.
පසුගිය කොටසින්
කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ ජෙන්, වෙඩින් එකකට ගිහිල්ලා ඉන්නවා. ඒ අතරෙදි ටයිටේනියා සහ එයා අතර සටනකුත් වුණානේ. ඒවගේම වෙඩින් එකේදී ජෙන්ට ජෝෂ් කියලා කෙනෙකුත් හම්බවුණානේ. ඉතින් මේ ජෝෂ් ඉදිරියේදී ජෙනිෆර් වෝල්ටර්ස්ගේ ආදරවන්තයා වෙන බව සලකන්න පුළුවන්. මේ කතාව අතරේදීම අපි දැක්කනේ මැලරි බුක් සහ නිකී රාමෝස් Mr. Immortal ගේ දික්කසාද නඩුව විසඳනවා. ඉතින් මේ Mr. Immortal මේ එපිසෝඩ් එකේ විහිළු, කොන්දක් නැති චරිතයක් වගේ පෙන්නුවාට කොමික්වලදී නම් මෙයා West-coast avengersලගෙ සාමාජිකයෙක්, ඒවගේම අමරණීයත්වය සාපයක් වුණු කෙනෙක්. මෙයාගේ කතාව කොමික්වලදී නම් ඉතාම දුක හිතෙන එකක්. කීප පාරක්ම සියදිවි නසා ගන්නත් උත්සහ කරල තියෙනවා. කොහොමහරි, මේ එපිසෝඩ් එකේදි හඳුන්වා දුන්න වැදගත්ම දේ වුණේ Intelligencia කියන වෙබ්සයිට් එකයි. කොමික්වලදී මේ ඉන්ටලිජෙන්සියා කියන්නේ M.O.D.O.K., ලීඩර් ආදී හල්ක්ගේ හතුරන්ගෙන් සමන්විත සංවිධානයක්. ඉතින් මේ සීරීස් එකේ නම් මේක වෙබ් සයිට් එකක් වෙන බව තමයි පේන්නේ.
Post-Credit scene
මාවල් එක තමන් පටන්ගත්ත සම්ප්‍රදාය වන post-credit scene එක මේ සීරීස් එකෙත් දිගටම ගෙනිච්චා. කොහොම වුණත් විශේෂයෙන් කතා කරන්න තරම් වැදගත් දෙයක් ඒවායේ සිද්ධ වුණේ නැති නිසා මම ඒවා ගැන කතා කළේ නෑ. හැබැයි හය වෙනි එපිසෝඩ් එකේ පෝස්ට්-ක්‍රෙඩිට් සීන් එක ගැන නම් කතා නොකර බැහැ. මොකද මේකෙ අපට මේ කතා මාලාවේ ප්‍රධාන හතුරා විදියට සලකන්න පුළුවන් Hulk King කියන කෙනාව පෙන්නන්නවා. ඒක පොඩි මැසේජ් එකක් විතරයි තමයි ඉතින්. හැබැයි අපට මෙයාව ඉදිරි එපිසෝඩ්වලදි දකින්න පුළුවන් වෙයි.
“Is the next phase of the plan ready to go?” – Hulk King
ඉතින් මෙන්න මේක තමයි මෙයා post-credit සීන් එකේ එවන පණිවිඩය. ඒ සමඟ අපි දකිනවා අලුත් තුඩක් තියෙන සිරින්ජයක් පෙට්ටියක දාල වහනවා. කලින් Wrecking Crew එක එයාලගෙ “බොස්” ගේ අණට අනුව ෂී-හල්ක්ගේ ලේ ගන්න හැදුව හැටිත්, එයාගේ හමේ ඝන බව නිසා ඒක කරගන්න බැරි වුණු හැටිත් අපි දැක්කනේ. ඉතින් මේ සිරින්ජය ෂී-හල්ක්ගේ හම සිදුරු කරන්න පුළුවන් වෙන එකක්ද? ඒක නම් හරියටම දන්නේ නෑ. ඒත් අපට එහෙම අනුමාන කරන්න පුළුවන්. මේකෙන් කියන්නේ Wrecking Crew එක වැඩ කරලා තියෙන්නෙත් හල්ක් කින්ග් ටම බවයි.
Episode 6 QR code
සුපුරුදු පරිදි මේ එපිසෝඩ් එකෙත් අපට QR code එකක් දකින්න පුළුවන්. ඒ, Mr. Immortal වාහනයක් උඩට පනින අවස්ථාවෙයි.

ඉතින් මේක ස්කෑන් කළාම අපිව අරන් යන්නේ West Coast Avengers (1985) #46ටයි. ඉතින් මේකේ අපිට Mr. Immortalව බලාගන්න පුළුවන්.

ඉතින් මේ එපිසෝඩ් එක ගැන කියන්න තියෙන්නේ එච්චරයි. එහෙනම් අපි 8 වෙනි එපිසෝඩ් එකෙන් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌️.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
2,710 downloadsDownload She-Hulk-Attorney-at-Law-S01-E07.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #Benedict Wong
- #Charlie Cox
- #Ginger Gonzaga
- #Griffin Matthews
- #Jameela Jamil
- #Jon Bass
- #Josh Segarra
- #Mark Linn-Baker
- #Mark Ruffalo
- #Marvel
- #Marvel Cinematic Universe
- #MCU
- #Megan Thee Stallion
- #Patti Harrison
- #Renée Elise Goldsberry
- #Rhys Coiro
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Tatiana Maslany
- #Tess Malis Kincaid
- #Tim Roth
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
8 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
හැකිනම් See Season 03 එකටත් සබ් දෙන්න...Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියී...❤
Dewadithya
Thanks for Sub!
Anonymous
thanks a lot saho sub ekata
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට