එහෙනම් මේ අරන් එන්නේ පුරා සතියක් පුරා අපි එක්ක එකතු වෙලා හිටිය බ්‍රීත් ඉන්ටු ද ෂැඩෝස් කතාමාලාවේ අවසාන කතාංගය අරගෙනයි. දිගටම බලන් හිටියට නම් පාඩුවක් වෙන එකක් නැහැ සුපුරුදු පරිදි උද්වේගකර අවසානයක් දීලා තියෙනවා මේ කතාසමයටත්. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. කබීර් මාධ්‍යට අවිනාෂ් ගැන කියපු එකට ප…

එහෙනම් මේ අරන් එන්නේ පුරා සතියක් පුරා අපි එක්ක එකතු වෙලා හිටිය බ්‍රීත් ඉන්ටු ද ෂැඩෝස් කතාමාලාවේ අවසාන කතාංගය අරගෙනයි. දිගටම බලන් හිටියට නම් පාඩුවක් වෙන එකක් නැහැ සුපුරුදු පරිදි උද්වේගකර අවසානයක් දීලා තියෙනවා මේ කතාසමයටත්. එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
කබීර් මාධ්‍යට අවිනාෂ් ගැන කියපු එකට ප්‍රතිඵලයක් විදිහට අවිනාෂ් තමන්ගේ හැම මිනීමැරුමේම වීඩියෝ ප්‍රවෘත්ති හරහා පෙන්නන්න අරන් තිබුණා. අලුත්ම ගොදුර වුණේ අවිනාෂ් එක්ක මුදල් ප්‍රශ්නයක් තිබ්බ හිරේන් කියන කෙනා. මිනිහට වෙඩි තියලා මරලා දාන වීඩියෝ එකක් තමා අවිනාෂ් මහජන ප්‍රදර්ශනය සඳහා එවලා තිබ්බේ. ඒ කියන්නේ දැන් ගොදුරු 7ක්ම ඉවරයි. තව තුනයි තියෙන්නේ. ඔය අතර ඊළඟ ගොදුර තමන්ය කියලා හිතන් හිටිය රම්නීෂ් බය නැතුව එලියට බැස්සා. මිනිහා කාර් නවීකරණය කරන ව්‍යාපාරයක්නේ කරන්නේ. අලුත්ම වාහනේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්නයි මිනිහා ඔන්න එලියට බැස්සේ. වික්ටර්ට සහ අවිනාෂ්ට ඒ වෙනුවෙනුත් අමුතු සැලැස්මක් තිබ්බා දකින්න ඇතිනේ. හැමදේම අහවර වෙන්නේ වික්ටර් කබීර්ට අහුවෙන තැනින්. ඉතින් වික්ටර් අවිනාෂ් ගැන හෝ මීළඟ ගොදුර ගැන කබීර්ට කියයිද? හැමදේම අස්සෙන් අවිනාෂ් එයාගේ 9වෙනි ගොදුරට ලංවෙන ගමන් හිටියේ. බලමු මේ සැරේ එයා සාර්ථක වෙයිද කියලා.
ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ සමුගැනීමේ මොහොතට. බ්‍රීත් කතාමාලාව අවසානයකට ආවද මෙතනින් එහාට අපි බ්‍රීත් තුලින් හමුවෙයිද නැද්ද කියලවත් මට කියන්න විදිහක් නෑ. ඒක ඔයාලා මේ අවසන් කොටසත් බලලම තමන්ට රිසි විදිහට හිතාගන්න. එක එක්කෙනාට වෙනස් දේවල් හිතෙයි. අවසන් කොටස ඒ තරමට පොඩි උද්යෝගයක් දෙනවා. ම්ම්ම් හරි එහෙනම්. සමුගන්නම්. කතාමාලාව පුරාවටම උපසිරැසි දුන්නු සහෝදරයන් හැමෝටමත් චාමර, තිසර සහ විමා සහෝදරවරුන්ටත් ස්තූතිවන්ත වෙන ගමන් ඔයාලා ඉල්ලන තව කතාමාලාවක් ඔලුවේ තියාගෙනම අපි සමුගන්නවා. ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,360 downloadsDownload Breath-Into-the-Shadows-S02-E08-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #2022
- #Abhishek Bachchan
- #Amit Sadh
- #Breathe
- #Breathe: Into the Shadows
- #Editor's Pick
- #Hrishikesh Joshi
- #Into the Shadows
- #Ivana Kaur
- #MaxxA
- #Nithya Menen
- #Resham Shrivardhan
- #Saiyami Kher
- #Shrikant Verma
- #sinhala
- #Sinhala Subtitle
- #Sub
- #subtitle subtitle
- #කැප්ටන්
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
Buddhika Lakmal (laKMal)
Nisanka Kularathne
sub akta thnkz lot
Kushan
Sub akta thanks
nalinda kumara
meka download karanne kohenda?
Naveen
උපසිරසිවලට තුති
Hasitha
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!
Anonymous
txxx
Chandima
Me Series Ekata Subtitle Hadanna Mahansi Una Team Ekatama Thanks....Jayawewa...
Dineth
Views 5000+ තියෙන walking dead සීසන් එකේ අන්තිම episode ටික යද්දි එකට සබ් දෙන එක නවත්තල මේ views 900- තියෙන එකකට සබ්දෙන්නෙ බන් මේක පොඩ්ඩක් නවත්තල walking dead එකට සබ් කරප ඉදපල්ලකො කොටස්උ 6ක් වගේනෙ තියෙන්නෙ දෙන්න මේවත් end වෙන්න කිට්ටු කරල සබ් දෙන එක නවත්තයිද දන් නෑ
විමා
ඒක සබ් කරන කෙනාගේ කැමැත්ත.
ඔයාගේ කැමැත්ත හැමෝගෙම කැමත්ත වෙන්න ඕන නැහැ.
ඒ නිසා දුන්නොත් බලන්න.ඔය වෝකින් ඩෙඩ් එකට එපි තුනකට සබ් හදල ඒක දෙන්න පොස්ට් හදන්න අවම දැක්ක දේ එක්ක තමයි සබ් ටික ඩිලීට් කරලා කරන්න පුළුවන් එකෙක්ද දීල කරවගන්න කිව්වේ මම. තාම නෑ නේද පුළුවන් කෙනෙක් ? :)
Anonymous
Thanks for all
බිනුර
ඉදිරියටත් මෙවැනිම සුපිරි නිර්මාන වලට සබ් දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා
Anonymous
තවත් ඉන්දියන් ත්‍රිලර් සීරීස් දෙන්න පුලුවන් නම් නියමයි
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
Niyamaaaaaaaaaaaaaiiiiiiiii
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breathe: Into the Shadows [S02 : E08] Sinhala Subtitles | සමුගැනීමේ ප්‍රෝඩාව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/බ්‍රීත්-ඉන්ටු-ෂැඩෝස්-Season-2.jpg)


තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥