Watch Trailer

Breathe: Into the Shadows [S02 : E07] Sinhala Subtitles | අපි හතරදෙනාගේ පාරාදීසය.. [සිංහල උපසිරැසි]

බන්ධනාගාරේ සිදු කරපු මිනිමරුමෙන් පස්සේ අවිනාෂ්ගේ ගැටේ හින්දම එයාව නිදහස් නොකර ඉන්න කබීර්ට බැරි වුණා. නිදහස් කරාට කබීර් මේ හැමදේම මාධ්‍යට දුන්නේ ඉතුරු වෙලා ඉන්න අයගේ ජීවිත හරි බේරෙන්න ඕන නිසා. මේකෙන් එයාගේ වැඩත් තහනම් වුණා. ඉතින් ඔය අතරේ අවිනාෂ් ආවා ආභා සහ සියාව බලන්න. ඒ අතරේ කබීර් ආවනේ එහෙට. සිද්ධ…

බන්ධනාගාරේ සිදු කරපු මිනිමරුමෙන් පස්සේ අවිනාෂ්ගේ ගැටේ හින්දම එයාව නිදහස් නොකර ඉන්න කබීර්ට බැරි වුණා. නිදහස් කරාට කබීර් මේ හැමදේම මාධ්‍යට දුන්නේ ඉතුරු වෙලා ඉන්න අයගේ ජීවිත හරි බේරෙන්න ඕන නිසා. මේකෙන් එයාගේ වැඩත් තහනම් වුණා. ඉතින් ඔය අතරේ අවිනාෂ් ආවා ආභා සහ සියාව බලන්න. ඒ අතරේ කබීර් ආවනේ එහෙට. සිද්ධ වෙච්ච දේ මතක ඇතිනේ. ඔය අතරේ ෂර්ලි හිටියේ යකා නැගලා, කබීර් කියපු විදිහට වැඩේ කරාට ඇලන් තාමත් හිටියේ හිරගෙදර. ඇලන් කවදා නිදහස් වෙයිද දන්නෑ කියන ප්‍රශ්නේ ෂර්ලිගේ හිතේ තිබ්බා. ඔය අතරේ වික්ටර් ගියා සියාව හම්බෙන්න එයාගේ ඉස්කෝලෙට. වික්ටර්ගේ පාට නොකරපු පාරාදීසයේ චිත්‍රය සියාට දුන්නා පාට කරන්න. ඒ මොහොත නම් වික්ටර් ගොඩක් සංවේදී වුණා වගේ. ඒ වගේම කබීර්ගේ වැඩ තහනම් කරපු නිසා විමර්ශනය භාර වුණේ කෞල් මහතාට. මිනිහා මුලින්ම කළේ ආභාව ප්‍රශ්න කරන්න ගෙනාපු එක. ඒ ගෙන්නලා කරපු හරියත් බලපු අයට මතක ඇති. ඩොක්ටර් සිද්ධාර්ත් වැඩ ඉවර වෙලා එලියට බැස්සා විතරයි, ඉදිකිරීම් වැඩබිමේ ඉඳන් යන වික්ටර්ව හම්බවුණා මතකයිනේ. එතන යන කතාබහ අතරෙදි වික්ටර්ගේ ඔරලෝසුවේ එලාම් එක වදිනවත් එක්ක ඩොක්ටර්ට දෙයක් තේරුම් ගියා. ඒ තේරුම් යාම කොතනින්ද නැවතුනේ කියලත් බලපු අය දන්නවා. නොබලපු අය දැන්මම බලලා ඒ ටික දැනගන්න.

අරන් ඇවිල්ලා තියෙන්නේ හත්වෙනි කොටස. තව එක කොටසයි තියෙන්නේ. එතනින් මේක ඉවරයි. සිසිත එයි අන්තිම කොටස අරන්. මං සමුගන්නවා එහෙනම්. ජයවේවා.

 

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,140 downloadsDownload Breath-Into-the-Shadows-S02-E07-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,140 downloadsDownload Subtitles24 KB

7 comments

  1. Ravin Thilakarathna

    Thank you...

  2. අචින්ත

    ❤

  3. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Kushan

    Sub akta thanks

  5. Chandima

    Thank You Sub ekata..❤❤❤

  6. sahangayantha

    Thanks a lot saho sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P