බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. “චේන්සෝ මෑන්” 7වෙනි එපියටත් සබ් අරගෙන ආවා. ඉක්මනටම කතාවට එමු එහෙනම්. මකිමා විසින් ඩෙන්ජිට දීපූ අලුත්ම මෙහෙයුම තමා “ගන් ඩෙවිල්ව” මරලා දාන එක. ඒක ඩෙන්ජිට කරන්න පුලුවන් කියලා මකිමා සෑහෙන විශ්වාසෙන් ඉන්නේ. ඉතින් හෝටලේක ඉන්න ඩෙවිල් කෙනෙක්ව මරන්න පබ්ලික් සේෆ්ටි ඩෙ…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. “චේන්සෝ මෑන්” 7වෙනි එපියටත් සබ් අරගෙන ආවා. ඉක්මනටම කතාවට එමු එහෙනම්.
මකිමා විසින් ඩෙන්ජිට දීපූ අලුත්ම මෙහෙයුම තමා “ගන් ඩෙවිල්ව” මරලා දාන එක. ඒක ඩෙන්ජිට කරන්න පුලුවන් කියලා මකිමා සෑහෙන විශ්වාසෙන් ඉන්නේ. ඉතින් හෝටලේක ඉන්න ඩෙවිල් කෙනෙක්ව මරන්න පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්ස්ලා හය දෙනෙක්ව පිටත් කරනවා. ඒ තමා ඩෙන්ජී, අකී, පවර්, හිමෙනෝ, කොබෙනී සහ අරායී. මේ ඉන්නවා කියන ඩෙවිල්, ගන් ඩෙවිල්ගේ කෑල්ලක් කාපු එකෙක් කියලා තමා අනුමාන කරන්නේ.
කොහොමහරි මෙහෙයුමට ගිය මේ කණ්ඩායම මේ ඩෙවිල්ගේ බලය නිසා, වික්ෂිප්ත වෙන ආකාරයට මේ හෝටලේ අටවෙනි තට්ටුවේ හිර වෙනවා. ඒක නිකම් හෝටලේ අටවෙනි තට්ටුවේ අත්‍යත ලෝකයක් නිර්මාණය කරලා වගේ. ඉතින් මේ ඩෙවිල්, ඩෙන්ජිව මරලා දැම්මොත් අනිත් හැමෝටම යන්න දෙනවා කියලා ගිවිසුමකට එන්න හදනවා. පුදුමෙට කාරණේ කියන්නේ ඩෙන්ජිව නිකන් වහ කඳුරු වගේ අකී, ඒක කෙළින්ම ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති අකී, ඩෙන්ජී ගැන ගොඩක් පැහැදිලා ඉන්නේ කියලා. නමුත් කොබෙනී හා අරායී නම් ඩෙන්ජිව මරන්නම තමා හදන්නේ. මතකනේ කොබෙනිගේ පිහි පාරකුත් අකීට වැදුනා. ඉතින් මේ හැමෝම මුකුත් කර කියාගන්න නැතිව අසරණ වෙලා ඉන්නකොට ඩෙන්ජී මේ අපාය ඉවරයක් කරලා දාන්න ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ නිකම්ම නෙමේ, හොඳ සටනකුත් දීමේ බලාපොරොත්තුවෙන්.
ඉතින් අද කොටසින් මේ සටන කොහොමද වෙන්නේ කියලා අපිට බලාගන්න පුලුවන්. ඉතින් කට්ටියටම ආපහු නිරුපද්‍රිතව එන්න පුලුවන් වෙයිද? හිමෙනෝ පොරොන්දු උනු අර “ෆ්‍රෙන්ච් කිස්” එක ඩෙන්ජිට ගන්න පුලුවන් වෙයිද? 😂 උත්තර අද කොටසින්.
අද කතාවේ නම – Taste of a Kiss
Imdb අගය – 8.8
Directed by – Masato Nakazono
Storyboarded by – Masato Nakazono
Ending Theme Song – All Kinds of Kisses
ගායනය – Ano
විකාශය වූ දිනය – 2022 නොවැම්බර් 22
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.
4,959 downloadsDownload Chainsaw-Man-S01-E07-Bluray-Updated.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
8 comments
Daneesha Kavinda
Dasu
Sub eke kolitiya rakagena speedma sub eka denne wena kawda ithn pavith misak...hamadama wage gindara..
Anonymous
Me idx dena eknm maara awlk
Malidu
Ithuri tkath ikmanata ona. good luck
Nimal perera
Episode 08 eke sinhla sub kadatada denna puluwan wenne? Ane eka kiyannako.
Nimal perera
Kawadatada denna puluwan wenne episode 08 ta?
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks brother sub ekt...puluwn nm Bleach anime series ekatat sub krnna ko