Watch Trailer

මාස්ටර්’ස් සන් [S01 : E04] Sinhala Subtitles | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ ය…

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.

මෙන්න උදේ අවදි වෙද්දි ගොන්ග් ෂිල් ජොන්ග් වොන් ගෙ ගෙදර. මොකද වුනේ කලින් දවසෙ රෑ. ගොන්ග් ෂිල් එනව ජොන්ග් වොන් ගෙ පරණ පෙම්වතිය චා හී ජූ ගෙ පනිවිඩයක් අරගෙන. ඔන්න දැන් නම් ජොන්ග් වොන් ගොන්ග් ෂිල්ව ටිකක් විශ්වාස කරනව. මේ අතර මේ දෙන්නගෙ සම්බන්ධය හැමදෙනාම හිතා ඉන්නේ ආදර සම්බන්ධයක් කියලයි. එලෙසම වටහා ගන්නා ජොන්ග් වොන් ගෙ මාමා ඔහු ගැන ඔත්තු බලන්න ඔහුගේම සේවකයකු යොදවනව. ලස්සන වෙන්නම ආස කරන හොල්මනක් ගොන්ග් ෂිල් ගෙ යෙහෙළිය වසඟයට ගන්නව. ඒක තමයි අද ඇය විසඳන ගැටඵව. ආ… මෙන්න කැන්ග් වූ කියනව ටායි ගොන්ග් ෂිල් ට කැමතියි කියල.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,584 downloadsDownload MS-E04.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,584 downloadsDownload Subtitles34 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!