‘අනේ පෙරකදෝරු මහත්තයෝ ඔබතුමාවත් මේ නඩුව භාරගන්නවද..? මේ නඩුව කතා කරන්න පෙරකදෝරුවො තුන්දෙනෙක්ම බෑ කිව්වා.! මට ඔය නඩු ෆයිල් එක බලන්න දෙනවද..? – ආ මෙන්න. එතකොට මේ ඉන්නේ..? – මේ ඉන්න කොල්ලා තමයි වෙඩි තිබ්බේ..! මගේ ඉස්සරහම. මේ කොල්ලද…? එහෙනම් මම අනිවාර්යෙන්ම මේ නඩුව භාරගන්නවා. ඔයාලා ෆයිල් එක තියලා යන්න.…

‘අනේ පෙරකදෝරු මහත්තයෝ ඔබතුමාවත් මේ නඩුව භාරගන්නවද..? මේ නඩුව කතා කරන්න පෙරකදෝරුවො තුන්දෙනෙක්ම බෑ කිව්වා.!
මට ඔය නඩු ෆයිල් එක බලන්න දෙනවද..?
– ආ මෙන්න.
එතකොට මේ ඉන්නේ..?
– මේ ඉන්න කොල්ලා තමයි වෙඩි තිබ්බේ..! මගේ ඉස්සරහම.
මේ කොල්ලද…?
එහෙනම් මම අනිවාර්යෙන්ම මේ නඩුව භාරගන්නවා.
ඔයාලා ෆයිල් එක තියලා යන්න.මම කියවලා බලන්නම්..!
පෙරකදෝරු මහත්තයෝ..?
ඔබතුමා මේක කතා කරන්න පස්සේ බෑ කියන්නේ එහෙම නෑ නේද..?
මම ගැන වද වෙන්න එපා.!
නඩුව කතා කරන් යද්දි ඔයාලා වෙනස් වෙලා පස්සට යන්නේ නෑ නේද..?
තවත් ඉන්දියානු ටෙලිනාට්‍යයක් නැත්තන් අපි දන්න භාෂාවෙන් කිව්වොත් වෙබ් සීරිස් එකක්.! ඉතින් බයිස්කෝප් එකත් එක්ක අත්වැල් බැඳන් ඉන්න ඔබ සියලු දෙනා අනිවාර්යෙන් මේ වෙද්දි බලලා ඇති Inside Edge, Breathe, GHOUL, Sacred Games, ඉතින් මේ කතා බලපු ඔබට ඉන්දියානු වෙබ් සීරිස් වල තියෙන ඒ ආකර්ෂණියභාවය, රසවින්ඳනය වගේ දේවල් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. සාමාන්‍යයෙන් අපි එදිනෙදා රූපවාහීනී නාලිකා වලින් බලනා ඉන්දීය මෙගා නට්‍යයන් සහ චිත්‍රපට බහුතරයක පෙන්නන්නේ ඇත්තම ඉන්දීයාව නෙවෙයි..! කිව්වොත් සමහර අය පුදුමත් වේවි. මොකද මේවගේ උඩපාවෙන කේස් නෑ, මල්වතු වල මල් ගස් වටේ දුවන සීන් නෑ, නිතරම වීරයා තමයි හොඳම වැඩ්ඩා කියන සීන් නෑ, විශේෂයෙන්ම මෙන්න මේ වගේ නිර්මාණ වල 100% ක්ම යතාර්ථය පෙන්නන ආකාරයක් දැක ගන්න පුලුවන්. තව දෙයක් තමයි මේවා හරිම කෙටියි. ඉතින් හැමදාම තාත්වික නැති ඒවම බලලා මෙන්න මේ වගේ හොඳ සැබෑ ලොකේ ගැන ඉඳුරාම කියන නිර්මාණත් අපි බලලා යතාර්ථය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන කියන එකයි මගෙ නම් අදහස.
කතාව මොකක්ද කියලා බලන්න යන්න කලින් මෙන්න මේ ටිකත් දැනගමු INSIDE EDGE කතාව නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කල Karan Anshuman කියන අධ්‍යක්ෂක තුමාගෙම වැඩක් තමයි මේකත්..! ඒ වගේම කට්ටිය දන්නවා ඇති ඇමසන් ප්‍රයිම් වීඩියෝ ආයතනය ගැන. ඒ දෙවෙනි වෙන්නේ දන්න විදියට නම් Netflix එකට විතරයි වෙන්න ඕන. Mirzapur කියන්නේ 2018 නොවැම්බර් 18 වෙනිදා විකාශණය පටන්ගත්ත ඇමසන් ප්‍රයිම් ආයතනයේ තුන්වැනි ඉන්දීය වෙබ් කතා මාලාව. මේ කතාව Imdb හි අගය 8.7/10 ම අරගන්නත් සමත්වෙලා තියෙනවා. ඔය විස්තර ටික ඇති කතාව බලන්න හිතන කෙනෙක්ට මේක බලනවද නැද්ද කියලා තෝරගන්න.!!
අවනීතීය රජකරනා නීතීය නැති නඟරයක්..!
නීතී විරෝධි මත්ද්‍රව්‍ය,නීතී විරෝධි ආයුධ වෙළදාම් කරන ජාවාරම් කරුවෙක්..!
සාධාරණ නීතීඥයෙකුගේ පවුලක්..!
කාලීන් භයියා කියන්නේ මිර්සාපූර් හි රජු කියලා නම හදා ගත්ත මැරවරයෙක්. එතකොට මුන්නා භයියා ඒ කාලීන් භයියගේ පුතා. තාත්තා අරම නම් මේ පුතාත් එහෙම තමයි කිසිම වෙනසක් නෑ, එතකොට ගුඩ්ඩු යි බබ්ලුයි කියන්නේ නීතීඥ රාමකාන්ත් පන්ඩිත්ගේ පුතාලා දෙන්නා. මුන්නා භයියා දවසක් රෑක වෙරිමතින් ගමනක් යනකොට පාරේ මඟුල් පෙරහැරක් යනවා දකිනවා. ඉතින් වෙරිමතින් ඉන්න මෙයාගේ අනිත් මැරයනුයි ඒ පෙරහැර මැද්දට පැනලා නටන්න ගන්නවා. ඒ නටන අතරෙදි මුන්නා භයියා අහසට එයාගේ පිස්තෝලෙන් වෙඩිත් තියනවා. කොහොමින් හරි ඒ තිබ්බ වෙඩිල්ලක් වදින්නේ ඒ වෙලාවේ කොහෙත්ම වෙඩි වදින්න හොඳම නැති කෙනෙක්ට… කාටවත් නෙවෙයි මඟුල් පෙරහැරේ අශ්වයාගේ පිටේ ආපු මනමාලයට..!
කොච්චර අසාධාරණද නේද..? මේක තමයි කතාවේ පටන් ගැන්ම. ඉතින් මුන්නා භයියා නායක කම ගන්න හදන කොලෙජ් එකේමයි ගුඩ්ඩුයි බබ්ලුයි යන්නෙත්. දවසක් ගුඩ්ඩුගෙයි බබ්ලුගෙයි තාත්තට උසාවියේ කතාකරන්න නඩුවක් භාරදෙන්න වයසක පිරිමි දෙන්නෙක් එනවා. ඒ නඩුව වෙන මොකක්වත් නෙවෙයි, අර සිද්දිය වුන නඩුව..!
ඊට පස්සේ මොකද වුණේ කියලා දැනගන්න ඕනෙද? Inside Edge, Breathe, Sacred Games සහ Ghoul යන අන්තර්ජාතික මට්ටමේ ඉන්දියානු කතා මාලාවලින් පසුව, ඔබ වෙතට තිලිණ කෙරෙන නවතම පෙරළිකාර ඉන්දියානු කතා මාලාව… ලොකු ලොකු නළුවෝ නම් නැහැ. හැබැයි බොහොම ලොකු විදියට හිතපුරා රසවින්දනයක් ලබාදෙන්න හැකියාව ලැබිච්ච කතා මාලාවක්. තාමත් පොඩි හරි සැකයක් තියෙනවද? නිකමට ගිහිං බලන්න 5000+ මනාප සංඛාවකින් 8.7ක් වෙනකම් කරකැවිච්ච මේ කතා මාලාවේ IMDb පිටුවට. කියවලා බලන්න බලපු අය ලියලා තියෙන දේවල්. හොඳයි කියලා හිතෙනවා නම්, බලන්න වටිනවා කියලා හිතෙනවා නම් විතරක් බලන්න. ඉන්දියානු සිනමා කේෂේත්‍රයේ තවත් පෙරළිකාර සිනමා අත්දැකීමක් නැරඹීමට ඔබට වරම් ලැබේවි. ඊළඟට මොනවා වේවිද කියලා මැරෙන්න තරම් කුතුහලයක් ලබන්න කැමතිද? හුස්ම අල්ලගෙන බලන්න කතාවක් හොය හොයද හිටියේ? එහෙනම්, ඇවිත් ඉන්නේ හරිම තැනට. දෙපාරක් හිතන්නේ නැතුව ඩවුන්ලෝඩ් බටන් එක කලික් කරලා අරගෙන බලන්න. දෙවැනි කොටස බලනකම් කුතුහලයෙන් ඔබ නැවත නැවත මැරි මැරී ඉපදේවි.
එහෙනම්, දෙවැනි කොටසට ඇඟිලි ගණින්න පටන්ගන්න. ඊළඟ කොටස තවත් රසවත් වෙනවා. ඊලඟ කොටස අප අඩවියේම තවත් සොයුරෙක් ඉක්මණින්ම ඔබවෙත රැගෙන ඒවි. ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි…!!

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
11,770 downloadsDownload MP-S01-E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
2 comments
Anonymous
Sahan Gayantha
thanks a lot Tharindu sah sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thnx for sub ...❤️