Watch Trailer

The Walking Dead [S09 : 08] Sinhala Subtitles | ජීසස්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවේවා මිත්‍රවරුණි..! අද නම් සබ් එක් කලින් ආපු නිසා හවස 5 ටත් කලින් වැඩේ ගොඩ දාගන්න හැකි වුණා. ඉතිං ඔන්න නොදැනීම කාලය ගතවෙලා ගිහින් වෝකින් ඩෙඩ් තුළින් මේ වසරට අපි හමුවෙන අවසාන අවස්ථාවත් ඇවිල්ල. මිඩ් සීසන් ෆයිනල් එපිසෝඩ් එක එක්ක අද සමුගත්තට පස්සෙ වෝකින් ඩෙඩ් තුළින් ආයෙත් අපි හමුවෙන්නෙ 2019 නව වර්…

ආයුබෝවේවා මිත්‍රවරුණි..!

අද නම් සබ් එක් කලින් ආපු නිසා හවස 5 ටත් කලින් වැඩේ ගොඩ දාගන්න හැකි වුණා. ඉතිං ඔන්න නොදැනීම කාලය ගතවෙලා ගිහින් වෝකින් ඩෙඩ් තුළින් මේ වසරට අපි හමුවෙන අවසාන අවස්ථාවත් ඇවිල්ල. මිඩ් සීසන් ෆයිනල් එපිසෝඩ් එක එක්ක අද සමුගත්තට පස්සෙ වෝකින් ඩෙඩ් තුළින් ආයෙත් අපි හමුවෙන්නෙ 2019 නව වර්ෂයේදි. හරියටම කිව්වොත් 2019 පෙබරවාරි 10. මෙතෙක් කතාංගයන් සියල්ලක්ම මම මගේ උපරිම ශක්තියෙන්, නිවැරදිව දෙන්න උත්සාහ කළා. වරදක් හෝ අපහසුතාවයක් වුණා නම් හැමෝගෙන්ම ඒ ගැන සමාව අයැද සිටිනවා. ඒ වගේම තමයි පසුගිය කතාංගයේ අවසානෙ පෙන්නපු “Sneak peek” එක බලන්න ඇති කියල හිතනව. “Sneak peek” කියන එක සිංහලෙන් කියන්න ගිහින් හසාගෙන් අහගත්ත වචන ටිකක්.  කොහොම හරි ඔන්න ඒක බැලුවනම් අද කොටස මොන තරම් ත්‍රාසය පිරුණු එකක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. එහෙනම් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අද ගැන කතා කරමු.

පසුගිය කොටසින්…

ඉතිං රොසීටා සහ ඉයුජින් මඩ ගාගෙන කොහොමහරි ගැලවිලා ධාන්‍ය ගබඩාවකට ඇවිල්ල තියෙනව. ඉයුජින්ගෙ කකුල කැඩිල නිසා වෙන්න ඇති රොසිටා ඔහුව එතන දාල හිල්ටොප් දිහාවට එනකොට මගදි සිහි නැතුව ඇදගෙන වැටෙනව. මේ අතරෙ කැරොල් ගියානෙ ඩැරල් හොයාගෙන. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි, ලෝකුරු කරුවෙක් වෙන්න හිතාගෙන හිල්ටොප් වලට යන හෙන්රි බලාගන්න පුළුවන් ද කියල ඩැරල්ගෙන් අහන්න. කොහොමහරි රෑ මළවුන් එක්ක වුණු පලහිලව්ව නිසා ඩැරල් කැමති වෙනව හිල්ටොප් වලට යන්න. රෑ වුණු සිදුවීමත් කැරොල් හොරාට බලාගෙන හිටියත් ඒ බවක් ඩැරල්ටවත්, හෙන්රිටවත් ඇඟෙව්වෙ නෑ. මේ සිදුවීම එහෙම විසඳෙන අතරෙ මිශෝන්, සිඩ්ඩික් එක්ක එනව මැග්නා ඇතුළු පිරිස හිල්ටොප් වලට එක්කගෙන එන්න. එන අතරමගදි මැග්නලගෙ අටල්ලට මළවුන් පහර දීල, ඔවුන්ගෙ පිරිසක් මැරිල. අටල්ලත් විනාශ වෙලා, රෑ ආරක්ෂිතව ඉඳල උදේ එන්න හදනකොට ඔවුන්ට මළවුන්ගේ ප්‍රහාරයක් එල්ල වෙනව. මිශෝන් දැනගන්නව ඒ අටල්ලට පහර දුන්නු රැලම තමයි කියල. ඒකට හේතුව මැග්නගෙ පිරිසෙ කෙනෙකුත් ඇවිදින්නෙක් වෙලා රැල එක්ක ඔවුන්ට පහර දෙන නිසා. කොහොමහරි පිරිස එතනින් බේරිලා හිල්ටොප් වලට එන්න පිටත් වෙනව.

කට්ටිය දන්නවනෙ හිල්ටොප් මේ වෙනකොට බලාගන්නෙ මැගී නෙවෙයි ජීසස්. ජීසස් කිව්වම තමයි මතක් වුණේ, ජීසස්, ඇරොන් එක්ක කතා කරකර ඉන්න අතරෙ වෙඩි හඬක් ඇහෙනුණනෙ. ගිහිල්ල බැලුවම ඒ ඉන්නෙ රොසිටා. ඇය ඉන්නෙ බාගෙට අසිහියෙන්. රොසීටා කියනව එයා ඉයුජින්ව ධාන්‍ය ගබඩාවක දාල ආව කියල. හැබැයි අඳුර වැටීම සහ ඒ වටපිටාවේ ගොඩක් මළවුන් ගැවසෙනව දකින නිසා ඇරොන් සහ ජීසස් තීරණයක් ගන්නව උදේ වෙනකං ඉයුජින් හොයන්න යන්න බෑ කියල. කොහොමහරි මේ දෙන්න රොසිටා හිල්ටොප් වලට එක්කගෙන එනව. හිල්ටොප් වලින් පණිවුඩයක් යවනව ඇලෙක්සැන්ඩ්‍රියාවට රොසීටා ගැන කියල. නමුත් මගදි මිශෝන් හමුවුණු නිසා, ඇලෙක්සැන්ඩ්‍රියාවේ මිශෝන් හිල්ටොප් වලට එනව කියන පණිවුඩය ආපු දූතයන් අතේ පිටත් කරල හරිනව. ඔන්න ඔය විදියට දැන් මිශෝන්, කැරොල්, ඩැරල්, රොසිටා, ටාරා, ඇරොන් සහ ජීසස් ඔක්කොම පිරිස දැන් හිල්ටොප් වල තමයි ඉන්නෙ. මේ අයගෙන් ඩැරල්, ජීසස් සහ ඇරොන් තව පිරිසක් එක්ක යනව ඉයුජින්ව හොයන්න. ඔන්න ඔහොම තමා එදා කතාව ඉවර වුණේ.

අද කොටසින්…

ඉතිං පරණ ගජ මිතුරන් ඔක්කොම ඔන්න මේ වෙද්දි හිල්ටොප් වලට ඇවිල්ල ඉන්නෙ. ගිය සතියෙ අවසානයේ ජීසස්, ඇරොන් සහ ඩැරල් යනවනෙ ඉයුජින් හොයාගෙන. ඉතිං මිශෝන් හිල්ටොප් වලට එනකොට ඉන්නෙ කැරොල් විතරයි. කොහොමහරි හිල්ටොප් ටාරාට බාර දීල ගියපු නිසා ටාරා කියනව ජීසස් ආවම අලුත් පිරිස තියගන්න එක ගැන කතා කරන්නම් කියල. මේ අතරෙ හෙන්රි අලුත් යාළුවො ටිකකට සෙට් වෙලා ලොකු අවුලක් ඇති කර ගන්නව. මිශෝන්, සිඩ්ඩික් එක්ක රොසීටා ලඟට වෙලා ඉන්නකොට රොසිටා සිහි ඇවිල්ල කියනව එළියට ගියපු අය ඉන්නෙ සෑහෙන ලොකු අනතුරක කියල. මේ වෙනකොට ඩැරල් ඇතුළු පිරිස ඉයුජින් හොයාගෙන එන අතරෙ මළවුන් එයාල පස්සෙන් දිගටන පන්නගෙන එනව. ඉයුජින් සාධාරණ හේතු එක්ක ඔප්පු කරනව මළවුන් පරිණාමය වෙලා කියල. ඒත් ඩැරල් ඒක පිළිගන්නෙ නෑ. එයා ඇරොන් සහ ජීසස් දෙන්නට ඉයුජින් ගෙනියන්න කියල මළවුන් නොමඟ හරින්න තමයි හදන්නෙ. ඒත් ඉයුජින් කියපු දේ ඔප්පු කරල මළවුන් ඩැරල් දිහා බලන්නෙ නැතුව ජීසස්ලගෙ පස්සෙන්ම යනව මෙහෙම යනකොට ජීසස්, ඇරොන්, ඉයුජින් තුන් දෙනා ගෙවත්තක හිර වෙනව. කුණාටුවක් ඇවිත් නිසා සැර මීදුමේ කිසි දෙයක් පෙන්නෙත් නෑ. කොහොමහරි මෙහෙම හිර වෙලා ඉන්න අතරෙ මිශෝන් එනව සහයට. ඊට අමතරව තව පිරිසකගෙ සහය ලැබෙනව. ඒ කවුද කියල ඔයාලම බලන්න. මළවුන් පරිණාමය වෙලද, නැත්තං ඇත්තටම මොකද්ද මේ වෙන්නෙ කියන එක අද ඔයාලට බලාගන්න හැකියාව ලැබෙනව. මම දන්නෙ නෑ මෙහෙම ගිහින් අපි දන්න, ආදරේ කරන චරිත කීයක් අවසානෙ ඉතුරු වේවිද කියල. අදත් අපි ආදරේ කරන කෙනෙක් සමුගන්නව. ආයෙ කවදාවත් ඔහුව අපිට දකින්න නොලැබේවි. රික් මැරුණෙ නැතුවට සතුටු වුණාට අද අවසාන මිනිත්තු කීපය හුස්ම හිර කරන්න සමත් වෙනව. ඒ ආදරණීය චරිතයකට සුබ ගමන් කියන්න වෙන නිසා.

එහෙනම් 2019 පෙබරවාරි 10 නැවත වෝකින් ඩෙඩ් තුළින් හමු වෙමු. ඒ අතරතුර මම නැවත හමුවෙන්නෙ සුපර්ගර්ල් තුළින්. සුපර්ගර්ල් අරගෙන එනකල්, හැමෝටම ජය වේවා..!

 

 

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා පමණක් වලංගු වේ.

11,527 downloadsDownload The.Walking.Dead_.S09.E08.Baiscopelk.com_.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

11,527 downloadsDownload Subtitles24 KB

67 comments

  1. oshadha

    Tnx , El

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා...!!

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...මේ වෙනකම් ලස්සනට උපසිරස ටික කරලා දුන්නට බොහොම ස්තූති සහෝ. මාස දෙකක් මේක නොබලා ඉන්න එක තමා අවුල. පෙබරවාරි වෙනකම් බලාගෙන ඉන්නම වෙනවා..බුදුසරණයි..ජය වේවා!!!

  6. pathum90

    thankz macho sub ekata....

  7. Ayesh Prashan

    Thank You

  8. විමා

    සබට තුති මචන් දැන් නම් මු මටත් කලින් සබ් එක දෙනවා
    කතාවත් සුපිරි වේගෙන එනවා ආයේ
    ඒත් මෙච්චර ඉක්මනට ජීසස්ව :/

    1. උදයංග සම්පත් හතරසිංහ

      හහා.. හිටිං තව අවුරුද්දක් යන්න කලින් මම උඹව අල්ලනව.. :p
      සිරාවටම ජීසස්ට කරපු ඒ වැඩේ නම් සෑහෙන අවුල්.. රික් ඇත්තෙන් නෑ.. කවුද බං කතාව අරගෙන යන්නෙ මෙහෙම ගිහින්.. :|

    2. Bandarata

      Aiye e 3,5 pannane nane..file not found kiyala enawa

    3. උදයංග සම්පත් හතරසිංහ

      එහෙම අවුලක් දැන්නම් නෑ මලයා.. දැන් බාන්න පුළුවන්..

  9. Shanuka Madushan

    උබ නම් දෙය්යෙක් නෙමෙයි ටයිප් රයිටර් එකක්... අඩෝ සිරාවටම තැන්කූයි ... :)

  10. Naveendra_rox

    Thanks

  11. kalana

    Thanks...

  12. ruwan071

    thank you bro

  13. akram

    jeesus wa ehema marala ahu wen na hodhe :D

    thnx sub ekta mchn

  14. Nuwandika Dil

    Ammmoh elah

  15. Nuwandika Dil

    Feb wala patan ganne rick mamagen. Ehwmawath hithamu.

  16. wajira

    thanks for sub bro

  17. ushan

    seal team tv series ekata sub dennako puluwannam plz....

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Dilshan Madhushanka

      Episode 9 ta sub nedda

  19. kdelshan

    thanks saho

  20. dil_shan

    sub ekata tnz.. digatama me wage one.. elamah

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. navindu kavisha

    Heart attack hadenw dannm walking dead wltath baya hithenw ammoooh

    1. onlytharindu

      sirawatama bn..

  23. ලනා

    බොහෝම ස්තූතියි❤️

  24. Shan Kenway

    thnq bro sub ekta

  25. Clarancesampath

    Superb bro..thanx a lot.

  26. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  27. suranuwan

    thanks...

  28. onlytharindu

    ammo thanks mchn.

  29. Viraj

    sub ekata thanks saho..

  30. Kulanjana Maduranga

    subata thanks

  31. Lasa_Sadaru

    Thanks bro....

  32. Shehan putha

    thanks bro...jaya wewa !

  33. Dvk

    thanks bro..

  34. suranuwan

    thanks bro.....

  35. dulitha hashan

    Thankz aa sub ekata... digatama karamu..
    Jaya weewaaa..

  36. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  37. Dilshan Madhushanka

    9 epi ye sub nedda

    1. උදයංග සම්පත් හතරසිංහ

      කොයි ලෝකෙද බොල ජීවත් වෙන්නෙ. :D 9 එපිය ආපහු එන්නෙ 2019 පෙබරවාරි 10. එතකං ඉතිං දෙන්න විදියක් නෑ.. :D

    2. zombi_e

      2019/05/04 ada????

    3. iroshadilan

      Mcn 9 idan dapan

  38. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  39. SKmalli

    Ado pattama

  40. Nadeesha rox alahakoon

    Tnx bro dubata. Me wage hama copy yakatama galapenna sub aka denna balanna ilaga kotas tikatath.dn walking dead supiriyak wenna wage yanne.ilaga kotasa anakan innath ba wage dn

  41. Nipunawd

    සුපිරි thanks sub එකට

  42. myhome

    thank all

  43. kasun@rko

    Sub walata thanks machn

  44. SihanSithara

    thnakz brooo

  45. Lucky rider

    Thanx bro

  46. Shanuka Madushan

    මචන් 9 වෙනි එපිසෝඩ් එක release කරලා තියෙන්නේ 4 වෙනිදා 10 release කරනවා කියුවට . එදා ඉදන්ම torrent site වලටත් upload කරලා . AMC එකෙන්ම තමා මේ එපිය internet එකට දාලා තියෙන්නේ . මමත් download කළා කිසි අවුලක් නෑ .
    පුළුවන් නම් සබ් එක දියන්කෝ .

  47. Dasunnirmal

    මචන් episode 9 sub eka dahankooo

  48. VINODRANGANA123

    Aneeee machooo episode 9 එකේ sub එක ඕනේ thanks

  49. VINODRANGANA123

    Sub එක ඕනේ episode 9 එකේ

  50. Madusara

    සබ් එක දෙන්න කවුරුත් නැද්ද බන්....

Load more comments