ඔන්න එහෙනම් එක හැල්මේ අවනීතිය රජ කරන නගරයක, 6වෙනි කොටසත් අරගෙන තමයි මම මේ පැත්තට ගොඩ වුනේ. මැරකම් වලින් අඩුවක් නැතිව ගලාගෙන යන මිර්සාපූර් නගරය මේ වන විට පාලනය කරන්නේ “කාලීන් භයියා”. එතකොට “මුන්නා” තමයි කාලීන් භයියාගේ පුතා. ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවා වගේ තාත්තා වගේමයි පුතත් කියලා මේ වෙනකොට ඔයාලට…

ඔන්න එහෙනම් එක හැල්මේ අවනීතිය රජ කරන නගරයක, 6වෙනි කොටසත් අරගෙන තමයි මම මේ පැත්තට ගොඩ වුනේ. මැරකම් වලින් අඩුවක් නැතිව ගලාගෙන යන මිර්සාපූර් නගරය මේ වන විට පාලනය කරන්නේ “කාලීන් භයියා”. එතකොට “මුන්නා” තමයි කාලීන් භයියාගේ පුතා. ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවා වගේ තාත්තා වගේමයි පුතත් කියලා මේ වෙනකොට ඔයාලටත් තේරෙනවා ඇති.

මෙවර කොටස නම් වෙන්නේ “සාම ගිවිසුම” නමින්. එසේ කියන්න හේතු ගොඩක් අද කතාව ඇතුලේ තියෙනවා. මම ඒ ගැන කියලා ඔයාලගේ කුතුහලය නැති නොකරන්න පොරොන්දු වෙන්නම්.

IMDb දර්ශකයේ 8.7ක අගයකට කැරකුන කතාවක් තවම බලන්න බැරි වුන අයටයි කියන්නේ, අනේ මේක “හින්දි ජරාවක්නේ්” කියලා අත ඇරලා දාන්නේ නැතිව අදම අරගෙන බලන්න කියලා, මොකද හින්දි ටෙලි කතාවකින් අපරාධ ඝනයට වැටෙන සීමිත කතා මාලා අතරින් උඩින් පාවෙන, සුරංගනා කතා නැති සැබෑ තාත්වික චරිත මුන ගැහෙන ටෙලි කතාවක් මඟහැරුනොත් අපරාදේ වෙන නිසයි.

නැවතත් කතාව පැත්තට හැරුනොත්….. මිස්ටර් මෞර්ය කියන්නේ මධ්‍යම රජයේ විශේෂ රාජකාරි පොලිස් නිළධාරියෙක්. නිකමට වගේ ඔහුත් මේ අවනීතිය රජයන මිර්සාපූර් වලට විශේෂ පත්වීමක් ලැබුනොත් කොහොමට තියෙයිද? අද වෙන්න යන සාම ගිවිසුමට මොනවගේ බලපෑමක් ඉන්ස්පෙක්ටර් මෞර්ය සිදුකරයිද? ඇත්තටම රති ශංකර් ශුක්ලාට, කාලීන් භයියා එක්ක සාම ගිවිසුමක් ගහන්න පුලුවන් වෙයිද? ප්‍රශ්න නම් එමටයි.

මුන්නා හා ගුඩ්ඩු ගැටුමේ කෙලවර තවමත් පෙනෙන තෙක් මානයකටවත් පැමින නැති වෙලාවක, මුන්නා සුපුරුදු පරිදි මොනවගේ පිස්සුවක් නටාවිද? ඒ අස්සේ ගුඩ්ඩු හා ස්වීටිගේ ආදර කතාවේ රස මුසු තැන් බලන්නත් අද ඔයාලට පුලුවන් වේවි. අනිත් පැත්තෙන් හොරාට ප්‍රේම කරන, ගෝලු-බබ්ලු ආදර කතාවත් දලුලන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. අපි බලමුකෝ අද කතාව කොහොමට යාවිද කියලා, අද මුන්නාගේ ජීවිතය වෙනස් කරන දවසක් කීවොත් මා නිවැරදියි.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා, චොකල්ට් කන්න කැමතිද කට්ටිය? අද ඩාර්ක් චොකලට් කන්න පුලුවන් එහෙනම් හැමෝටම. ඒ මොන හරුපයක්ද ඒ කියලා ඔයාලම හොයාබලන්න කියලා කියන ගමන්, ගිහින් එන්නම්, මතක ඇතිව ඔබගේ පරිගණකයේ, ජංගම දුරකථනයේ හඬ පිලිබඳව සැලකිලිමත් වෙන්න. මීලඟ කොටසින් හමුවනතුරු ජය…!!! ✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

7,156 downloadsDownload MP-S01-E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

7,156 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Anonymous

    Thnx for sub ...❤️

  2. Anonymous

    Thanks

  3. Sahan Gayantha

    thanks a lot Gamage saho sub ekata