Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S02 : E04] Sinhala Subtitles | මරණයේ සුරදූතිය! [සිංහල උපසිරැසි සමග]

ඉතින් අද අරන් එන්නේ රොබින්හුඩ් දෙවනි කතා සමයේ, හතරවැනි කොටසයි. මේ උපසිරැසියේ ලයින් වල තත්පර ගණන් එහාමෙහා වීම් නම් ඇති. ඒත් ඉංග්‍රීසි උපසිරැසියක් විදියට මට හම්බවුනේ මේක විතරයි. පොඩ්ඩක් එහාමෙහා වුනාට බලන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉතින් අපි බලමුකෝ, මේ සැරේ කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. පසුගිය කො…

ඉතින් අද අරන් එන්නේ රොබින්හුඩ් දෙවනි කතා සමයේ, හතරවැනි කොටසයි. මේ උපසිරැසියේ ලයින් වල තත්පර ගණන් එහාමෙහා වීම් නම් ඇති. ඒත් ඉංග්‍රීසි උපසිරැසියක් විදියට මට හම්බවුනේ මේක විතරයි. පොඩ්ඩක් එහාමෙහා වුනාට බලන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉතින් අපි බලමුකෝ, මේ සැරේ කොටසෙදි මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.

පසුගිය කොටසින්…

කළු නයිට් හමුදාවට අළුත් යුධ ඇඳුමක් හදවන ෂෙරිෆ්, ගිස්බන්ටයි ඒක පරීක්ෂා කරන්න දෙන්නේ. මේ පරීක්ෂණය කැලේ මැද්දේ රහසිගතව කරනකොට, ළමයි කණ්ඩායමක් ඒක දකිනවා. ගිස්බන් මේ ළමයි ටික අල්ලගනිද්දි, පැනලා යන එක ළමයෙක් – ඩැනියල්, රොබින්හුඩ් කණ්ඩායමේ උදව් ඇතිව තමන්ගේ යාළුවන්ව බේරගන්නවා. රොබින් අර ඇඳුම හදන්න අවශ්‍ය කළු දියමන්ති හොරකම් කරගන්න අතරේ,  ඩැනියල්ව ගිස්බන්ට අහුවෙනවා. රොබින්, මැරියන්ගේ උදව් ඇතිව, මේ ළමයා බේරගන්න සැලසුමක් හැදුවත්, ගිස්බන්ට ඇලනඩේල් ඔක්කොම කියන නිසා ඒක වරදිනවා. අවසානයේ කළු දියමන්ති වෙනුවට ඩැනියල්ව හුවමාරු කරන්න ගිහින්, රොබින් ගිස්බන්ව නොමරා මරලා, කළු දියමන්ති ටික විනාස කරන විදියයි ගිය සැරේ ඔයාලා දැක්කේ.

මෙවර කොටසින්…

විල් ස්කාලට්ගේ තාත්තයි, මල්ලියි දෙන්නා ගමෙන් පැනලා ගිහින්, එයාලගේ නැන්දා ඉන්න ස්කාබරෝවලට ගිය බව ඔයාලට මතක ඇතිනේ. ඉතින් මේ කොටසෙදි එයාලා ආපහු එනවා, විල්ව එයාලගේ දිහාවට එක්ක යන්න. විල් ඒකට කැමති නොවෙන නිසා, රොබින් එයාලට කියනවා, මුලින් තමන් මෙහෙ කරන වැඩ මොනවද කියලා බලලා යන්න කියලා. ඉතින් කට්ටිය මේකට නොටින්හැම් ගිය වෙලාවෙදි සිද්ධ වෙන්නේ නොහිතූ දෙයක්. ඒ වගේම රාත්‍රී රැකවලා වගේ වෙස්වලා ගත්ත වෙන කෙනෙක්, පාරවල් දිගේ කෑම බෙදබෙදා යනවා. මේ කෙනා ෂෙරිෆ්ගේ මාලිගාවට අළුතින් ආපු කෙනෙක්. ඉතින් එහෙන් ආව කෙනෙක්, කීයටවත් මිනිස්සුන්ට හොඳක් නම් කරන්නේ නෑනේ. ඔයාලම බලන්න, ඒ සිද්ධවෙන අළුත් සෙල්ලම මොකක්ද කියලා. මම ඊළඟ කොටසින් ආයෙත් හමුවෙන්නම්. එතකම් ඔබට සුබ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,676 downloadsDownload BBC.Robin_.Hood_.S02.E04.Baiscopelk.com_.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

2,676 downloadsDownload Subtitles20 KB

14 comments

  1. Thilina Jayarathna

    thx bn ah

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Chanaka

    Thanx saho

  4. geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ

  5. ravidu ishan

    tnx mchn sub ekata ..!!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Kulanjana Maduranga

    subata thanks

  8. Ayesh Prashan

    Thank You

  9. zeal

    Atthatama 108 Download karala Comment 10 wath na.. nawatthanna epa mcn..
    digatama denna.. api innawa ubath 1ka..

  10. Lasantharathnasirirox

    ස්තුතියි.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Sanju_kelum

    thanq bro...

  13. Lakshan MLS

    thanks

  14. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.