කොහොමෙන් කොහොමෙන්හරි ඔන්න මේකෙ පස්වෙනි එපියත් ඔයාලට තිළින කරන්නයි හදන්නෙ. ඔයාල පසුගිය කොටසින් බලන්න ඇති ගුඩ්ඩු සහ බබ්ලූ දෙන්න කාලීන් නොහොත් අකන්දා ත්‍රිපතිගෙ කර්මාන්තශාලා පෙන්නන්න එක්ක යනව, ඔය අතර මුන්නා සේද අරගන්න ලාලා ලඟට යනව, එතනදි ලාලා කියනව ගාන 25%කින් ගාන වැඩි කරා කියල. ගුඩ්ඩුටයි බබ්ලූටයි කර්…

කොහොමෙන් කොහොමෙන්හරි ඔන්න මේකෙ පස්වෙනි එපියත් ඔයාලට තිළින කරන්නයි හදන්නෙ. ඔයාල පසුගිය කොටසින් බලන්න ඇති ගුඩ්ඩු සහ බබ්ලූ දෙන්න කාලීන් නොහොත් අකන්දා ත්‍රිපතිගෙ කර්මාන්තශාලා පෙන්නන්න එක්ක යනව, ඔය අතර මුන්නා සේද අරගන්න ලාලා ලඟට යනව, එතනදි ලාලා කියනව ගාන 25%කින් ගාන වැඩි කරා කියල. ගුඩ්ඩුටයි බබ්ලූටයි කර්මාන්තශාලා පෙන්නගෙන යන අතර බබ්ලු කාලීන්ගෙන් අහනව එයාලට ව්‍යාපාරෙට අතගහන්න දෙන්නෙ නැත්තම් කර්මාන්තශාලා පෙන්නන්නෙ මොකටද කියල, එතනදි කාලීන් කියනව හැමදේම ඉගෙන ගන්න කියල. කාලීන් මක්බූල්ට කියනව එයාලට උගන්වන්න කියල. මක්බූල් එයාලව ඉස්සෙල්ලම එක්ක යන්නෙ කෙනෙක්ව මරන්න පුරුදු කරවන්න. ඒකට පාවිච්චි කරන්නෙ වෙන කවුරුවත් නෙවෙයි, ඔයාලට මතක ඇති පසුගිය කොටසකදි කාලීන්ට ප්‍රහාරයක් එල්ල වෙනව. එතනදි රති ශන්කර් එවපු කට්ටියක් තමයි කාලීන්ට වෙඩිතියන්න ගන්නෙ. ඒ වෙලාවෙ දෙන්නෙක් අල්ලගත්ත මතක ඇති, එක්කෙනෙක් නම් ඒ වෙලාවෙම එල්ලල මරනව. අනෙක් කෙනා තමයි මේ වෙලාවෙ අර දෙන්නව පුහුනු කරවන්න යොදා ගන්නෙ. කොහොමෙන් හරි ගුඩ්ඩූ මෙයාට වෙඩි තියනව. පස්සෙ මක්බූල් අර මැරුන එක්කෙනාව කාපට් ප්‍රවාහනය කරද්දි මේ දෙන්නට ලොරියෙ පටවගෙන යන්න දෙනව. මග යද්දි මෙයාලව පොලිසියෙන් නවත්තනව. එතනින් තමයි පසුගිය කොටස අවසන් වෙන්නෙ. අද එතැන් සිට.
ගුඩ්ඩු බබ්ලූ දෙන්න අර මැරිච්ච කෙනාවත් අරගෙන එද්දි මගදි පොලිසියෙන් නවත්තනව. කොහොමහරි බොරුවක් කියල මෙයාල එතනින් මාරු වෙනව. පස්සෙ ගුඩ්ඩුටයි බබ්ලූටයි දැනගන්න ලැබෙනව කාලීන්ගෙ ව්‍යාපාර වලදි වංචාවල් සිද්ද වෙනව කියල. ඒකට රාජන් මිශ්‍රා කියන තුවක්කු බෙදාහරින්න සම්බන්ධයි. මේ දෙන්න යනව එයාව මුනගැහෙන්න. එතනදි ගුඩ්ඩු රාජන් මිශ්‍රාට වෙඩි තියනව. පස්සෙ බබ්ලූ කාලින්ට යෝජනා කරනව ව්‍යාපාර දියුනු කරන්න නම් බෙදා හරින්නොත් එක්ක තියෙන සම්බන්ධතාවය යාවත්කාලීන කරන්න ඕන කියල, පද්දතියම යාවත්කාලින කරන්න ඕන කියනව. තව ගැහැනුන්ව සහ ලමයින්ව වැඩට යොදා ගන්න කියලත් කියනව, බබ්ලූ තව දෙයක් යෝජනා කරනව, බෙදා හරින්නන්ට සාදයක් දෙමු කියල. බෙදා හරීන්නො ඔක්කොම ගෙන්නල සාදයක් දෙනව, සාදය කොහොම ඉවර වෙයිද කියල මේ කොටස බලලම ඔයාල හොයාගන්න. හැමෝටම මේ කතා මාලාව බලන්න ආරාධනා කරමින් මම සමු ගන්නව, සැමට ජය!

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
7,674 downloadsDownload MP-S01-E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
3 comments
Anonymous
Anonymous
Thanks
Sahan Gayantha
thanks a lot Chanaka saho sub ekata
Advertisement



Thnx for sub ...❤️