මිර්සාපූර් කියන්නේ එක විදිහක උන්මාදයක්. පලවෙනි කතා සමයත් එක්ක එකතු වෙලා හිටිය අයට ඒක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා නැහැ. ඒ කතා සමය ඉවර වුණු හැටියට උන්මාදයක් නොවුනා නම් තමා පුදුමේ. පහුගිය කාලේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් මොන වීඩියෝව යූටියුබ් දැම්මත්, මොන දේ ට්වීට් කරත්, මොකක් පෝස්ට් කරත් ඒ හැම එකේම ප්‍රති…

මිර්සාපූර් කියන්නේ එක විදිහක උන්මාදයක්. පලවෙනි කතා සමයත් එක්ක එකතු වෙලා හිටිය අයට ඒක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා නැහැ. ඒ කතා සමය ඉවර වුණු හැටියට උන්මාදයක් නොවුනා නම් තමා පුදුමේ. පහුගිය කාලේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් මොන වීඩියෝව යූටියුබ් දැම්මත්, මොන දේ ට්වීට් කරත්, මොකක් පෝස්ට් කරත් ඒ හැම එකේම ප්‍රතිචාර කවුළුව,”මිර්සාපූර් කවද්ද එන්නේ, මිර්සාපූර් කවද්ද දෙන්නේ” කියන ප්‍රතිචාර වලින් ආක්‍රමණය වෙලා අවහිර වෙන තරමටම රසිකයන් හමුවේ ඒ උන්මාදය බලවත් විදිහට පැතිරිලා තිබ්බා. ඉතින් ඒ රසිකයන්ගේ වෙහෙසකර උන්මාදයට පොඩි විරාමයක් තියන ගමන් ගිය සිකුරාදා නිකුත් වුණා මිර්සාපූර් දෙවන සමය. බයිස්කෝප් අපිත් සූදානම් වුණා ඉතින් පළමු සමයට වගේම දෙවැනි කතාසමයටත් සිංහල උපසිරැසි දායකත්වය දක්වන්න. විටින් විට ජාත්‍යන්තර සිනමා දර්ශකයේ, Top Rated Shows 250 අතරටත් එබිකම් කරන්න මිර්සාපූර් වාසනාවන්ත වුණත් එතන ස්ථාවර තැනක් නම් හදාගෙන නැහැ. ඒත් 40,000 ඉක්මවපු මනාප ප්‍රමාණයකින් 8.5ක අගයක් වාර්තා කරලා තියෙන බව කියන්නම ඕන.

මේ අරන් එන්නේ දෙවැනි කතා සමයේ 7වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කරගමු ටිකක්. බීනාගේ ඔත්තුව උඩ ගුඩ්ඩුයි ගෝලුයි ත්‍රිපාටිලගේ ආයුධ ගබඩාව සම්පුර්ණයෙන් විනාශ කරා. ඒ කියන්නේ ත්‍රිපාටිලගේ ආයුධ ව්‍යාපාරේ ඉවරයි. ඔය අතරේ ගෝලුට ත්‍යාගිව හම්බවෙන්න අවස්ථාවක් හම්බවුණා. ත්‍යාගි කිව්වේ පොඩි ත්‍යාගි. දන්නවනේ ත්‍යාගිලා දෙන්නෙක් ඉන්නවා කියලා, නිවුන්නුම. ඉතින් දද්දා එක්ක මීටින් එකක් සෙට් කරගන්න ගෝලුට පුළුවන් වුණා පොඩි ත්‍යාගි මාර්ගයෙන්. මිනිහාට ගෝලුට හිත ගිහින්දෝ කියලත් හිතෙනවා නේහ්? ඔය අතරේ මහ ඇමති දුවගෙයි මුන්නාගෙයි සීන් එක දැනගන්න ත්‍රිපාටි හදන්නේ ඒකෙනුත් වාසියක් ගන්න. දෙන්නව බන්දලා දුන්නොත් ඡන්දෙටත් ඒක හොඳයි කියලා මහ ඇමතිටත් ඒත්තුගන්නලා ඔන්න කසාදෙත් සිද්ධ වුණා, මුන්නාගේ බලවත් අකමැත්ත මත. කරුණු කාරණා ඔහොම වුණු හින්දා ඡන්දෙත් උඩින්ම දිනාගන්න ත්‍රිපාටි ඇතුළු පිරිසට පුළුවන් වුණා. ත්‍රිපාටි වෙනුවෙන් ඇමතිට තියෙන ලෙන්ගතුකම ගැන JP හිටියේ නම් හරි අවුලෙන්. ඔය අතරේ ගුඩ්ඩුයි දද්දයි අතර දාගත්තු මීටින් එකත් අසාර්ථක වුණා.

බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. අටවෙනි කොටස අරන් එන්නේ ප්‍රසන්න අංකල්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

5,332 downloadsDownload MP-S02-E07.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

5,332 downloadsDownload Subtitles22 KB

7 comments

  1. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  2. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Alex

    Machn SCAM 1992 1K Sub danna puluwanda?

  5. Prasanna

    thanks...

  6. Anonymous

    TThnx for sub ...❤️

  7. Sahan Gayantha

    thanks a lot Suraj saho sub ekata