මිර්සාපූර් කියන්නේ එක විදිහක උන්මාදයක්. පලවෙනි කතා සමයත් එක්ක එකතු වෙලා හිටිය අයට ඒක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා නැහැ. ඒ කතා සමය ඉවර වුණු හැටියට උන්මාදයක් නොවුනා නම් තමා පුදුමේ. පහුගිය කාලේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් මොන වීඩියෝව යූටියුබ් දැම්මත්, මොන දේ ට්වීට් කරත්, ෆේස්බුක් එකේ මොකක් පෝස්ට් කරත් ඒ හැ…

මිර්සාපූර් කියන්නේ එක විදිහක උන්මාදයක්. පලවෙනි කතා සමයත් එක්ක එකතු වෙලා හිටිය අයට ඒක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා නැහැ. ඒ කතා සමය ඉවර වුණු හැටියට උන්මාදයක් නොවුනා නම් තමා පුදුමේ. පහුගිය කාලේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් මොන වීඩියෝව යූටියුබ් දැම්මත්, මොන දේ ට්වීට් කරත්, ෆේස්බුක් එකේ මොකක් පෝස්ට් කරත් ඒ හැම එකේම ප්‍රතිචාර කවුළුව, “මිර්සාපූර් කවද්ද එන්නේ, මිර්සාපූර් කවද්ද දෙන්නේ” කියන ප්‍රතිචාර වලින් ආක්‍රමණය වෙලා අවහිර වෙන තරමටම රසිකයන් හමුවේ ඒ උන්මාදය බලවත් විදිහට පැතිරිලා තිබ්බා. ඉතින් ඒ රසිකයන්ගේ වෙහෙසකර උන්මාදයට පොඩි විරාමයක් තියන ගමන් පසුගිය සිකුරාදා නිකුත් වුණා මිර්සාපූර් දෙවන කතා සමය. බයිස්කෝප් අපිත් සූදානම් වුණා ඉතින් පළමු සමයට වගේම දෙවැනි කතාසමයටත් සිංහල උපසිරැසි දායකත්වය දක්වන්න. විටින් විට ජාත්‍යන්තර සිනමා දර්ශකයේ, Top Rated Shows 250 අතරටත් එබිකම් කරන්න මිර්සාපූර් වාසනාවන්ත වුණත් එතන ස්ථාවර තැනක් නම් හදාගන්න බැරි වුණා. ඒත් 40,000 ඉක්මවපු මනාප ප්‍රමාණයකින් 8.5ක අගයක් වාර්තා කරලා තියෙන බව කියන්නම ඕන.

මේ එන්නේ දෙවැනි කතාසමයේ අටවෙනි කොටසේ උපසිරැසිය. හත්වෙනි කොටස පොඩ්ඩක් වගේ මතක් කරගමු.

දද්දා සහ ලොකු ත්‍යාගි එක්ක තිබ්බ මීටින් එක අසාර්ථක වුණාට ගෝලු නම් වැඩේ අත ඇරලා තිබ්බේ නෑ. තියෙන මායම් වලින් කිහිපයක් පෙන්නලා පොඩි ත්‍යාගි ලව්වා වැඩේ ගොඩ දාගත්තා. දැන් බිස්නස් එක ජයටම යනවා දද්දාගේ අරක්කු වාහනේ, හැබැයි දද්දාට නොදැනුවත්වමම. ඔය අතරේ අලුත ගෙනාපු මනමාලිත් කතාවේ ලොකු ඉඩක් ගන්නවා. බීනා තමන්ගේම ලේලිව තමන්ගේම මාමණ්ඩිගෙන් ආරක්ෂා කරගන්න දඟලන බවකුත් පේනවා. ඔය අතරේ ගුඩ්ඩු සහ ගෝලු ඇහැදාගෙන හිටිය පොපි වගාවල් වලට ත්‍රිපාටිලත් අත පොවන්නයි යන්නේ. වැඩි බලයක් තියෙන්නේ ත්‍රිපාටිලගේ පැත්තට නිසා හරි දෙයක් දැන්මම කියන්නත් බෑ. ඔය අතර අබිං කතන්දරේ ජයටම යන බව දද්දාටම මාට්ටු වෙනවා. ඒත් කතන්දරේ ඇතුලාන්තය නම් තවම මිනිහා දන්නේ නෑ. දැනගත්ත දවසට පොඩි ත්‍යාගිට මක්වෙයිද දන්නෑ. හත්වෙනි කොටස හමාර වුණේ පොඩි කම්පනයකුත් එක්කලම, දොස්තර මහත්තයාගේ දූ ලිප්පිගේ උපන්දින සාදය වගේම ඇමතිතුමාගේ සිද්ධියත් අමතක වෙන්න විදිහක් නෑ. තවමත් නොබලපු අය ඉන්න නිසා වැඩි දෙයක් නොකියා ඉන්නම්.

එහෙනම් අටවෙනි කොටසත් ඔයාලට බාරයි. 9වෙනි කොටස අපේ තව යාලුවෙක් අරන් ඒවි. ජයවේවා.

ලිපිය – මයුර සුරාජ්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

5,868 downloadsDownload MP-S02-E08.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

5,868 downloadsDownload Subtitles25 KB

13 comments

  1. tharu

    thank you!

  2. Don Chamik

    9, 10 sub ikmanin denna balanna

  3. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  6. leon

    Mirzapur Season 01 eke complete sinhala sub tika denna barida bro?

  7. Ashan

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ ජය වේවා..

  8. Achi

    බොහොම ස්තුතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Anonymous

    Thnx for sub ...❤️

  11. Anonymous

    Bro Season 3 එකේ Subtitles ඕනි ඉක්මනින්

    1. Anonymous

      Seson 3 sub aka denwada

  12. Sahan Gayantha

    thanks a lot Ranga saho sub ekata