මිර්සාපූර් කියන්නේ එක විදිහක උන්මාදයක්. පලවෙනි කතා සමයත් එක්ක එකතු වෙලා හිටිය අයට ඒක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා නැහැ. ඒ කතා සමය ඉවර වුණු හැටියට උන්මාදයක් නොවුනා නම් තමා පුදුමේ. පහුගිය කාලේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් මොන වීඩියෝව යූටියුබ් දැම්මත්, මොන දේ ට්වීට් කරත්, මොකක් පෝස්ට් කරත් ඒ හැම එකේම ප්‍රති…

මිර්සාපූර් කියන්නේ එක විදිහක උන්මාදයක්. පලවෙනි කතා සමයත් එක්ක එකතු වෙලා හිටිය අයට ඒක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා නැහැ. ඒ කතා සමය ඉවර වුණු හැටියට උන්මාදයක් නොවුනා නම් තමා පුදුමේ. පහුගිය කාලේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් මොන වීඩියෝව යූටියුබ් දැම්මත්, මොන දේ ට්වීට් කරත්, මොකක් පෝස්ට් කරත් ඒ හැම එකේම ප්‍රතිචාර කවුළුව, “මිර්සාපූර් කවද්ද එන්නේ, මිර්සාපූර් කවද්ද දෙන්නේ” කියන ප්‍රතිචාර වලින් ආක්‍රමණය වෙලා අවහිර වෙන තරමටම රසිකයන් හමුවේ ඒ උන්මාදය බලවත් විදිහට පැතිරිලා තිබ්බා. ඉතින් ඒ රසිකයන්ගේ වෙහෙසකර උන්මාදයට පොඩි විරාමයක් තියන ගමන් ගිය සිකුරාදා නිකුත් වුණා මිර්සාපූර් දෙවන සමය. බයිස්කෝප් අපිත් සූදානම් වුණා ඉතින් පළමු සමයට වගේම දෙවැනි කතාසමයටත් සිංහල උපසිරැසි දායකත්වය දක්වන්න. විටින් විට ජාත්‍යන්තර සිනමා දර්ශකයේ, Top Rated Shows 250 අතරටත් එබිකම් කරන්න මිර්සාපූර් වාසනාවන්ත වුණත් එතන ස්ථාවර තැනක් නම් හදාගෙන නැහැ. ඒත් 40,000 ඉක්මවපු මනාප ප්‍රමාණයකින් 8.5ක අගයක් වාර්තා කරලා තියෙන බව කියන්නම ඕන.

පොඩි විරාමයකට පස්සේ මේ අරන් එන්නේ 9වෙනි කොටස. කලින් කොටස පොඩ්ඩක් වගේ මතක් කරලා ඉන්නම්. රිය අනතුරින් මහ ඇමතිගේ ජීවිත කතාව ඉවර වුණේ තවත් ප්‍රශ්න ගණනාවකට අත වනලා. මහ ඇමති පුටුවේ ඊළඟට ඉඳගන්නේ කවුද? JP නම් ඒ ගැන පැහැදිලි තීරණයක් අරන තිබ්බ බවක් පේනවා. ඔය අතරේ දොස්තර ඇතුළු පවුල ඝාතන සිද්ධිය ගුඩ්ඩුට තවත් දරාගෙන ඉන්න බැරි වුණා. ලිප්පිව ශබ්නම්ගේ රැකවලට බාර කරපු ගුඩ්ඩු ගියේ බාබර් සාප්පුවට. එතන වෙච්ච සංසිද්ධියත් මතක ඇතිනේ. ගුඩ්ඩු පලිය ගත්තේ කාගෙත් කටවල් වල ගුඩ්ඩු පණ්ඩිත් කියන නම සදහටම පැලපදියම් කරලයි. ගෝලුට නම් ශබ්නම්ව කොහොමත් දිරෙව්වෙ නැහැ. හැබෑටම මොකක්ද මේකට හේතුව? ශබ්නම් ඇහුවා වගේම ගෝලු ගුඩ්ඩුට ආදරේ කරනවාවත්ද? ඔය අතරේ JP නම් ලැබෙන්න යන මහ ඇමති තනතුරත් එක්ක ලොකු වැඩ කොටසක් කරන්න යන පාටක් තිබ්බේ. මුන්නා අරහේ හොඳ සැමියෙක් වෙන්න අඩිතාලම දාගෙන ඉද්දි JP මුන්නාගේ අවසානේ පිළිවෙලක් කරන්න නියෝග දෙනවා පොලිස්පතිට. ගුඩ්ඩුලාගේ කාලේ හොඳ වෙන්නයි යන්නේ. පොපි වතු ටිකත් ගුඩ්ඩුලටම යන පාටක් තිබ්බේ. හිටපු මහ ඇමතිතුමාගේ ලේකම්, ආනන්ද් නම් JP ගැන පැහැදීමකින් නෙමේ හිටියේ. මාධුරිව හම්බවුණු ආනන්ද් තමන්ට මහ ඇමතිගේ මරණේ ගැන තියෙන සැක සංකා හැමදේම මාධුරි ඉස්සරහ දිග ඇරියා. තෝන් ලනුව ත්‍රිපාටි නිවසට ආයෙත් ගියාද කොහෙද? JP ටිකක් උඩ ගියා වැඩි වුණා වගේ, මතකනේ JPගේ සතුට සමරන්න කියලා සරීනා සූදානම් කරපු වැන්දඹු හමුව. මහ ඇමති පුටුවේ ඉඳගන්න ඔන්න මෙන්න තියෙද්දී මුන්නාගේ දඩයමට සේරම සූදානම් වෙලා තියෙද්දී සරීනා JPට පෙන්නපු කොකා හින්දා හැමදේම ආයෙත් කණපිට ගැහුවා. ත්‍රිපාටිලා ආයෙත් දින්නා නේද?

ඉතින් මහ ඇමති පුටුවේ කවුරු ඉඳගනියිද? ත්‍රිපාටිද? හැමදේම විනාශ වුණාට පස්සේ ගුඩ්ඩුගේ පාර්ශවයේ මීළඟ පියවර මොකක්ද වෙයිද? කොයිදේත් ලේසි වෙන පාටක් නම් නෑ. ඉතින්, දෙවන සමයේ අන්තිම කොටසට කලින් කොටසයි මේ. බලලා ඉන්න එහෙනම්. ජයවේවා.

ලිපිය – මයුර සුරාජ්

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

5,118 downloadsDownload MP-S02-E09.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දසන් බුද්ධික

Subtitles

5,118 downloadsDownload Subtitles21 KB

14 comments

  1. Chandima

    නියමයි...සබ් එක දාන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටියේ මචං...ගොඩක් ස්තූතියි සබ් එකට...

  2. lucifer94

    bohoma sthuthi.eelanga kotasath ikmanin denna. jayawewa!!

  3. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  4. Kalhara

    Lota lota idala oya deela thiyenne. Oka thiyagena idaganilla dan

    1. tharidu16

      ow ban. karanne amaru wadak thamai. eth mehema parkkuwevi dila ithin wadak na. api english ekath ekaka baluwa

  5. Prabodha

    Godak sthuthi

  6. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට බොහොම ස්තුතියි මල්ලි.

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  9. Achi

    බොහොම ස්තුතියි සබ් එකට්

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chinthana wijayasiri

    7/8 kotasvala sub nedda,search karama 404 no found

  12. Anonymous

    Thnx for sub ...

  13. Sahan Gayantha

    thanks a lot Dasan saho sub ekata