මිනිහෙක් මොකක්දෝ වරදකට හිරේට යනවා. අවුරුදු 15ක් හිරබත් කාලා ඔන්න මිනිහා නිදහස් වෙනවා. ලොකු අරමුණක් ඇතිව මිනිහා යනවා කෙනෙක්ව හොයාගෙන එක්තරා පොඩි නගරයකට. යන පලවෙනි දවසෙම ඒ මිනිහා ඒ නගරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකයා එහෙම නැත්තම් නගරේ ෂෙරිෆ් බවට පත් වෙනවා කිව්වොත් විශ්වාස කරනවද? අමාරු වුනත් කරන්න වෙනවා. ඊ…

මිනිහෙක් මොකක්දෝ වරදකට හිරේට යනවා. අවුරුදු 15ක් හිරබත් කාලා ඔන්න මිනිහා නිදහස් වෙනවා. ලොකු අරමුණක් ඇතිව මිනිහා යනවා කෙනෙක්ව හොයාගෙන එක්තරා පොඩි නගරයකට. යන පලවෙනි දවසෙම ඒ මිනිහා ඒ නගරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකයා එහෙම නැත්තම් නගරේ ෂෙරිෆ් බවට පත් වෙනවා කිව්වොත් විශ්වාස කරනවද? අමාරු වුනත් කරන්න වෙනවා. ඊයේ හිරකාරයෙක් වුන මිනිහා අද ෂෙරිෆ් කෙනෙක්. කොහොමද එහෙම වෙන්නේ? ඔතනින් තමයි මේ කතාවේ ආරම්භය.
ඔන්න එහෙනම් බයිස්කෝපියන්ස්ලට අලුතෙන්ම කතා මාලාවක් අරගෙන ආවා. බැන්ෂී. ටිකක් අමුතු නමක් නේද? ඔව් අමුතු නමක් වගේම පිස්සු නමක්. මේක ඇමෙරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ තියෙන ටිකක් හුදෙකලා කැලෑබද වෙන්න තියෙන කුඩා නගරයක්. ඒ නගෙරේ සිද්ධ වෙන සිද්ධි දාමයක් තමයි කතාවේ තියෙන්නේ. ටීවී සීරිස් පිස්සෙක් නම් ඇත්තටම මේක මිස් කරගෙන තියෙන්න විදියක් නෑ. ගොඩක්ම කතාබහට ලක් නොවුන ලෝකේ හොඳම සීරිස් එක මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් මේක ගැන දන්න අය කියයි “බැන්ෂී” තමයි කියලා. 2013 අවුරුද්දේ Cinemax ලා එලියට දාපු සුපිරිම ගනයේ කතා මාලාවක් කියලා කිසිම විවාදයක් නැතිව කියන්න පුලුවන්. ගොඩක් ටීවී සීරිස් බලන අය හොඳම යැයි කියාගන්නා සීරිස් රාමුවකට කොටු වෙලා ඉන්නවා. ඒවා නරකයි කියනවා නෙවෙයි. නමුත් මෙවැනි සීරිස් එකක් මගඇරගන්නවා කියන්නේ ඒක ලොකු පාඩුවක්. බැන්ෂී කතාව ගැන කියන්න දෙයක් නෑ. මම පලවෙනි ඡේදයෙන් පොඩි ආරම්භයක් අරන් දුන්නා. ඊට වඩා අවශ්‍ය නෑ ඒ හොඳටම ඇති.
IMDb 8.4 ක් වගේ ලොකු අගයක් වගේම Rotten Tomatoes අගය 89%කට හිමිකම් කියන මේ අපූරු කතා මාලාව සීසන් 4ක් වැනි පොඩි ප්‍රමාණයකින් අවසන් කර තිබෙනවා. එක් කතා සමයක පැයකට ආසන්න කතා මාලා 8-10ත් අතර ගණනක් තමයි තියෙන්නේ. ඉතාමත් හොඳ විදියට පටන් අරන් ඉතාමත් හොඳ විදියට අවසන් වෙන මේ කතා මාලාවේ රේටින් ගැන කිව්වොත්, නිකමට ගූගල් ගිහින් පරිශීලක අදහස් බලන්න. නරකක් කියපු කිසිම කෙනක් නැති වෙයි. සීරිස් එකේ ප්‍රධාන චරිතයට ඉන්නේ Antony Starr. එහෙම කිව්වට දන්නෙ නැත්තම් The Boys එකේ හෝම්ලෑන්ඩර්ට ඉන්න ඩයල් එක. ඊට අමතරව සුපිරිම චරිත ටිකක් ඉන්නවා. මේක බලන ඔයාලට සමහර චරිත කතාවේ දකිනකම් ඉවසිල්ලක් නැති වෙයි. ඒ තරම් ඒ අයගෙ කතාව, සටන් වගේම හැසිරීම රඟපෑම සුපිරි.
ඊලඟට කියන්න ඕනේ මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. හේතුව අධික ලෙස කුණුහබ්බ භාවිතය. විශේෂයෙන්ම අපේ ප්‍රධාන නලුවගෙ අතිජාත මිත්‍රයා Job. සෑම කතාංගයකම වචන වලින් 50%ක් විතරම තියෙන්නේ අපි කවුරුත් දන්න පොදු ඉංග්‍රීසි කුණුහබ්බය. ඊට අමතරව තව අලුත් ඉංග්‍රීසි කුණුහපර ටිකක් ඉගෙන ගන්නත් පුලුවන් වෙයි. ඒ විතරක් නෙවෙයි. අතිශය තාත්වික ලිංගික දර්ශන. කොහොම රඟපානවද මන්දා එහෙම. සෑම කතාංගයකම ලිංගික දර්ශන අඩුම ගානේ එකක් හෝ කීපයක් තියෙනවාමයි. ඒ විතරක් නෙවෙයි. බිහිසුණු කැපුම් කෙටුම් මිනීමැරුම් මත්ද්‍රව්‍ය මෙවැනි නානාප්‍රාකාර විදියේ පොඩි අයට නුසුදුසු දර්ශන සෑහෙන්න තියෙනවා. ඒ නිසා පවුලේ සැමට නැරඹිය හැකි එකක් නෙවෙයි. එහෙම බලනවා නම් රෙදි ටිකත් පැක් කරගෙන බලන්න.
එහෙනම් අද ඉඳන් පලවෙනි කතාංගයේ ඉඳන් අවසන් කතාංගය දක්වා බයිස්කෝප් හරහා මේ සුපිරිම සීරිස් එක ඔන්න මම දෙනවා. මඟ නොහැර බලන්න. ඊලඟ එපියෙන් හම්බවෙමු…!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
30,235 downloadsDownload Banshee.S01E01.Baiscopelk.com_-1.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
46 comments
කාන්ති
Ranga
උයා මයුරද...
මයුර
විමා
සබට තුති බන්...
Ranga
හා බන්
tharidu16
okkama sun dammata passema balanawa
tharu
thank you saho! mirzapur ithuru tikata sub ikmanin denna
Nilush Angana
Sub ekata thanx
Kasun Lakshan
Hamma Blu Ray ekata sub eka deela thiyenne...
Supiri ah... Digatama sub dennaRasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
දිගටම දෙමු...Anonymous
අචින්ත
යකඩෝ ඔහෙත් සෙට් වුනෙයි..හා හා සබට තුති...ඉක්මනට දියව් එහෙනම් !!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Buddhika
බොහොම ස්තූතියි ..... හොයපු සුපිරියක් තමයි
Dhanushka
Thanks sub akata
Gopala
Banshee s4 sub dila tiyenne bn
sub dila නැති එකකට diyanko
oka godak aya දැනටමත් බලලා iwaraiAnonymous
Link ekk denwko series ek baa gnna
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Achi
සිරියකට සබ් දෙන්න පටන් අරන්...ෆට්ට..
Anonymous
Thenks
tharanga
machan mirzapur aka ikmanata denna kiyahanko
Aurora
සුපිරිම tv series එකක් තමා මේක❤ , ආයේ බලන්න ඕන ඉක්මනටම සබ් ඕන ඔන්න හොදේ, මිස්‍රාපූර් සබ් ඉක්මනටම ඕනේ
Pasindu Madumal
සුපිරියක්..!
සබට තුති රංග අයියා ❤ශ්‍රියන්ත
එලම කොල්ලෙක් තමා පට්ට කතාවක් බස්සන්න හදන්නෙ , දිගටම ඔන බොස්
Sandman
thanks bro.supiriyak.season 4ma one kollo..
Thanusha Nadeeshan
thanks kollo
Bobby
Thank you very much for the sub
Gayan
TThanks brother️️
indika75
thanks..
KRK
සුපිරී.සීසන් 4රටම ඕනී❤️
Nadun
Bohoma isthuthi saho....
adarei honde....
tv series pissek vidiyata karana punchi ahinsaka illimal...!
Vis s vis kiyana katha malawath denna berida...?
suba dawasak.. parissamata inna bro....Janithpromoditha
ela bn season 4ta ma diyan machan
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට..ජයවේවා..
Anonymous
ඇත්ත ටම ගොඩක් සතුටුයි Narcos කතා මාලවට සබ් ගද්දී තම දැක්කේ බැන්ශි එකට සබ් කරලා කියලා මං සිසන් 4 ඩව්ලොඩ් කරන් තියන් හිටිය සබ් නැති නිසා බැලුවේ නැ දැන් අව්ලක් නැ පහරක් බස්සලා දිගටම කරන්න සිසන් 4 ටම ඔයාට ජයවෙවා ☝️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks
Anonymous
thanks macho mekata saba danawata....
Amila Mudalige
බොහෝම ස්තූතියි උපසිරසියට
මිලින්ද
⬛ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි⬛
♻️රංග ප්‍රසන්න ♻️
✔️✔️✔️✔️සුපිරි tv series එකක් ✔️✔️✔️✔️Anonymous
තැන්කිව් සබ් එකට.ජයවේවා ❤❤❤
ravidu ishan
සබ්එකට Tnx Mchn,,,✌️✌️ .. ජය!!
Ashen
Thank you very much brother....
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks.........
Koshila
ගොඩක් ස්තූතියි ...Californication ටීවී සීරියස් එක සබ් දෙන්න පුලුවන් ද
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S01 : E01] Sinhala Subtitles | බැන්ෂී නගර සීමාවට සාදරයෙන් පිලිගනිමු! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)


බලන්න එකක් නැතුවයි ඉඳියේ.
දැන් ඉතින් මේක දැම්මා කියලා ඒත් බලන්න එකක් නෑ තමා