Watch Trailer

Mumbai Diaries 26/11 [S01 : E03] Sinhala Subtitles | මරණ මංචකය අබියස..!! [සිංහල උපසිරැසි]

ප ද ෆැමිලි මෑන්, බ්‍රීත්, මිර්සාපූර් වගේ වෙබ්කතා මාලා නිකුත් කරපු ඇමසෝන් ප්‍රයිම් විසින් එලිදක්වපු අලුත්ම කතාමාලාව තමයි මුම්බායි ඩයරීස් කියන්නේ. 2008 නොවැම්බර් 26වෙනිදා සිද්ධ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය පාදක කරගෙන නිර්මාණය කරපු මේ යතාර්ථවාදී මෙඩිකල් ත්‍රිලර් එකට 8.7ක දැවැන්ත IMDb අගයක් ලැබිලා තියෙනවා. බ…

ප

ද ෆැමිලි මෑන්, බ්‍රීත්, මිර්සාපූර් වගේ වෙබ්කතා මාලා නිකුත් කරපු ඇමසෝන් ප්‍රයිම් විසින් එලිදක්වපු අලුත්ම කතාමාලාව තමයි මුම්බායි ඩයරීස් කියන්නේ. 2008 නොවැම්බර් 26වෙනිදා සිද්ධ වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය පාදක කරගෙන නිර්මාණය කරපු මේ යතාර්ථවාදී මෙඩිකල් ත්‍රිලර් එකට 8.7ක දැවැන්ත IMDb අගයක් ලැබිලා තියෙනවා. බලපු අයගේ දැඩි ධනාත්මක ප්‍රතිචාර එල්ලවෙන අතරේ මේක දෙවන කතාසමයක් දක්වා දිගු කරා කියලයි ආරංචි වෙන්නේ. කොන්කොනා සෙන් ෂර්මා, මෝහිත් රෛනා ප්‍රධාන චරිත වලින් එක්වන මුම්බායි ඩයරීස් අධ්‍යක්ෂණය කරන්නේ Batla House, D Day වගේ සිනමාපට අධ්‍යක්ෂණය කරපු නිඛිල් අද්වානි එක්ක නිඛිල් ගොන්සාල්වෙස්. කොටස් 8කින් සමන්විත වෙන මේ කතාමාලාව සිංහල උපසිරසිත් එක්ක මේ වෙද්දී කොටස් 2ක් නරඹලානේ ඇත්තේ ඔයාලා. මේ අරන් එන්නේ 3වෙනි කොටස. කලින් කොටස මතක් කරලා ඉන්නම්.

සමර්ත් අංජුව දකින තැනින් තමා කතාව පටන් ගත්තේ. අංජුට එතකොටත් පණ තිබ්බා කියලා දකින්න ඇතිනේ. ඒත් සිද්ධ වුණේ නම් බොහොම කම්පාකරවන සිදුවීමක්. ඒ හරිය ඉවර වුණේ මිර්සා කෙරෙහි සමර්ත්ට ජන්මාන්තර වෛරයක් උපද්දවලා. ඔය අතරේ මතක ඇතිනේ ත්‍රස්තවාදී දෙන්නෙක් පැලස් හොටෙල් එකටත් රිංගගත්තා. පහත මාලයේ හිටපු මිනිස්සුන් එකා පිට එකා මැරිලා යද්දී ඉහල මාලයක හිටපු අනන්‍යා ඇතුළු පිරිසට සද්දෙත් එක්ක පොඩි සැකයක් ඇතිවෙන්න ගත්තා. ඉහල මාලේ අමුත්තන්ගේ ආරක්ෂාව තිබුණේ එයාලගේ අතේ. මාධ්‍යවේදිනී මාන්සි ගැන කතා කරොත් එයා අලුත්ම පුවත් කලින්ම දෙන්න හිතන් කරන වැඩ ටික දැක්කනේ. අනිත් මාධ්‍ය ආයතන වල වැඩ කඩාකප්පල් කරන්නත් එයා පැකිලුනේ නම් නෑ. ජීවිතේ දීලා හරි හොඳ කතාවක් වාර්තා කරන්නයි මාන්සිට ඕන වුණෙත්. රෝහල පැත්තට ගියොත් චිත්‍රා මිර්සාගේ උදව්වෙන් පරම්ජීත්ගේ පරීක්ෂණ ටික කරන්න බැලුවා. මානසිකව වැටිලා ඉන්න මිර්සාගේ හිත හදන්නත් චිත්‍රා ගොඩක් උත්සහ කරා. ඔය අතරෙයි කෞෂික් සහ දියා දැනගත්තේ පිලිවෙලින් තමන්ගේ බිරිඳ අනන්‍යා සහ දෙමවුපියෝ ඉන්න පැලස් හොටෙල් එකටත් ත්‍රස්තවාදියෝ රිංගලා කියලා.

මේ කොටසත් එක්කත් එකතු වෙන්න. ජයවේවා.

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,583 downloadsDownload MD-S03-E03.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

2,583 downloadsDownload Subtitles22 KB

6 comments

  1. Kushan

    Sub akta thanks

  2. Anonymous

    සිසියා අත ගහලා නම් මේක නිකම්ම කතාවක් වෙන්න බෑ. අරගෙනම බලනවා එහෙනම්.

  3. DILmin

    SSub ekata thanks!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Chandima Prasad

    Thanks Sub Ekata.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P