Watch Trailer

Mumbai Diaries 26/11 [S01 : E05] Sinhala Subtitles | මාධ්‍ය ගොදුර [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ පස්වෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස්…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ පස්වෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට ‌කොටස් 04ක් නරඹපු හින්දා මේ කතාව ගැන තවත් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ කියලා මං හිතනවා. ඒ් හින්දා අපි කතාවේ සිද්ධ වෙන්නේ මොනවද කියලා දැන ගමු.

පෙර කොටස් වලින් :

ත්‍රස්තවාදීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලබපු පොලිස් නිළධාරින් එක්ක ත්‍රස්තවාදීන් දෙන්නෙක් මුම්බායි මහ රෝහලට හදිස්සියේ රැගෙන එනවා. මුම්බායි මහ රෝහලේ ‌වෛද්‍ය කෞෂික් ඇතුළු කණ්ඩායම, වෙඩි හුවමාරුවෙන් තුවාල ලබපු ඒටීඑස් ප්‍රධානී, සහකාර පොලිස් අධිකාරි, අනන්ට් කෙල්කාර්ට ප්‍රතිකාර ලබා දෙන්න ලොකු උත්සාහයක් දැරුවත් අවසානයේ ඒ් සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙමින් ආනන්ට් කෙල්කාර් මිය යනවා. වෛද්‍ය ආචාරධර්ම වලට ගරු කරන වෛද්‍ය කෞෂික් තමන්ගේ ළඟට ආපු ‌රෝගියා‌ගේ කායික රෝගය මිසක් චරිතය පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නැති බව තරයේ ප්‍රකාශ කරලා පොලිස් නිලධාරින්ගේ දැඩි විරෝධය මැද්දේ වෙඩි වැදීමෙන් තුවාල ලබපු ත්‍රස්ථවාදියාට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. මේ අතරේ මේ ‌හැමදේම හාරා අවුස්සන්න මාධ්‍යවේදීන් ගොදුරු හොයන ගිජුලිහිනියෝ වගෙ මහ රෝහල අවට රැස් කමින් ඉන්නවා කියලත් මතක ඇතිනේ.

අද කොටසින් මුම්බායි රෝහල මාධ්‍යයේ ගොදුරක් වෙනවා කියලා විතරක් කියන්නම්. මොකද වෙන්නේ කියලා අද කොටස බලලාම දැන ගන්න.

හයවෙනි කතාංගයේ සිංහල උපසිරසියෙන් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,113 downloadsDownload MD-S03-E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

2,113 downloadsDownload Subtitles26 KB

8 comments

  1. Anonymous

    සබට තුති රේණුකාක්කේ

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  5. Chandima Prasad

    Thanks Sub Ekata.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. ශසිත් සඳරුවන්

    සබට තුතිවේවා අක්කේ...
    දිගටම සබ් දෙමු ආ....
    ජය!

  8. sahangayantha

    thanks a lot sub ekata