Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E01] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි, ටික කාලයක නිහැඬියාවකට පස්සේ ආයෙත් ඔයාලා හමුවට එන්නේ 2018 වසරේ විකාශය වුණ කොරියන් කතා මාලාවක් එක්කයි. මේ මගේ පළවෙනි කොරියානු උපසිරැසි ප්‍රවේශය. ඒකට තෝරාගත්තේ 2018 දෙසැම්බර් පළමුවෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වීම ආරම්භ කරපු මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා කතාමාලාව.…

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි, ටික කාලයක නිහැඬියාවකට පස්සේ ආයෙත් ඔයාලා හමුවට එන්නේ 2018 වසරේ විකාශය වුණ කොරියන් කතා මාලාවක් එක්කයි. මේ මගේ පළවෙනි කොරියානු උපසිරැසි ප්‍රවේශය. ඒකට තෝරාගත්තේ 2018 දෙසැම්බර් පළමුවෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වීම ආරම්භ කරපු මෙමරීස් ඔෆ් ද අල්හාම්බ්‍රා කතාමාලාව. හැම දේකටම කලින්  එහෙනම් කතාව ගැන විස්තර ටිකක් දැනගෙන ඉමු. මේ කතාමාලාව සඳහා IMDb දර්ශකයේ 7.8 ක් වගේ ඉහළ අගයක් ලැබිලා තියනවා. ඒ වගේම ගූගල් පරිශීලක මනාපය සටහන් වෙන්නේ 97% ක් විදිහටයි. කතාංග දාසයකින් යුතු මේ කතාමාලාවට ලැබිලා තියන ප්‍රේක්ශක ප්‍රතිචාර එහෙම නම් ඉතාම ඉහළයි. බලන්න කලින් බලපු අයගෙන් කතාව ගැන දැනගත්තොත් හොඳයිනේ. ඔන්න එහෙනම් ඒ ප්‍රේක්ශක ප්‍රතිචාර කීපයක් මෙහෙම දක්වන්නම්.

  • 10/10. Incredible Story, Imaginative, Suspense, Romance,Good act
  • 10/10. It Is Not Lazy For Me Like Other Korean Drama
  • 08/10. Reminds Me Of Black Mirror Playtest
  • 09/10. Memories Of The Alhambra Is A Must Watch Drama
  • 10/10. Best Korean Drama Ever! Very Different

ඔය කිව්වේ ඒ අදහස් වලින් ටිකක් විතරයි. දැන් යම්තාක් දුරකට කතාමාලාව ගැහැඟීමක් ඇති කියලා හිතනවා. එහෙනම් යමු අනිත් විස්තර වලට. කතාමාලාවට රංගනයෙන් දායක වෙන්නේ Shin-Hey Park, Hyun Bin, Min Jin-woong, Par Hoon කියන නළු නිළි කණ්ඩායම. කොරියන් නළු නිළියෝ ගැන නම් වැඩි විස්තරයක් කියන්න මගේ දැනුම මදි. ඒත් Hyun Bin හයිඩ් ජෙකිල්මී සීරීස් එකෙත් Shin-Hey Park පිනෝකියෝ සීරීස් එකෙත් හිටිය බවක් නම් මතකයි. මේ කතාමාලාව අයිති වෙන්නේ Fantasy, Thriller, Sci Fi, Romance කියන කාණ්ඩ වලට. කතාමාලාව වැඩි කොටසක් තිරගත කරලා තියෙන්නේ ස්පාඤ්ඤයේ සහ කොරියාවේ. තවත් විශේෂත්වයක් වෙන්නේ මේ කාතාමාලාව පනස් පස් වෙනි Baeksang Arts Awards සම්මාන උළෙලෙදී සම්මාන හතරකට නිර්දේශ වෙන්නත් ඒ අතරින් එක සම්මානයක් ජයගන්නත් සමත් වෙලා තියනවා. ඒ අනුව හොඳම අධ්‍යක්ශකවරයා විදිහට Ahn Gil-Ho ත් හොඳම නළුවා විදිහට Hyun Bin ත් හොඳම නවක නළුවා විදිහට Park Hoon ත් නිර්දේශ වෙලා තියනවා. ඒවගේම ඒ සම්මාන උළෙලේ ටෙලිවිශනයේ හොඳම තාක්ශණික ජයග්‍රහණය සඳහා හිමි සම්මානය දිනාගන්නට මේ කතාමාලාවට හැකියාව ලැබුණා.

මේ කතාව දැක්ක ගමන් පැනලා කරන්න ආසාවක් ඇති වුණත් තනියම කරගන්න හයියක් තිබුණේ නෑ. ඉතින් සයිට් එකේ ඉන්න කොරියන් වලටම නම දරාපු සොනාලි අක්කාගෙන් නිකමට වගේ ඇහුවේ වැඩි විශ්වාසයක් නැතුවයි. ඒත් අනිත් පැත්තට මගේ මැසේජ් එකට රිප්ලයි කරලා “ඒක කරමු මල්ලි” කියලා මං ගැන විශ්වාසේ තිබ්බ සොනාලි අක්කාට කොච්චර ස්තූති කළත් මදි. එයාට පවරපු වැඩේ මාසෙකින් ඉවර කරලා ඊට පස්සේ මම මගේ කොටහ කරන්න මාස පහක් ගත්තත් එක අවනඩුවක් හරි නොකිව්ව එකට ගොඩක් ස්තූතියි. එහෙනම් කට්ටියටම නමවෙනි කතාංගයේ ඉදන් සොනාලි අක්කා එක්ක එකතු වෙන්න ලැබෙයි.

එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ෆැන්ටසියක සීමා බිඳින්න අපි ගෙනාපු ප්‍රොටෙක්ටර් කතාමාලාව මතකද?
මේත් ඒ වගේම ෆැන්ටසි ලෝකයක්.
හැබැයි සාම්ප්‍රදායික ෆැන්ටසියකට එහා ගිය යමක්.
අපි වීඩියෝ ගේම්ස් ප්ලේ කරනවා.
නිකමට හරි හිතිලා තියනවද පරිගණක තිරයෙන් විදින හැඟීම ඇත්තටම විඳගන්න.
එහෙම හිතිලා නෑ කියන උත්තරය පිළිගන්නේ නම් නෑ.
අපි හැමෝටම ඕන ඒක.
කොච්චර බයංකාර වුණත් පුංචි සන්දියේ IGI ගහන කාලේ ඉදන්ම හිතනවා
අනේ මේක ඇත්තක් වුනානම්…

මේත් ඒ වගේ කතන්දරයක්. මහ රෑ ජාමේ බාසිලෝනා වල ඉදන් ස්පාඤ්ඤයේ ග්‍රැනඩා වලට එන තරුණ CEO මහත්තයට දැක ගන්න ඕන එකම දෙයයි. මායාව.

කතාව ගැන තව දුරටත් කියන්න යාම රසයට හානියක්ම විතරයි. එහෙනම් ආරාධනා කරනවා පළවෙනි කතාංගය බලන්න එකතු වෙන්න කියලා. ඊළග කොටස් මම නොකිව්වත් ඔයා බලයි. එහෙනම් දෙවෙනි කොටසෙන් හමු වෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

5,400 downloadsDownload Memories-of-the-Alhambra-S01E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

5,400 downloadsDownload Subtitles24 KB

17 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata sub ekata ...

  2. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. Gamer kenek vitarai oke feeling eaka danne.....

    1. Sonali

      ජය වේවා! Fighting!!

  3. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  5. Kr12445

    episode eka download krnna site ekk kiynnko

  6. Deshani

    thank you

  7. SLpathumaa

    අම්මෝ යන්තන් ඇති මේකට සබ් දෙනව.. මේ වගේ පට්ට සීරියස් එකකට සබ් දෙන්නෙ නැත්තෙ ඇයි කියල හිත හිත හිටියේ !! Anyway thanks mcn ✌️

  8. eworld2015

    sub 1ක HDTV කොපියකට කරනම් hodai bro thanks for the sub

  9. Sanjeewa2010

    Pattaaaaaaaaaa

  10. walakul

    thank u and wish u all the best malli

  11. Sandun S Wijesooriya

    episode download karaganna site akak hari link akak hai oni.......

  12. Sujee

    ganna puluwan web site ekka link eka add karahanko machn

  13. Cemilia

    Hyun Bin Ge [ Hyde,Jekyll,Me] Korean Drama Eketh Sub Dennako.

  14. Anonymous

    tanks

  15. Manuja

    Warrior Baek Dong-soo eke Sinhala sub dennako

  16. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..