හායි! කොහොමද යාළුවනේ, මගේ පළවෙනි උපසිරුසියට පසුව මගේ දෙවැනි උපසිරැසියත් මම අරගෙන ආවා. මගේ පළවෙනි උපසිරුසියට එක වචනයකින් හරි අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි. ඒක මට ශක්තියක්. මම දෙවැනියට උපසිරුසි කරන්න තෝරගත්තේ කොරියානු කතා මාලාවක් නිසා මම හිතුවට වඩා ගොඩක් පරක්කු වුණා. මාස 6කට කලින් බාර ගත්තත් මට රැකිය…

හායි! කොහොමද යාළුවනේ, මගේ පළවෙනි උපසිරුසියට පසුව මගේ දෙවැනි උපසිරැසියත් මම අරගෙන ආවා. මගේ පළවෙනි උපසිරුසියට එක වචනයකින් හරි අදහස් දක්වපු හැමෝට ම ස්තූතියි. ඒක මට ශක්තියක්. මම දෙවැනියට උපසිරුසි කරන්න තෝරගත්තේ කොරියානු කතා මාලාවක් නිසා මම හිතුවට වඩා ගොඩක් පරක්කු වුණා. මාස 6කට කලින් බාර ගත්තත් මට රැකියාව නිසා වෙලාවක් නැති වුණා. ඒ මදිවට Computer එකත් ලෙඩ දුන්නා. ඉතින් මට සමාවෙන්න ප්‍රමාද වුණාට. ඒත් මම පුලුවන් හැම වෙලාවකම මම උපසිරැසි කරලා ඔන්න ගෙනාවා. මං ස්තූතියි කරනවා baiscope team එකට සහ මට මේ Drama එක උපසිරැසි කරන්න අවස්ථාව දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තූතියි.
රූෆ්ටොප් ප්‍රින්ස් “උඩුමහළට ආ කුමාරයා” නම් කතා මාලාව අතීතයේ දී කිරුළට කෑදර කම නිසාත් පලිගන්න හදන වර්තමානයේ දී බලය ධනය නිසාත් වෛරයට පත් වන වගේ ම තම ආදරය නිසා ජීවිතය නැති වෙන මේ සියලු දේ මුසු ආදරය, වෛරය, කුතුහලය සහ හාස්‍යය රැගත් මෙම කතා මාලාව 2012 වර්ෂයේ SBS කොරියානු නාළිකාවේ විකාශය වුනු කතාවක්. මෙහි ප්‍රධාන චරිතය ලෙස කොරියානු කතා බලන අයට හුරපුරුදු Sungkyunkwan Scandal, Miss Ripley කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුනු Park Yoo-Chun මෙහි Prince Lee Kak / Yong Tae-Yong ලෙසත් Lee San, Wind of the Palace කතා මළාව වගේ ම A Jewel in the Palace හි Shin Biගේ චරිතයෙන් අපි දැකපු Han Ji-Min මෙහි Park Ha / Boo-Yong ලෙසත් ඒ වගේ ම Dong Yi, A Thousand Days’ Promise කතා මාළා තුලින් ප්‍රසිද්ධියට පත් වුන Jung Yoo-Mi මෙහි Hong Se-Na / Hwa-Yong ලෙසත් රංගනයෙන් දායක වෙනවා. මෙය කාල දෙකක දිවෙන කතාවක්. IMDB අගය 7.9/10ක් ලැබී තිබෙන මෙම කතා මාලාව කොටස් 20ක් තුල කතාව ගලා යනවා. අතීතයේ දී සිදු වන කුමරියගේ මරණය නිසා දුකට පත් වූ කුමරු ඇයගේ මරණය විමර්ශනය සිදු කරමින් සිටින අවස්ථාවක කුමක් හෝ අද්භුත බලවේගයකින් ඔවුන් වර්තමානයට පැමිණෙනවා.
ඉතිං කතාව එහෙම නම් දැන් පටන් ගනිමු.
1 වන කොටස
කතාව පටන් ගන්නේ ජෝසන් සමයේ. ඒ කියන්නේ අවරුදු 300කට කලින්. නිදාගෙන හිටපු කිරුළ හිමි කුමරු ඇහැරිලා බලන කොට කුමරිය පේන්න නැහැ. කුමරියට කතා කළත් සද්දයක් නැහැ. ඔහු කෑ ගැහලා පිටතින් ‘කවුරුන් හෝ සිටිනව ද’ කියා ඇසුවත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එකපාරට ම පාලකයෙක් ඇවිත් කුමරුට කියනවා කුමරිය මිය ගිහින් කියලා. රාජ සභාවේ දි කියන්නේ කුමරියගේ මරණය සාමාන්‍ය දෙයක් කියලා. නමුත් කුමරු ඒක විශ්වාස කරන්නේ නැහැ. දුක වැඩි නිසාම කුමරු හිතාගන්නවා මේකට පලිගන්නවා කියලා. කුමරු රහසේ ම අපරාධ විසඳන්න දක්ෂම තුන්දෙනා හොයාගෙන යනවා. මුලින් ම අභිරහස් විසඳන්න දක්ෂ කෙනෙක් ඕනෙනේ. ඒ Song Man-Bo ඕනෑම මිනි මැරුම් නඩුවක් ක් සාක්ෂි සොයාගෙන විසඳන්න දක්ෂ කෙනෙක්. දෙවැනියට කුමරුට දක්ෂ ආරක්ෂකයෙක් ඕනේ. ඒ Woo Yong-Sool දක්ෂ ම කඩුව හසුරුවන්නා වගේ ම දක්ෂ ම සටන් කරුවෙක්. තෙවැනුව කුමරුට පාලකයෙක් ඕනේනේ. ඒ වගේ ම රටේ ම තියෙන ඕප දූප දන්න කෙනෙකුත් ඕනේ. ඒ තමයි Choi Woo-Sik. කුමරු මෙයාලාවත් එකතු කරගෙන අභිරහස විසඳන්න පටන් ගන්නවා. ඒ අතරේ මෙයාලට හෝඩුවාවක් ලැබිලා මෙයාලා කෑලයට යද්දි අපරාධකාරයෝ වගයක් මෙයාලගේ පස්සෙන් පන්නනවා. එයාලගෙන් බේරෙන්න පැනලා යද්දි මොකක් දෝ බලවේගයකින් මෙයාලා අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වුන 4 දෙනා මතුවෙන්නේ වහළ උඩ ගෙදරකින්. ඒ ගෙදර ජීවත් වෙන්නේ ගෑණූ ළමයෙක්.
මෙතනින් එහාට ඉතිං ඔයාලාට හොඳට හිනා වෙවි කම්මැලි නැතුව බලන්න පුළුවන්. මොකද මෙයාලා මේ ලෝකෙට හුරු නෑනේ. හැබැයි කුමරුට මේ ලෝකේ දී කුමරියව මුණ ගැහෙනවා වගේ ම කුමරු වගේ ම කෙනෙකුත් මුණ ගැහෙනවා. ඒ කොහොම ද? මේ පුනරුප්පත්තියක් ද? ඇයි එයාලා අනාගතේ ට ආවේ? ආයේ ජෝසන්වලට යනව ද? නැද්ද? යන්න පුළුවන් වෙයි ද? එකපාරට ම වැටුණු මේ ගෙදර අයිතිකාරිය කවුද? මේවා තමයි මෙයාලට තිබුණු ප්‍රශ්න. මට හිතනවා ඔයාලාටත් මේ පුශ්න ටික ම මතු වෙයි. ඒවට උත්තර දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්න ම වෙනවා.
එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…
ජය වේවා!
ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත baiscopedownloads වෙබ් අඩවියෙන් ලබාගන්න
4,524 downloadsDownload Rooftop-Prince-Episode-01.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
18 comments
MaX-PoweR
තිසර නියෝ
අපේ සයිට් එකේ දුන්නේ නැහැ මේක කලින්
MaX-PoweR
my mistake mn check kara,,ape baiscopelk eken deela ne,,wena site ekakin tiyenne,,sry hode,,!
wickrama98
Tnx Sub එකට.....Plz පුලුවන්නම් මේකටත් Sub දෙනවද.....What’s Wrong with Secretary Kim (2018)
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක ගේමු..
ජය වේවා.!
ඒක නෙවේ කොහොමද මචං ඒක pronounce කරේ :Dතිසර නියෝ
ස්තූතියි
TEP
Ela
TEP
Thanks for sub. Good luck sis.
desha_akuru
patta lassana kathawak..tnx machan...eth macho meke sub ekanam thiyeno wena ekaka..puluwanm wena ekak diyan me wagema lassana
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Bomilapiyumal
WEB dill ekata sub eka hari yan nedda
Video eka download karanda puluvan kohendaSulakshana Thilakarathna
බොහොමත්ම ස්තූතියි,,
Stranger
thanks
Deshani
thank you
Sanjeewa2010
Thnxxxxxxxxxx
evan1122
නියමයි බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


1st Thank u for sub ! :)
meka kalin kenek karala tibba, chuttak balanna ) ,,aluth kathawak denna puluwannam,thank u :)