හායි! කොහොමද යාළුවනේ, ඔයාලා බලනවා ඇති මම කවුද කියලා. මමත් ඔයාලා වගේම බයිස්කෝප් පේජ් එකේ film, drama ඩවුන්ලෝඩ් කරලා බලන කෙනෙක්. ඉතිං මටත් ආසාවක් තිබුණා film එකකට subtitle කරන්න. ගිය අවුරුද්දේ ඉඳලම උත්සාහ කළත් මගේ studies නිසයි job එක නිසයි අවස්තාවක් ලැබුනේ නැහැ. ඒත් දැන් මට අවස්තාවක් ලැබුණා. මං ස්තූ…

හායි! කොහොමද යාළුවනේ, ඔයාලා බලනවා ඇති මම කවුද කියලා. මමත් ඔයාලා වගේම බයිස්කෝප් පේජ් එකේ film, drama ඩවුන්ලෝඩ් කරලා බලන කෙනෙක්. ඉතිං මටත් ආසාවක් තිබුණා film එකකට subtitle කරන්න. ගිය අවුරුද්දේ ඉඳලම උත්සාහ කළත් මගේ studies නිසයි job එක නිසයි අවස්තාවක් ලැබුනේ නැහැ. ඒත් දැන් මට අවස්තාවක් ලැබුණා. මං ස්තූතියි කරනවා baiscope team එකට සහ මට මේ චිත්‍රපටිය උපසිරැසි කරන්න අවස්ථාව දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තූතියි.
එහෙනම් බලමු කතාව දිහා..
කෝට්නි සහ එරිකා ජූනෝ කවුද මේ දෙන්නා. කෝට්නි කියන්නේ කුමරියක් එතකොට එරිකා ජූනෝ පෝප් සංගීත ලොවේ තරුවක්. කතාව නිර්මාණය වන්නේ මේ දෙන්නගෙන්. මේ දෙන්නා ජීවිතයේ වෙනසක් කරන්න හිතාගෙන කඳවුරකට යනවා. කොහොමහරි මේ දෙන්නා වැරදීමකින් නඟින්නේ වැරදි බෝට්ටුවල. කඳවුරුවලට ඇතුල්වෙද්දිම මෙයාලට තේරුණා මෙයාලා ඇවිත් තියෙන්නේ වැරදි කඳවුරුවලට කියලා. ඉතිං දැන් මොකද කරන්නේ? මේ දෙන්නම එම කඳවුරුවල ප්‍රධානියාගේ කාර්යාලයට යනවා. එයාලව හරි තැන්වලට යවන්න කියලා ඉල්ලීමක් කරන්න. ඉතිං ඔයාලම බලන්නකෝ ගියාට පස්සේ මොකද වෙන්නේ, කඳවුරු මාරු වෙලා ගිය දෙන්නට මුහුණ දෙන්න වෙන දේවල් ගැන. හරිම ලස්සන කතාවක්.
ඉතිං මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. මගේ පළවෙනි උපසිරැසිය අරන් අදහස් දක්වලා යන්න කියලා ආරාධනා කරනවා. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,548 downloadsDownload Barbie-in-Rock-N-Royals-2015.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
13 comments
darkshadow95
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!Hashan M. Priyadarshana
Thank you sub ekata..
Jaya wewa!Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..තිසර නියෝ
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Kulanjana Maduranga
g'luck 1st attempt SIS....great work & lot of thanks YAMINA sis...keep it up....
harshani11112
ස්තුති යමීනා
තෙරැවන්සරණයිAnujaya chathuranga
thanks
AsithaDilruwan
ela saho thanks
උදයංග සම්පත් හතරසිංහ
පළවෙනි උපසිරැසියට ජය වේවා..! නතර වෙන්නෙපා සහෝ...! දෙවනි උපසිරැසියත් ඉක්මනට කරපං.. උඹව නතර කරන්න උඹටවත් බැරි වේවි..! ජය වේවා..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Peepteen
Congratz ...thankz.... ❤️❤️ ituru barbie films tikath dennako
දිල්ශාන් සචින්ත
පලමු වැඩේට සුභපැතුම්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Barbie in Rock ‘N Royals (2015) Sinhala Subtitles | ”පොප් කණ්ඩායම සහ රාජකීය කණ්ඩායම” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Barbie-in-rockn-royals-2015.jpg)
යමීනා ඔබට ස්තුතියි මෙම උපසිරැස ලබා දුන්නාට.............