Watch Trailer

The Family Man S01E01 Sinhala Subtitles | ලේ පිපාසිත සුල්ෆිකාර් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Stree (2018) A Gentleman (2017) Happy Ending (2014) Go Goa Gone (2013) මේ චිත්‍රපටි හතර ගැන අහලා තියෙනවද? බලලා තියෙනවද? එහෙනම්, සමහරවිට මේ චිත්‍රපට හතර පිටිපස්සෙ ඉඳපු, Raj Nidimoru සහ Krishna D.K. ගැන අහලා ඇති නේද? නැද්ද…? අහලා තිබුණා හෝ නැතා, ඔබ මේ සූදානම් දෙන්නෙ ඒ දෙදෙනාගේ තවත් වික්‍රමයක් දැකබලා…

Stree (2018)
A Gentleman (2017)
Happy Ending (2014)
Go Goa Gone (2013)
මේ චිත්‍රපටි හතර ගැන අහලා තියෙනවද?
බලලා තියෙනවද?
එහෙනම්, සමහරවිට මේ චිත්‍රපට හතර පිටිපස්සෙ ඉඳපු,
Raj Nidimoru සහ Krishna D.K. ගැන අහලා ඇති නේද?
නැද්ද…?
අහලා තිබුණා හෝ නැතා,
ඔබ මේ සූදානම් දෙන්නෙ ඒ දෙදෙනාගේ තවත් වික්‍රමයක් දැකබලා ගන්නයි.

ඔබට ක්‍රියාදාම ඕනෙද?
දෙන්නම්!
ඔබට ඇඩ්වෙන්චර් ගතිය ඕනෙද?
දෙන්නම්!
ඔබට ත්‍රාසය/භීතිය ඕනෙද?
දෙන්නම්!
ඔබට කුතුහලය ඕනෙද?
ඕනෙවටත් වැඩිය දෙන්නම්!
ඔබට රහස් පරීක්ෂක ගතිය ඕනෙද?
අපොයි දෙන්නම්!
ඔබට කොමඩි ගතියත් ඕනෙද?
ඒකත් එහෙනම් දෙන්නම්!
කෙටියෙන්ම කියනවා නම්…
මේක ඕනෙම විදියක කෙනෙක්ට, ඕනෙම ආකරයකින් ගැලපෙන්න හදපු එකක්!
එහෙනම් අච්චාරුවක් වගේ ඇති නේද?
සමහරු එහෙම කියන්නත් බැරි නෑ.
හැබැයි, මේ අච්චාරුවට මේ වෙද්දි Imdb මීටරය 8.7ක් වෙනකම් කරකවන්න පුලුවන් වෙලා තියෙනවා මහත්තයො!
මනාප ජන්ද 500කින් 1000කින් වගේ වෙන්න ඇති 8.7ක් ගන්න ඇත්තෙ?
ඔය අගයවල් ඉස්සරහට යද්දි තව ගොඩාක් බහිනවා.
තවත් කෙනෙක් එහෙමත් කියන්න බැරි නෑ!
මනාප ජන්ද 500කින් 1000කින් නෙමෙයි…
මදි නොකියන්න 10000+ මනාප සංඛ්‍යාවකින් තමයි Imdb මීටරය 8.7ක් වෙනකම් කරකවලා තියෙන්නෙ මහත්තයො!
එහෙමද? හැබැයි, ඔය වගේ අගයවල් තියෙන කතා දැන් සාමාන්‍ය දෙයක් වෙලා.
කොහේදෝ ඉඳලා තවත් කෙනෙක් කියන්න බැරි නෑ.
දෙයියන්ගෙ නාමෙට දැන්වත් ඔය ආඩපාලි කියන එක නවත්තගන්න…
මේක Top Rated TV ලැයිස්තුවට රිංගලා,
ඒ ලැයිස්තුවේ 187 වෙනි ස්ථානය තමන්ගෙ නමට ලියාගත්තු,
Sacred Games වලින් පස්සෙ ඉන්දියාව නිශ්පාදනය කරපු විශිෂ්ඨතම කතා මාලාව කියලා,
බය නැතුව ඕනෙ තැනක කියන්නම්.
Breathe, Mirzapur ඔබට තිලිණ කරපු Amazon Prime ආයතනයේ තවත් පංකාදු පහේ වැඩක් මේක!
ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ,
බොලිවුඩ් සිනමාව සතු අංක එකේ අද්විතීයම සහ අති දක්ෂම රංගධරයෙකු වන Manoj Bajpayee විසින්.
කුණු ගොඩක් නම්, හොඳයි කියලා, නියමයි කියලා, රවට්ටලා දෙන්නෙ නැහැ වගේම,
සුපිරියක් නම්, මගනොහැරිය යුතු එකක් නම්, බලෙන් හරි බලවන්න දෙපාරක් හිතන්නෙ නෑ!
මේකත් ඒ වගේම සුපිරියක්! මගනොහැරිය යුතුම එකක්!
ඒ නිසා, වාසනාවක් කියලා අංශු මාත්‍රයක් හරි තියෙනවා නම් හිත හිතා ඉන්න එපා!
වගකීමෙන් කියනවා, මේක මගහැර ගන්නවා කියන්නෙ…
කතා දෙකක් නෑ, පෙර ආත්මයක ඔබ කරලා ඇති මෙච්චරයි කියලා කියන්න බැරි තරමෙ පාපයක්!
තවමත් බලන්න හිතුණෙ නැද්ද?
කමක් නැහැ. හිත හදාගන්න!
ඒ වගේම, මතක ඇතුව පිං අතේ වැඩ ටිකක් කරගන්න!
මතු ආත්මවලදි මේ වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ මගහැරගන්න සිත් පහල නොවේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරන්න!

මුලින්ම කියන්නම්, ඔබ බලාපොරොත්තු වෙන්නෙ මසාලා ටයිප් එකේ කතාවක් නම්, අහිතක් හිතන්නෙ නැහැ දැන්මම හැරිලා යන්න. මේ ඒ වගේ අයට හරියන තැනක් නෙමෙයි. ඔබ හොයන්නෙ, පොලවෙ පයගහලා ඉන්න සාමාන්‍ය මිනිස්සු ඉන්න කතාවක් නම්, එහෙනම් ඔබ ඇවිත් ඉන්නෙ හරිම තැනට. වීරයා ඇවිල්ලා සීයකට විතර තනියෙන් ගේම දෙන්නෙ නැහැ. මල් ගස් වටේ අත් අල්ලගෙන නටන මල් සිංදු නැහැ. කීයකටවත් වෙන්න බැරි විදියෙ ගොබ්බ තර්ක නැහැ. කොටින්ම, මේක පුහු ආටෝප වලින් තොර, ඇත්ත ලෝකයේ කතාවක්. හැබැයි, එහෙමෙයි කියලා ඔබ හිතනවා නම් මේක හෙන කම්මැළි ඇති කියලා, අන්න ඔබට වැරදිච්ච තැන. පලවෙනි කතාව නිකමට බලන්න. වගකීමෙන් කියනවා, ඔබ පලවෙනි කතා සමයෙ කොටස් දහයම බලලයි නවතින්නෙ.

සිරියානු බිමෙහි ISIS ත්‍රස්ත පුහුණුව ලැබූ ත්‍රස්තයින් තිදෙනෙක්…
සියල්ලන්ගේම ඇස් වසමින්, මුහුදු බඩ මාර්ගය ඔස්සෙ ඔවුන් ඉන්දීය අර්ධද්වීපයට ඇතුලූවීමට උත්සාහ දරණ්නේ කුමකටද?
ඉන්දීය වෙරලාරක්ෂක සේවයේ ග්‍රහණයට හසුවූවත්,
ඉන් මිදී පයා යෑමට මෙම ත්‍රස්තයින් තිදෙනා සමත් වෙනවා!
නමුත්, ඒ වන විටත් ඉන්දියානු රහස් ඔත්තු සේවයට ඔවුන්ගෙ ඉව දැනී අවසානයි.
ඉන්දියානු රහස් ඔත්තු සේවයේ කීර්තිමත්ම රහස් නියෝජිත ශ්‍රීකාන්ත් තිවාරි සිය දඩයම ආරම්භ කරනු ලබනවා!
නමුත්, ඔහු මේ හඹා යන දඩයම…
ඔහු සිහිනෙන් හෝ නොසිතන, නොපතන අන්දමේ බිහිසුණු මාවතක් විවර කරනු ලබනවා!

යකෝ! ඕකද එතකොට කතාව? ඕක ඇවිල්ලා සාම්ප්‍රදායික කතාවක්නෙ. ඔය වගේ කතා අපි ඕනෙ තරම් බලලා තියෙනවා. එහෙම හිතෙනවා නම්, මේකත් මතක තියාගන්න. ඔය තියෙන විස්තරයේ කතාවෙන් සීයට දශම එකක්වත් අන්තර්ගත වෙන්නෙ නැහැ. වගකීමෙන් කියනවා, කතා මාළාවෙ අවසානයක් වෙනකම් ඔබටවත් හිතාගන්න බැරිවේවි ඇත්තටම මොකක්ද මේ වෙන්නෙ කියලා. මොහොතින් මොහොත ඔබ අනුමාන ගොඩනගාවි මෙන්න මේකයි කතාවෙ ඉස්සරහට වෙන්නෙ කියලා. හිතවත් මිතුරු මිතුරියනි, ඔබට පොඩි අවවාදයක් දෙන්නම්. ඔබ ඕනෙම දෙයක් කරගන්න. ඒකට මගේ අමනාපයක් නැහැ. හැබැයි, කතාව අනුමාන කරන්න ගිහිං අන්තිමට දුක් වෙන්න වැඩ සිද්ධකරගන්න එපා. මොකද, ඔබට පෙනෙන දේ නෙමෙයි ඇත්තටම සිද්ධවෙන්නෙ! ඔබ හිතන දේ නෙමෙයි අන්තිමට සිද්ධවෙන්නෙ! ඒ නිසා, පණපිටින් මැරි මැරී මේ කතාව රසවිඳින්න! එපමණයි ඔබට අවසර!

අවසාන වශයෙන් කියන්නම්, මේ වෙනකොට පලමු කතා මාළාවෙ කොටස් දහයටම සම්පූර්ණයෙන්ම උපසිරැසි ගන්වා අවසානයි. අද පටන්, පුරා දින දහයක්, හරියටම හවස 4ට බයිස්කෝප් සිංහලෙන් අපත් සමගින් අත්වැල් බැඳගන්න. දිනකට එක කතාංගය බැගින්, දවස් දහයෙන් සම්පූර්ණ කතා මාළාවම ඔබ අතට පත්කරන්න මේ වනවිටත් සියළු කටයුතු සූදානම් කර හමාරයි. අතිශයින් ඇබ්බැහිවෙනසුළු මේ වගෙ කතාවක් ප්‍රේක්ශකයෙක් විදියට දවස් දහයක් අදිනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි කියලා දන්නවා. ඒත්, ටිකක් ඉවසන්න පුරුදු වෙන්න. මේ දවස් දහය ඔබටත් නොදැනීම අසුරු සැණින් ගෙවිලා යාවි. නිකංම නෙමෙයි. කාලාන්තරයකට අමතක නොවෙන කතා මාළාවක් ඔබගේ මතකයේ ඉතුරු කරමින්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

14,390 downloadsDownload The-Family-Man-S01E01.zip34 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

             

 

Subtitles

14,390 downloadsDownload Subtitles34 KB

54 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo obata sub ekata .... balagenama hitapu tv series ekak ...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

    1. harris

      Thnks bro sub ekata

  3. ravindu_1987

    Thank you very much

  4. Kanchana

    Thanx saho

  5. Stranger

    thanks

  6. geeganagamage

    බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම අරගෙන බලනවා .

  7. Buddi

    Thanks...........

  8. Ayesh Prashan

    Thank You Aniwa Balano

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....

  10. rehani

    thank you...

  11. subodha

    Thanks

  12. Dilanka Wijesingha Yasindu

    Link දාලා නෑ නෙහ් Download කරන්න.....Sub එකට නම් Thanks,

    1. සනිඳු ලක්ඛිත

      Baiscopedownlodes.co ඔන්න ඕකෙ දාලා තියෙන්නෙ. ගිහින් බලන්න!

  13. Suranjan

    Thanks machan......jayawewa.......!

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ලිපියත් ලියලා තියෙනවා ඇඩෙන්න. අර කිව්වත් වගේ මේවා දවසට එක ගානෙ බලන්න බෑ. එකතු කරලම බලනවා. මේක ගැන කලින් දැනන් හිටියෙත් නෑ. මෙ වගේ ඒවා හොයලා බලලා උපසිරස ලබා දෙන එකට තවත් වාරයක් ස්තූති සහෝ...ජය වේවා!

  15. Prabashjayawardane

    ලිපිය දැක්කම අනිවා බලන්නම හිතුනා. Cmplte season එකම download දාලා දැන් උපසිරැසි ටික එනකම් බලන් ඉන්නවා.බෝම ස්තූතියි අපි වෙනුවෙන් කරන මේ සේවාවට...ජයවේවා සහෝ..

  16. kodagoda

    ammo tnx sahoo iwaraweakanma blnawa obata jaya

  17. Pramukmili

    thanxx bro..........

  18. Hemal

    Thank you

  19. prageeth

    thanks bro

  20. Sampathkelum

    Thanx bro

  21. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  22. im lovin it

    ammo ee lipiya mawa pissek kara..dan nam nobalama ba wage :D

  23. mmkasun

    thanx

  24. Kapila4499

    thanks

  25. pasi.roy

    Thanks sub ekata THE Handmaid tale s ithuru tikata sub denna puluwan num

  26. jeewantha

    කථාව ගැන විස්තරය හරියටම හරි. සුපිරිම කථාවක්. ඉන්දියාවේ උන්ට පිස්සු හැදිලද මන්දා. සුපරිම කථා නේ හදන්නේ.

  27. nishannw

    Thank u

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Sanjeewa2010

    Pttaaaaaaaaa

  30. Wimukthi Sagara Silva

    SUPERB..thank you machoo

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. sampath n perera

    LIPIYA BALALA ASA HITHUNA
    THANKS

  33. Dewadithya

    Thanks for Sub!

  34. Saranga J. Liyanagama

    බොහෝම ස්තුතියි සබ් එකට.. ජයවේවා…!!

  35. Kanchaka

    Thanks bro

  36. jayavi

    yakoo muge talka ela ela down karalama balannam

  37. mindika

    Thanks !!!!!!!!!!!!

  38. melinda

    thank you

  39. CHAMIKA MADUSHAN

    thanks for ur commitment

  40. sachin

    Thanx machan sub ekt.baiscopelk ekt jaya!

  41. Anonymous

    thank you

  42. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  43. Prasad

    ela ela macho..thanks

  44. danu

    superb work brother , please update 02nd season also ......

  45. Anonymous

    Thnx for sub ...❤️

  46. Keerthi

    thanks

  47. lakshan

    thank you bro

  48. Manu

    Godak sthuthi..Jaya wewa!

  49. Deepal Aruna Shantha

    කතාව නම් තාම බැලුවේ නැ, ඒ උනාට ඉන්ට්‍රෝ letter එක හම්මෝ පිස්සු හැදෙනවා. දැන් ඔයා කරන්නේ මොන රස්සාව උනත් බහින්න sale ෆීල්ඩ් එකට පට්ට තැනක් ඔයාට හදාගන්න පුළුවන් සුභ ගමන්.

  50. Wikum Senadeera

    Web-DL download karanna puluwan website eka mokakda

    1. විමා

      baiscopedownloads . co

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.