වසා දැමුණ වෙලෝනි නැමැති තරුණියගේ මරණය පිළිබඳ පරීක්ෂණය, SI විවේක් ඉහල නිලධාරීන්ට නොදන්වා රහසේම විමර්ශනය කිරීමට පටන් ගන්නවා. වෙලෝනිව, විවේක්ට නම් තවමත් අමතක කරන්න බැරි වුණා. එයාගේ එකම බලාපොරොත්තුව වෙලෝනිට යුක්තිය ඉටුකිරීමයි. විමර්ශනය ඉදිරියටම කරගෙන යාම වෙනුවෙන් ඔහු ඇලෙක්ස් කියන යොවුන් වියේ පසුවන තරුණ…

වසා දැමුණ වෙලෝනි නැමැති තරුණියගේ මරණය පිළිබඳ පරීක්ෂණය, SI විවේක් ඉහල නිලධාරීන්ට නොදන්වා රහසේම විමර්ශනය කිරීමට පටන් ගන්නවා. වෙලෝනිව, විවේක්ට නම් තවමත් අමතක කරන්න බැරි වුණා. එයාගේ එකම බලාපොරොත්තුව වෙලෝනිට යුක්තිය ඉටුකිරීමයි. විමර්ශනය ඉදිරියටම කරගෙන යාම වෙනුවෙන් ඔහු ඇලෙක්ස් කියන යොවුන් වියේ පසුවන තරුණයාගෙන් සහය ලබා ගන්නවා. විග්නේෂ් අපරාධකාරයා කරලා පරීක්ෂණය වසා දැම්මත් විග්නේෂ් මැරෙන්න කලින් ලිව්ව සියදිවි නසා ගැනීමේ ලිපිය විවේක්ට හම්බ වුණා. ලිපිය SPට ඉදිරිපත් කල වෙලාවෙදි SP ඒ ලිපිය ගිනි තබා විනාශ කර දමනවා. ඒත් හොඳ වෙලාවට, විවේක් ෆෝන් එකෙන් ලිපියේ පෝටෝ එකක් අරගෙන් තිබුණා. මරණ පරීක්ණයෙන් නම් කියන්නෙ විග්නේෂ් සියදිවි නසාගන්න කලින් ඇල්කොහොල් අධි පරිමාණයෙන් ශරීර ගත වෙලා තියෙනවා. ඩොක්ටර් පෝල්රාජ් කියන විදියට තව මිලි ලීටර 10ක් ශරීර ගත වුණා නම් ඇල්කොහොල් වලින්ම විග්නේෂ් මැරෙන්න පුළුවන් තරමටම. ඊටත් විශේෂත්වය වෙන්නේ මේ ලිපියේ විග්නේෂ්ගේ ඇඟිලි සළකුණ සටහන් කරලා තියෙනවා. තොරතුරු ලැබෙන විදියට, වෙලෝනි වෙනත් කොල්ලෝ එක්ක ෆෝන් එකෙන් කතා කරනවා කියන එක විග්නේෂ් දැනගෙන ඉඳලා තියෙනවා. කොහොම වුණත් වෙලෝනි, විග්නේෂ්ට කැමති වෙලා නැහැ. මේ අතරෙදි විවේක් මේ පරීක්ෂණයේ, විමර්ශනය කරගෙන යන වග SPට දැනගන්න ලැබෙනවා. මේ සම්බන්ධව විවේක්ට අවවාද කරනවා. නිතරම SP මේ පරීක්ෂණයේ හරහට හිටියා. ඒ නිසාම SP ගැනත් සැකයක් ඇතිවෙලා තිබුණා. කොහොම වුණත් විවේක්, ඇලෙක්ස්වත් කතා කරගෙන, ඔට්ටපාරෛ වලට ගිහින් සන්තෝෂ්, සංජීව්, සනී යන තුන්දෙනාව බය කරලා තොරතුරක් දැනගන්න පිටත් වුණා. එයාලා විවේක්ගේ තර්ජන කිසිම ගණනකට ගත්තෙ නැහැ. ඒත් එයාලගෙ අම්මා විකාරයෙන් වගේ දොඩවමින් හිටියා. කොහොම වුණත් විවේක්ට මේ කාගෙන් වත් තොරතුරක් අරගන්න බැරිවෙනවා. මේ වෙද්දි කොල්ලෝ තුන්දෙනාගේ අම්මට හොඳටම අසනීප වෙලා. හිතින් එක එක රූප මවාගත්තා. සන්තෝෂ්, සංජීව්, සනී යන තුන්දෙනා ආදයමක් උපයගන්න කැලෑවේ සතුන් දඩයම් කරා. දඩයම් කරන සතුන් ඉහල තරාතිරම් වල අයට ගෙනැවිත් දුන්නා. ඒ නිසාම මේ තුන්දෙනා, ඒ අයගේ සහය ලැබෙන නිසා ධෛර්යයෙන් හිටියේ. මේ අතරෙදි වෙලෝනි අතුරුදහන් වෙන්න දින කිහිපයකට කලින් කළු පැහැති, උස මිනිහෙක් එක්ක කතා කරමින් හිටය බව විවේක්ට දැනගන්න ලැබෙනවා. විවේක් මේ ඔස්සේ යමින් වෙලෝනිගේ අම්මාගෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරක් දැනගන්න යනවා. එතැනදී වෙලෝනිගේ අම්මාගේන් KI සෙබස්තියන් නම් කෙනෙකුගේ නමක් දැනගන්න ලැබෙනවා. ඔහු ලේඛකයෙක්. විවේක් හා ඇලෙක්ස් සෙබස්තියන් නම් මහළු වයසේ පසුවන ලේඛකයාගේ දුරකථන අංකය හොයාගෙන කතා කරත්, සෙබස්තියන් ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. සෙබස්තියන්ගේ හැසීරීම සැක හිතුන විවේක් සෙබස්තියන් මුණ ගැසීමට කොයම්බතූර් බලා පිටත් වුණා. වැඩිදුර යන්න කලින්, සෙබස්තියන්ගෙන් ලැබුණ ඇමතුමක් නිසාවෙන් නැවතත් කන්‍යාකුමාරි පොලිස් ස්ථානයට පැමිණෙනවා. කොහොම වුණත් සෙබස්තියන් වෙලෝනිගේ මරණයට සම්බන්ධ නැති බව කියමින්, එයා වෙලෝනි ගැන දන්න විස්තර විවේක්ට ලබා දෙනවා. විවේක්ට දැන් වෙලෝනි ගැන හිතලම පිස්සු වැටිලා. හවසට වෙලෝනි ගැන දුක් වෙවී බොන්න ගත්තා. විවේක්ගේ නෝනා ආනන්දිගේ ඉවසීම නැති වෙලා තිබුණේ. මේ අතරෙදි කොල්ලො තුන්දෙනාගේ අම්මා ඔක්කොම දේවල් පාපෝච්චාරණය කරන්න ලැහැස්ති වෙනවා. එයාගේ ලෙඩේත් දැන් උත්සන්න වෙලා තිබුණා. ඒත් තවම ප්‍රතිකාරයක් කරන්න රෝහලට එක්කගෙන ගිහින් තිබුණේ නැහැ. සැරින් සැරේට එක එක දේවල් මවාගෙන විකාරෙන් කෑගැහුවා. මරණ බයෙන් වගේ හිටිය මෙයා සිද්ද වුණ දේවල් පාපෝච්චාරණය කරන්න SI විවේක්ට ඔට්ටපාරෛ වලට එන්න කියලා පණිවිඩයක් යවනවා. පිස්සුවෙන් වගේ කියවන නාකි මනුස්සයා මොනවා කියාවිද? වෙලෝනිගේ මරණයේ නියම අපරාධකාරයා හොයාගන්න පුළුවන් වේවිද?
හතරවැනි කොටසේ ලිපියෙන් එස්. ජේ. සූර්යා ගැන විස්තර ටිකක් සඳහන් කරලා ඔයාලව දැනුවත් කරා. සූර්යා කතා මාලාවක රඟපාන පලමු අවස්ථාවක් මේක. මේ කතාව ටිකක් ඇදි ඇදී යන කතාවක් වගේම හෙමින් යන නිසාම ටිකක් කම්මැලි හිතෙන්න පුළුවන්. සූර්යා නිසා ඒ ගතිය ගොඩක් දුරට අවම වෙලා තියෙනවා. ඒ වුණත් සූර්යාගේ රංගනයේ සුවිශේෂ ක්‍රියාශීලී භාවයක් සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. මේ කතා මාලාවෙදි සූර්යා, විවේක් කියන චරිතයට හිර වෙලා ඉන්න පාටක් තමයි පේන්නෙ. සූර්යා සාමාන්‍යයෙන් කලබලකාරී, නැත්නම් නිහඬ කලබලකාරී චරිත තමයි ඉදිරිපත් කරන්නෙ. වෙන්නෙ ලස්සන කතාවක් වුණත් අධ්‍යක්ෂණයේ අඩු පාඩු පෙන්වන බව තමයි විවේචකයින්ගේ අදහස. කොහොම වුණත් මෙහි අධ්‍යක්ෂණය සහ රචනය ඇන්ඩෘ ලුවිස් විසින් කර තිබෙනවා.
කලින් කිව්වා වගේම PHONEIX සහෝදරයාගේ මූලිකත්වයෙන් ඔයාලට අරගෙන ආව මේ වදන්දි කතා මාලාවේ, පලමු කොටසින් රවිඳු හේෂාන් අයියා, දෙවන, පස්වන කොටස් වලින් ඔෂධ ධනංජය අයියා, තුන්වන කොටසින් දහරා මුතු අමා අක්කා සම්බන්ධ වුණා. මමත් හතරවැනි, හයවැනි කොටස් වලින් උපසිරැසි ලබා දුන්නා. තව තවත් මේ වගේ කතා මාලා වලට උපසිරැසි ලබාදෙන්න ධෛර්යමත් කිරීමක් විදියට මේ හැමෝටම ඔයාලගේ ස්තූතිය ලැබෙන්න ඕන. ආයෙමත් අටවැනි සහ අවසන් කොටසින් හමුවෙන්නම්. හැමදාමත් වගේ අදහස් දක්වන ඔබ සැමට ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,105 downloadsDownload Vdhndhi-2022-S01-EP06.zip2.0 MB
අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
12 comments
Chandima
Chalindu Deshan
oya nam thada sagor
chamara
Tulsa king dennako
PCVENOM
super series
Viraj
Thanks
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥jgjAvishka
ep 7 link eka weda karanne ne ne
Kushan
Sub akta thanks
Ravindra
Thanks sub ekata
tharusha
supiri episode 7,8 tikat ikmanata one
Waruna mm
07 වෙනි episode එක වැඩ නෑනේ..no found වෙනවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vadhandhi: The Fable of Velonie [S01 : E06] Sinhala Subtitles | පුතුන් යයි පිය මග. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/වදන්දි-2.jpg)



Thank You Subtitle Ekata