Watch Trailer

Chainsaw Man [S01 : E12] Sinhala Subtitles | දරුණු සටන් සමඟින්, තාවකාලික විරාමයක්… [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! ඔන්න එහෙනම් “චේන්සෝ මෑන්” 12වෙනි එපියටත් සබ් අරගෙන ආවා. එහෙනම් කලින් එපිය ගැන මතක් කරගෙන ඉමු. ෆියුචර් ඩෙවිල් ගාවට ගිය අකී, අන්තිමේදී ගිවිසුමකට ආවා. හැබැයි පුදුමම කාරණේ උනේ ෆියුචර් ඩෙවිල් ඒ වෙනුවෙන් කිසිම කැපකිරීමක් ඉල්ලා නොසිටීම. කතාව මෙතෙක් බලාගෙන ආපූ ඔයාලත…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! ඔන්න එහෙනම් “චේන්සෝ මෑන්” 12වෙනි එපියටත් සබ් අරගෙන ආවා. එහෙනම් කලින් එපිය ගැන මතක් කරගෙන ඉමු.

ෆියුචර් ඩෙවිල් ගාවට ගිය අකී, අන්තිමේදී ගිවිසුමකට ආවා. හැබැයි පුදුමම කාරණේ උනේ ෆියුචර් ඩෙවිල් ඒ වෙනුවෙන් කිසිම කැපකිරීමක් ඉල්ලා නොසිටීම. කතාව මෙතෙක් බලාගෙන ආපූ ඔයාලත් දැන් දන්නවා ඩෙවිල් කෙනෙක් එක්ක ගිවිසුමට එනවා නම් කැප කිරීමක් කරන්න ඕනේ කියලා. නමුත් අකීට කිසිම කැප කිරීමක් කරන්න ලැබුණේ නෑ. ෆියුචර් ඩෙවිල් ඉල්ලපු එකම දේ උනේ, අකීගේ දකුණු ඇහේ ඉන්න අවස්ථාව දෙන්න කියන එක පමණයි. ඉතින් ඒ නිසා අකීට දැන් පොඩි කාලයකට පමණක් අනාගතය දැකීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ තත්ත්පර කිහිපයකට වගේ. ඒ වගේම ෆියුචර් ඩෙවිල් කිව්වා “මැරෙන්න පුලුවන් අන්තම විදිහට අකී මැරෙනවා කියලා. ඇත්තටම මේ අකීගේ අනාගතය ගැන හින්ට් එකක්ද?

ඒ වගේම අපි දැක්කා කිෂිබේ දැන් ඩෙන්ජිව සහ පවර්ව පුහුණු කිරීම ඉතා සාර්ථකව කරගෙන යනවා කියලා. ඉතින් දැන් කටානාකාරයා සහ අර කෙල්ල ඇතුළු පිරිස අල්ලන මෙහෙයුමට ඩෙන්ජී සහ පවර්වත් එකතු කරලා. විශේෂයෙන්ම කියන්න ඕනේ කිෂිබේ සහ මකිමා අතර වුණු ‍සංවාදය. මේ සංවාදයේදී අපිට හිතන්න කරුණු ටිකක් මතුවුණා. පළවෙනි දේ තමා කිෂිබේ මතු කළා, කටානාකාරයා ඇතුළු පිරිස කරපු පහර දීම ගැන මකිමා දැනගෙන හිටියාද කියලා. ඒ වගේම කිෂිබේ ටිකක් දරුණු විදිහට මකිමට වාග් ප්‍රහාරයක් දෙනවා ඔයාලත් දකින්න ඇති. ඇත්තම කිව්වොත් ඒක එක්තරා විදිහක තර්ජනය කිරීමක්. කිෂිබේ හා මකිමා අතර අපි නොදන්න විදිහේ හුටපටයක් තියෙනවා වගේ. කොහොමත් අපි අඩුවෙන්ම තොරතුරු දන්නේ මේ චරිත දෙක ගැන නිසා, තවම මොකුත් කියන්න බෑ.

ඒ වගේම මකිමා සවාතරී ගැන තොරතුරු ගන්න යකුසා කල්ලියක් ළඟට යනවා. ඒ හිටපු සෙට් එකේ පවුලේ අයගේ ඇස් උගුල්ලලා තිබ්බ විදිහ දකින්න ඇතිනේ. ඇත්තටම මේ මකිමා මොන විදිහේ කෙනෙක්ද? ඉදිරියට ඒ ගැන බලමු. ඉතින් ඔන්න ස්පෙෂල් ඩිවිෂන් දැන් ගේමට බැහැලා ඉන්නේ. සියලුම කණ්ඩායම් එකාබද්ධ කරලා දැන් පහර දීමක් කරනවා. ඒ වගේම අලුත් චරිත කිහිපයක් කතාවට එකතු උනා. ඒ තමා ෂාක් ෆීන්ඩ්, වයලන්ස් ෆීන්ඩ්, ස්පයිඩර් ඩෙවිල් සහ ඒන්ජල් ඩෙවිල්. මෙයාලගේ හැකියාවන් ගැන කලින් එපියෙදි කිව්වනේ. ඒ වගේම අකී දැන් සවාතරී එක්ක සටනේ ඉන්නේ. ඒ වගේම හිමෙනෝගේ ගෝස්ට් ඩෙවිල් පවා දැන් සවාතරී එක්ක ඉන්නේ. ඉතින් මොනවයින් මොනා වෙයිද? ඩෙන්ජි කටානාකාරයාව පරද්දයිද? මෙහෙයුම සාර්ථක වෙයිද? එහෙනම් උත්තර හොයාගන්න එක දැන් ඔයාලට භාරයි.

ඉතින් ඔන්න සති 12ක් තිස්සේ අපි හැමෝම ගොඩක් ආසාවෙන්, ගැම්මෙන් බලපු මේ අවුරුද්දේ ආපූ සුපිරිම ඇනිමේ සීරීස් එකක් වෙන “චේන්සෝ මෑන්” පළවෙනි සීසන් එක මේ විදිහට අවසන් වෙනවා. ඇත්තටම මාරම සතුටුයි ගොඩ දෙනෙක් මේ ඇනිමේ සීරිස් එක එක්ක එකතුවෙලා ඉන්නවා දැක්කම. ඉතින් මගේ පැත්තෙන් කරන්න පුලුවන් උපරිමයෙන්ම මම කළා කියලා විශ්වාස කරනවා. ඔයාලගේ අදහස් දැක්කාම ඒ ගැන මට හිතාගන්න පුලුවන්. ඉතින් ගොඩක් ස්තූතිවන්ත වෙන්නේ සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන “අශාන් විමුක්ති” අයියට මේ සුපිරියට මට උපසිරසි කරන්න අවස්ථාව ලබාදීම ගැන.❤️ ඒ වගේම සබ් එක බාගෙන අඩුම තරමේ අදහසක් කොටලා යන්න වෙලාව ගත්ත අයටත් ගොඩක් ස්තූතියි කියනවා.❤️

ඉතින් “චේන්සෝ මෑන්” දෙවෙනි සීසන් එකක් ගැන නම් මේ වෙනකන් තොරතුරක් නෑ. ලබන අවුරුද්දේ නම් ආයෙත් “චේන්සෝ මෑන්” අපිට බලන්න ලැබෙයිද කියන එකත් සැක සහිතයි. මොකද Mappa Studio එකේ ලොකුම projects දෙකක් වෙන “ඇටෑක් ඔන් ටයිටන් සීසන් 4 පාර්ට් 3 සහ ජුජුට්සු කයිසෙන් සීසන් 2 ලබන අවුරුද්දේ තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම ලොකු හයිප් එකක් තියෙන වින්ඩ්ලෑන්ඩ් සාගා සීසන් 2 පවා දැන් Mappa Studio එකෙන් කරන්නේ. ඒ වගේම වන් පන්ච් මෑන් සීසන් 3 ත් Mappa ම කරනවා කියලා ආරංචි යනවා. ඉතින් පේනවනේ Mappa දැන් ලෙසටම බිසී. මීළඟට අපිට චේන්සෝ මෑන් මූවී එකක් බලන්න ලැබෙයිදෝ කියලා මට නිකමට හිතෙනවා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. එහෙනම් මගේ වැඩ මම මෙතනින් අහවර කරනවා. උදාවෙන 2023 නව වසර හැමෝටම ජයග්‍රාහී වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

අද කතාවේ නම – Katana vs Chainsaw
Imdb අගය – 9.0
Directed by – Ryu Nakayama
Storyboarded by – Ryu Nakayama
Ending Theme Song – Fight Song
ගායනය – Eve
විකාශය වූ දිනය – 2022 දෙසැම්බර් 27

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.

4,325 downloadsDownload Chainsaw-Man-S01-E12-Bluray-Updated.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

4,325 downloadsDownload Subtitles18 KB

17 comments

  1. ishan waruna

    Tnx bn mechchara kal sub dunnata❤️

  2. හිෂාන්

    2024දී Season 02 එක එනවා කියලා හුඟ දෙනෙක් Twitter එකේ කියලා තියෙනවා/කතා වෙනවා...!

    ඒ වගේම තමා, 2500ක් විතර කට්ටිය, Chainsaw Man Anime එක re-make කරන්න කියලා පෙත්සමක් අත්සන් කරගෙනත් යනවා.. (මගේ පෞද්ගලික අදහස නම්, මේ ආපු එක පට්ට... ආයෙත් මේකම හදන්න resources පාවිච්චි කරනවාට වඩා හොඳයි, Season 02 එක සුපිරියටම හදන එක... මං නම්, 3D Anime එකක් විඩිහට season 02 එන එකටත් මාර කැමතියි.)

    BTW, Thanks Brother. We enjoyed the whole season with your HIGH QUALITY Sinhala subtitles. :mrgreen: ♥️❤️‍❤️‍ Season 02 එකත් උඹගෙන්ම sub අරගෙන බලන්න ආසාවෙන් ඉන්නේ අපි...!❤️‍

    1. Pavith Wijesooriya

      re make නම් වෙන්නේ නෑ. මොකද Mappa කරන්න පුලුවන් උපරිම සාධාරණය කළා සීරීස් එකට. අනික ඔය පෙත්සම් ගහන අය re make කරන්න කියන එකට සාධාරණ හේතුවක් මතු කරන්න සමත් වෙලා නෑ. කොහොමත් සීරීස් එක ගැන ගොඩක් අය තෘප්තිමත්. මේක ලෙසටම කරලා තිබ්බා.

      and thank you so much for your heart touching comment dude. Definitely, I'll provide subtitles for next season or movie. So stay with us.❤️

    1. Keshara

      Ade thanq bn.

  3. Hiranya akash

    2023 එන්න තියෙන Demon slayer session 3 එකත් subtitles ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව ❤️❤️❤️Thank you

    1. Anonymous

      Uparasiyata sthuti saho

  4. Anonymous

    ongoin ma sub hambuna eka watinawa. thanks

  5. LUCIFER

    Thankss sub ekata puluwannam haikyuu tv searis ekata sub eka dannko season 1 witharai dala thiyenne ithuru tikath ikmnata danna plzz

  6. Imesh Perera

    thanks sub okkotama..

  7. Kasun Shamika

    Sub එකට බොහෝම ස්තූතියි සගෝ. Series එකටම sub එක පාර බාගෙන, දැන් බලලා ඉවර කළේ... MAPPA එකේ Animationsවලටත් වඩා sub එකට හිත ගියා...

  8. Anonymous

    one piece එකේ subtitles කොහෙවත් නෑනේ, මේවගේ කෙනෙක් one piece එකේ subtitles නුත් හැදුවනම් සුපිරි.
    anyway chainsaw man subtitles සුපිරියටම හදල තියෙනවා

  9. Anuja Lakshitha

    thanks ayye sub ekt

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chinthaka.max4

    thankx machan

  12. ashen

    thanks . puluvnnam one punch man season 2 ekai steins gate anime ekatai sub denna

  13. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි ❤