“කවුරුහරි කෙනෙක් කනවා බලන් ඉන්නකොට නෙවෙයි අපේ කටට කෙළ උනන්නේ, ඒ පුද්ගලයා රසවිඳින හැටි බලන් ඉන්නකොටයි.” අන්න ඒ විදිහේ කතා මාලවක් ගැනයි මේ කියන්න යන්නේ. මෙය 2017 අවුරුද්දේ Netflix ආයතනය මඟින් නිකුත් කරපු ජපාන වෙබ් සීරීස් එකක්. විනාඩි 20 ක කතාංග 12ක් මෙහි සමන්විත වෙනවා. කොයිවෙලාවෙත් කනබොන සිහියෙන් ඉන්…

“කවුරුහරි කෙනෙක් කනවා බලන් ඉන්නකොට නෙවෙයි අපේ කටට කෙළ උනන්නේ, ඒ පුද්ගලයා රසවිඳින හැටි බලන් ඉන්නකොටයි.”
අන්න ඒ විදිහේ කතා මාලවක් ගැනයි මේ කියන්න යන්නේ. මෙය 2017 අවුරුද්දේ Netflix ආයතනය මඟින් නිකුත් කරපු ජපාන වෙබ් සීරීස් එකක්. විනාඩි 20 ක කතාංග 12ක් මෙහි සමන්විත වෙනවා. කොයිවෙලාවෙත් කනබොන සිහියෙන් ඉන්න අයට කියාපු කතාව. කෑම විතරක් නෙවෙයි, ඒ කෑම තුලින් ජීවිතයට අලුත් යමක් කියාදෙන්නත් ජපන්නු මෙයින් උත්සහ කරනවා.
අපි බහුතරය පිටරට ආහාර සංස්කෘතිය ගැන දන්නේ හරිම සීමිත දේවල් ටිකක්නේ. ඉන්දියානු කෑම ගැන ටිකක් එහෙන් මෙහෙන් දන්නෝ එච්චරයිනේ. හැබැයි ජපානය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් රටක්. වෙනස් භාෂාවක්, වෙනස් සංස්කෘතියක්. එහේ ආහාර වුණත් එහෙම තමයි. ඔවුන්ගේ ප්‍රධානතම ආහාරය තමා බත්. ඊට අමතරව සුප් වර්ග, එළවළු වර්ග, මුහුදු ආහාර ආදිය එහේ ගොඩක් ජනප්‍රියයි. සුෂි/sushi කියන කෑම වර්ගය ගැන එහෙම බොහෝ අය අහලා ඇතිනේ.
ඉතින් මේ Samurai Gourmet කියන කතාමාලාවේ, ප්‍රධාන චරිතය තමා “ටකේශි කසුමි”. විශ්‍රාමික අවුරුදු 60ක පුද්ගලයෙක් වෙන මොහු ජීවිත කාලය පුරාම තමන්ගේ ආයතනය වෙනුවෙන් මහන්සි වුණු කෙනෙක්. ඉතින් විශ්‍රාම ගියාට පස්සේ ඔහු හිතනවා ඔහුගේ ජීවන රටාව වෙනස් කරගන්න. ඒත් කොහොමද වෙනස් කරගන්නේ? ඔහු එක් එක් කෑම කඩවලට ගිහින් ඒවාහි තියෙන විවිධ කෑම රස බලන්න පටන් ගන්නවා. ලොකු ලොකු කෑම ජාති නෙවෙයි, හරිම සරල දේවල් තමයි ටකේශි රස බලන්නේ. මෙහි ඇතුලත් කතා ද ඒ විදිහටම සරලයි. ලොකු plot එකක් තියෙන, සංකීර්ණ, ගැඹුරු කතා බලාපොරොත්තුවෙන් නම් මේක බලන්න එපා.

කාටහරි හිතේවිද දන්නේ නෑ මේක නිකංම කෑම හදන හැටි පෙන්වන documentary වර්ගයේ කතාවක් කියලා. එහෙනම් ඔබට වැරදිලා. ටකේශි මහත්මයගේ විශ්‍රාමික ජීවිතය ගැන තමයි මේකේ පෙන්වන්නේ. ඒ කාලයේ ඔහු ගන්නා ආහාර වර්ග මූලික කරගෙනයි මෙහි කතාව ගලාගෙන යන්නේ.
එතකොට මොකද මේ සමුරායි කියලා කොටසක් තියෙන්නේ? සමුරායිවරයෙක් කියන්නේ රණශූරයෙක්. තමන්ගේ ස්වාමියා වෙනුවෙන් සේවය කරන ආරක්ෂකයෙක් වැනි කෙනෙක්. මොවුන් ජපානයේ ජීවත් වෙන්නේ 12 වෙනි සියවසේදි පමණ. අපේ මේ කතාවේ ඉන්න ටකේශි මහත්මයාත් සමුරායිවරුන්ට බොහෝ ප්‍රියයි. ඉතින් ටකේශි විවිධ කෑම වර්ග ගනිමින් අලුත් ජීවිතයක් ආරම්භ කරනකොට, එයින් ඔහු තුල ඉන්න අභ්‍යන්තර පෞරුෂයක් අවධි වෙන්න පටන් ගන්නවා. ඒ තමයි අතීත ජපානයේ ජීවත් වුණු ස්වාමියෙක් රහිත අයාලේ ගිය සමුරායිවරයෙක්. ටකේශිගේ ජීවිතයේ යම් යම් අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න මේ සමුරායිවරයා කියාදෙනවා.
———————————————————————-
IMDb Rating – 8.2/10
Google User Rating – 98%
මේ තියෙන්නේ ප්‍රසිද්ධ වෙබ් අඩවි කීපයක් Samurai Gourmet ටීවී සීරීස් ගැන දුන්නු අදහස්…
“නෙට්ෆ්ලික්ස් හි ඇති හොඳම ආහාර සම්බන්ධ කතාංගය” ~Kotaku.com~
“මෙතෙක් නිර්මාණය කර ඇති, වඩාත් සැනසිලිදායකම ආහාර සම්බන්ධ කතාංගය” ~thrillist.com~
“ඔබට මුළුතැන්ගෙය පරාදීසයක් සේ පෙනෙන්නට ගනීවි” ~the guardian~
“මෙය බැලූ පසු, ඔබ ජපන් ආහාර අත්හදා බලන්න පටන් ගනීවි” ~eater.com~
“ඔබේ බඩගින්න දෙගුණ තෙගුණ කරන්න සමත් වේවි” ~dbknews.com~
“ආහාර රසවිඳීමේ කලාව උගන්වයි” ~japanese times~
———————————————————————-
~ 3 කොටස ~

ටකේශි මහත්මයා යනවා ඔහුගේ මිත්‍රයෙක් මුණගැහෙන්න මුහුදුබඩ ප්‍රදේශයකට. එක දවසින් එන්න කියලා හිතාගෙන තමයි යන්නේ, මොකද මොහු කවදාවත් තනියෙන් පිට තැනක නැවතිලා නෑ. ඒත් අනපේක්ෂිත සිදුවීමක් නිසා ඔහුට රැයක් ගතකරන්න වෙනවා ලැඟුම්හළක. එතනදි ටකේශි මහත්මයාගේ උදේ ආහාරය වෙන්නේ මාලු, මැකරල් මාලු. මේ මාලු ඔහුට මතක් කරනවා ඔහුගේ තරුණ කාලය ගැන.
~ 4 කොටස ~

මසාකෝ කියන්නේ ටකේශිගේ බිරිඳගේ සහෝදරයාගේ දුව. ඇයට අවුරුදු 21යි. ඒ වගේම හරිම මුරණ්ඩුයි. ටකේශි මහත්මයා යනවා ඇය එක්ක බාබකිව් කන්න. මේ ගමනේ යටි අරමුණ තමයි මසාකෝට ටිකක් අවවාද කරලා නිවැරැදි පාර පෙන්නන එක. ඉතින් අපේ මේ අහිංසක ටකේශි මහත්මයාට, මේ කටකාර කෙල්ල එක්ක හැප්පෙන්න පුළුවන් වෙයිද?
…හැමදාම බලන කතා රටාවෙන් මිදිලා අලුත් අත්දැකීමක් විඳින්න ආරාධනා කරනවා…

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
977 downloadsDownload Samurai-Gourmet-S01-E03E04.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
6 comments
malith sandeepa
Nethini123
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nethini123
බොහොම ස්තූතියි
සුභාෂිණි මල්ලව ආරච්චි
රසම රස කතාවකට උපසිරැසි ගෙනාවට බොහොම ස්තූතියි නංගි.
Nethini123
බොහොම ස්තූතියි අක්කේ :-D
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට බොහොම ස්තුතියි