2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 3 හා 4 වන කොටස් එ…

2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 3 හා 4 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නේ.
දැන් කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි කෙටියෙන් මතක් කර ගනිමු.
සියල්ල යාන්ත්‍රීකරණය වුණු තාක්ෂණයෙන් පිරිපුන් නමුත්, සමානාත්මතාවය ගිලිහී ගිය සමාජයක් තිබුනු නගරයක් තමයි නයිට් සිටි කියලා කියන්නෙ.වයස අවුරුදු 17 ක් වුනු ඩේවිඩ් මාර්ටිනස් කියලා කියන්නෙ මේ නගරයේ ජීවත් වෙන තමන්ගෙ හැමදේටම අම්මා විතරක් ඉන්න කොල්ලෙක්.පවුලේ වියදම් පියවා ගන්න බැරුව යම් යම් අවස්ථාවල දී අසරණ වෙන්න මේ දෙන්නට සිද්ධ වුනා.මෙහෙම ඉන්න අතරෙදි හදිසි රිය අනතුරකින් ඩේවිඩ්ගේ අම්මා මැරෙනවා.ඊට පස්සෙ හැම ණය බරක්ම තමන්ගෙ කර මතට වැටුනු ඩේවිඩ්, අම්මා සතුව තිබුනු සයිබෝර්ග් යාන්ත්‍රික කොටසක් තමාට බද්ධ කරගන්න තීරණය කරනවා.බද්ධ කරන් සල්ලි හොයන එක තමයි මෙයාගෙ අරමුණ වුනේ.ඒ වගේම අම්මගේ හීනය ඉටු කරන එකත් ඒකට ඇතුළත් වුනා.
ඉතින් මේ බද්ධ කිරීම නිසා ඩේවිඩ්ට පියවි ඇසටත් නොපෙනෙන තරම් අධික වේගයකින් එහා මෙහා ගමන් කිරීමේ හැකියාවක් ලැබෙනවා.මේ අතරෙදි ඩේවිඩ්ට ලුසී කියලා කෙල්ලෙක් මුණ ගැහෙනවා.හැබැයි මෙයත් සයිබෝර්ග් කෙනෙක්.කරන්නෙ හොරකම් කරලා සල්ලි හොයන එක.යම් සිදුවීම් කිහිපයකට පස්සෙ ලුසී එක්ක එකතු වෙලා වැඩ කරන්න ඩේවිඩ් කැමති වෙනවා.ඊට පස්සෙ ලුසී එක්ක ලුසීගේ ගෙදරට යන ඩේවිඩ්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නෙ සිද්ධ වෙනවා.ඒ අකරතැබ්බය මොකක්ද? ලුසී කියන්නෙ ඇත්තටම කවුද? ඊළඟට ඩේවිඩ්ට මොකද වෙන්නෙ? කියලා ඔයාට මේ කොටස් දෙකෙන් බලාගන්න පුලුවන්.
කලින් වගේම මේ උපසිරැසිත් 18+ ලේබලය එක්කයි අරගෙන එන්නේ.උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.මීළඟ කොටස් දෙකෙන් හමුවෙනකල් හැමෝටම සුභ වේවා! ජය වේවා!
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
2,296 downloadsDownload C.P-S01-E03-E04.zip2.3 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
6 comments
Anonymous
Anonymous
Wednesday (2022 ‧ Horror/Fantasy ‧ 1 Season)
Troll (2022 ‧ Fiction/Fantasy ‧ 1h 41m)
Genius (2017 ‧ Anthology series ‧ 3 seasons)ලංකන් weebs
Thank you too.❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Dilshan buddika
සුපිරි ❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you...!
Kindly Requests;
Wednesday (2022 ‧ Horror/Fantasy ‧ 1 Season)Troll (2022 ‧ Fiction/Fantasy ‧ 1h 41m)Genius (2017 ‧ Anthology series ‧ 3 seasons)