ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන Facebook සමූහය වෙනුවෙන් තමා මේ සබ් හදලා ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකටත් දාන්නේ. ඉතින් කැමති නම් මේ සබ් දාපු වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන්. ඉතින් යමුකෝ කතාවට. ඔයාලා කියෝපූ කතාවක් ඇතුලට යන්න හම්බ…

ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන Facebook සමූහය වෙනුවෙන් තමා මේ සබ් හදලා ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකටත් දාන්නේ. ඉතින් කැමති නම් මේ සබ් දාපු වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන්. ඉතින් යමුකෝ කතාවට.

ඔයාලා කියෝපූ කතාවක් ඇතුලට යන්න හම්බුනොත් කොහොම තියේද? ෂෝක් නේ? ඔන්න මේ කතාව ඒ වගේ එකක්. හැබැයි මේ කොල්ලට වෙන්නේ එයා වෛර කරපු කතාවකිම් හදපු ගේම් එකක් ඇතුලට යන්න. නිකන් නෙවේ ගේම් එකේ Villian විදියට. කොහෙන් කොහොම ගියත් ඉතින් අන්තිමට කතාවේ Villain පරදිනවානේ. ඒ තියරිය ඉතින් මේකටත් පොදුයි. අන්තිම සවුත්තු අවසානයක් තමා මේකේ Villian ටත් තියෙන්නේ. ඉතින් අපේ කොල්ලා හදන්නේ කොහොම හරි ඒ අවසානේ වෙනස් කර ගන්න. ඒකට එයාට කොහොම හරි කතාවේ ප්‍රධාන චරිතේ එක්ක මුල ඉදන්ම සාමදානෙන් ඉන්න වෙනවා. පව් අසරණයාට ඒක ලේසී නම් වෙන්නෑ . මොකද මේ ගේම් එකේ system එකත් හැමවෙලේම ඉන්නේ හරහට. කොල්ලා කරන පිස්සු වැඩ බලන්න ඕන්නම් අනිවාර්යයෙන්ම මේක බලන්න. මේ මනුස්සයට තියෙන්නෙත් පුදුම කටක්.

💜️ කතාවේ නම Scumbag System . එහෙනත් නැත්තන් Chuan Shu Zijiu Zhinan.

💜️ Myanimelist හි මේකට 7.74ක් විදියට තමා Rating දීලා තියෙන්නේ .

💜️ මේක විකාශය වුනේ Tencent vedio එහෙමත් නැත්තන් WeTV කියන චීන නාලිකාවේ 2020 සැප්තැම්බර් මාසේ 10 වෙනිදා ඉදන් ඔක්තෝම්බර් මාසේ 1 වෙනිදා වෙනකල්.

💜️ 17+ කතාවක් විදිහට තමා මේක එලිදැක්වෙන්නේ.

💜️ Drama, Supernatural , Deamonic, Historical ඝනයට තමා කතාව අයිති.

💜️ Mo Xiang Tong Xiu කියන ලේඛිකාවගේ නවකතාවක් ආශ්‍රයෙන් තමා මේ කතා මාලාව නිර්මාණය වෙන්නෙත්.

💜️ දැනට විකාශය වුන එපිසෝඩ් ගණන 10යි. සීසන් 2 එකත් ළඟ ළඟම එනවාලු. ඒක ආවාමත් ඔයාලට අනිවාර්යයෙන්ම දෙන්නම්.

💜️ මේ කතාවේ හැම වීඩියෝ එකක්ම You Tube එකෙන් ඔයාලට ගන්න පුළුවන් .මේ දීලා තියන Sub හරියටම ඒවාට ගැලපෙනවා. මෙන්න කතාවේ වීඩීයෝස් ගන්න පුළුවන් Youtube ලින්ක් එකත් ඔයාලට.

මේ කතාව ගොඩක් ලස්සන, හිනා යන චීන ඇනිමි සීරීස් එකක්. අනිවාර්යයෙන්ම බලන්න. බලලා අදහස් දෙන්නත් අමතක කරන්න එපා. අපිට වටිනවා ඒක. ඒත් වෙන කිසිම සමූහයක මේ සබ් වීඩියෝස් වලට දාලා දාන්න නම් තහනම්. කැමති නම් අපේ සමූහයට ඇවිල්ලාම බලන්න. ඒවගේම බයිස්කෝප් සයිට් එකටත් ගොඩාක් ස්තූතියි මේ අවස්ථාව අපිට ලබාදුන්නාට. 🙂

ඔන්න කිව්වා වගේම කොල්ලාව ගේම් එකක් ඇතුලට යන්නයි යන්නේ. ඒකත් Villian විදියට. අම්මේ ඉතින් දෙයියන්ගේ පිහිටයි. ශෙන් චින් චූ කියන්නේ දක්ෂ, කඩවසම් මාස්ටර් කෙනෙක්. එයා තමා ස්වර්ග ආකාශ වංශේ ඉන්න මාස්ටර්. හැමෝම එයාට ගෞරව කරනවා. ඊටත් වඩා එයාට බයයිද මන්දා. මිනිහා ඒත් ඇත්තටම හරිම අහංකාරයි.මේ තියෙන්නේ Scumbag System එකේ පළවෙනි කථාංගය. බලන්නකෝ ඉතින් මේ කතාවේ Villian නම් අපේ කොල්ලා කතාවේ ප්‍රධාන චරිතේ කවුද කියලා? ඔක්කොම ඉතින් කිව්වාම හරිනෑනේ. 😁

කිසිම තැනක මේ සබ් වීඩියෝස් වලට දාලා දාන්න නම් තහනම් හොඳේ? බලලා අදහස් දෙන්නත් අමතක කරන්න එපා.  

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි YouTube පිටපත් සඳහා අදාළ වේ.

1,339 downloadsDownload SS01-1.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “TU Sri Lankan” සමූහයට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

TU Sri Lankan

Subtitles

1,339 downloadsDownload Subtitles20 KB

9 comments

  1. The DRAGON

    Thank You! පළවෙනි උපසිරැසියට සුභ පැතුම්!
    The Untamed දෙන්න පුළුවන්ද?

    1. Yeshani Niwarthana

      The untamed එකේ ඇනිමිය හදලා තියෙන්නේ..ඒක දෙන්න පුළුවන් . ඩ්‍රාමා එකේ සබ් කෙනෙක් හදලා තියන නිසා ඒක අපි ආයි හදන්නෑ. එයාගේ මහන්සියනේ.

  2. ishira

    Thanks Youtube nice

  3. Supun Kaushalya

    තෑන්ක්ස් හැමෝටම

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  6. Amila Konara

    තෑන්ක්ස් සහෝ සබ් එකට

    දිගටම සබ් ගේන්න

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Yeshani Niwarthana

    ❤️ රිප්ලයි පරක්කුයි. අදයි සහෝ දැක්කේ. වෙල්කම්