Watch Trailer

Narcos: Mexico [S02 : E01] Sinhala Subtitles | ලෙයෙන්ඩා මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අපි නාකොස් මෙක්සිකෝ දෙවෙනි කතා මාලාව එක්කයි එකතු වෙන්නේ. පලවෙනි සීසන් එක බැලුවා නම් මතක ඇති කිකී කැමරිනාට මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ කරපු දේ මොකද්ද කියල. කිකිට මේ අත්වූ ඉරණම මෙක්සිකෝව විතරක් නෙමේ කොලොම්බ්යාව පවා හෙල්ලිලා ගියා. මොකද මේ අතරේදී මෙක්සිකෝව වගේම කොලොම්බ්යාවේ පවා මේ සි…

ඔන්න එහෙනම් අපි නාකොස් මෙක්සිකෝ දෙවෙනි කතා මාලාව එක්කයි එකතු වෙන්නේ. පලවෙනි සීසන් එක බැලුවා නම් මතක ඇති කිකී කැමරිනාට මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ කරපු දේ මොකද්ද කියල. කිකිට මේ අත්වූ ඉරණම මෙක්සිකෝව විතරක් නෙමේ කොලොම්බ්යාව පවා හෙල්ලිලා ගියා. මොකද මේ අතරේදී මෙක්සිකෝව වගේම කොලොම්බ්යාවේ පවා මේ සිදුවීම නිසා ටිකක් හෙල්ලිලා ගිහින් තියෙන්නේ. ඉතිහාසයේ කවදාවත් ඇමෙරිකානු නිලධාරියෙකුට අතක් තියලා තිබුනේ නැතිකොට නිලධාරියෙක් මරා දැම්මට පස්සේ ලැබෙන ප්‍රතිවිපාක ගැන මේ දෙගොල්ලොම දැනුවත්. ඉතින් මිකෙල් ආන්කෙල් ප්‍රමුඛ මෙක්සිකෝ ජාලයට සිද්ධ උනෙත් මේ වින්නැහියම තමයි. කිකිගේ ඝාතනයෙන් පස්සේ මෙක්සිකෝව තුල රහස් ඇමෙරිකානු මෙහෙයුමක් ආරම්භ කෙරුනා. ඒ කිකිගේ ඝාතකයන් සොයා ඔවුන්ව අත් අඩංගුවට ගන්න. මේ මෙහෙයුම සිද්ධ උනේ මෙක්සිකෝ රජයට පවා රහසින්. අන්න ඒ මෙහෙයුමේ ආරම්භය තමයි මේ කොටසින් පටන් ගැනෙන්නේ. ඉතින් කිකිගේ මරණයට වගකියන්න ඕන හැමෝටම අවසානයේ දඬුවම් ලැබෙන්න නියමිතයි. එහෙනම් දැනට සමුගන්නම්. මොකද නොවැම්බර් 5 වෙනිදා මේ කතා මාලාවේ අවසන් කතා මාලාව ආරම්භ වෙනවා. නැවත මෙක්සිකෝ සීසන් 3 දී මුණ ගැහෙමු!

ප්‍රවෘත්ති ගැන අවධානෙන් හිටියා නම් කොලොම්බියාවේ වර්තමාන මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගිය තව ලොකු අත්තක් අත් අඩංගුවට පත් උනා. පහුගිය සෙනසුරාද තමා මේ කල්ලි නායකයා අත් අඩංගුවට පත් උනේ. සෙබළු 500ක් හෙලිකොප්ටර් 22ක් ආධාරයෙන් හමුදාව සහ පොලිසිය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකට පස්සේ තමයි දයිරෝ ඇන්ටෝනියෝ උසුගා හෙවත් ඔටෝනිල් පැනමා දේශ සීමාවේදී අත් අඩංගුවට පත් උනේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් ඇමෙරිකානු රජයෙනුත් කොලොම්බියානු රජයෙන් වෙනම මුදලකුත් ඔහුගේ හිසට හෝ නිවැරදි ඔත්තුවකට ලබා දෙන්න තීරණය කර තිබුනා. පැබ්ලෝට සමාන හමුදාවක් එක්ක කොලොම්බියාවේ අණසක පතුරවපු තවත් ලොක්කෙක් තමයි ඔටෝනිල් කියන්නේ. අන්තර්ජාලයේ සැරි සරණ අතරේ පොඩ්ඩක් ඒ ගැනත් හොයල බලන්න නාකොස් රසිකයෙක් විදිහට. ඉදිරියේ ඔටෝනිල් අල්ලා ගැනීම තවත් නාකොස් කතා මාලාවකට හේතුවක් වෙන්නත් බැරි නැහැ. එහෙනම් අපි ගියා. හැමෝටම ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,279 downloadsDownload Narcos-Mexico-S02-E01.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

4,279 downloadsDownload Subtitles32 KB

13 comments

  1. Anuja Lakshitha

    thanks ayye sub ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    1. ක්‍රිශාන්ත

      ගොඩාක් ස්තුතිය එනකම් බලාගෙන හිටියෙ......ඉක්මනින්ම ඉතිරි ටිකත් දුන්නොත් ගොඩාක් හොදයි ......

  4. kavi

    බලාගෙන හිටියෙ
    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. P_mihir

    Thanx for sub

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Amila Kaushalya

    ස්තූතියී සහෝදරයා මන් ආසම සීරියස් එක තමා නාකෝස් හේතුව තියේන්නේ ඇත්තම කතාව ප්ලීස් නොවැම්බර් වලට කලින් මේකේ සබ් ඉවර කරන්න සීසන් 3 එනකන් බලන් ඉන්නවා ඒකත් ඉක්මනටම දෙන්න ජයවේවා සහෝදරයා

  8. Anonymous

    Thanks jayawewa..!

  9. puna

    tnx bro sub ekta asama ekak digatama demu

  10. නිරෝෂ්

    ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා!

  11. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P