ත්‍රස්‌තවාදය ලෝකයේ තිබෙන සුවකල නොහැකිම පිළිකාව ත්‍රස්තවාදයයි.! රටක සාමය,ආරක්ෂාව,සංවර්ධනය යන කරුණු අඩාල වීමට මේ පිළිකාව ඉඳුරාම සාධක වෙනවා. ඔබට මතක ඇති අපේ රටෙත් වසර තිහක පමණ කාලයක් මේ පිළිකාව මාරන්තික අවදියේ ඔඩුදුවා තිබුණා. ඒ කෙසේ නමුත් අද අප මේ ලිපියෙන් කතා කරන්න යන්නේ අපේ රටේ තිබුණ බෙදුම්වාදී ත්‍ර…

ත්‍රස්‌තවාදය ලෝකයේ තිබෙන සුවකල නොහැකිම පිළිකාව ත්‍රස්තවාදයයි.! රටක සාමය,ආරක්ෂාව,සංවර්ධනය යන කරුණු අඩාල වීමට මේ පිළිකාව ඉඳුරාම සාධක වෙනවා. ඔබට මතක ඇති අපේ රටෙත් වසර තිහක පමණ කාලයක් මේ පිළිකාව මාරන්තික අවදියේ ඔඩුදුවා තිබුණා. ඒ කෙසේ නමුත් අද අප මේ ලිපියෙන් කතා කරන්න යන්නේ අපේ රටේ තිබුණ බෙදුම්වාදී ත්‍රස්ථ අරගලය ගැන නම් නොවෙයි. අප අසල්වැසි ඉන්දියාවට කුරිරු ඉස්ලාම් ත්‍රස්වාදීන් කණ්ඩායමක් එල්ල කල ප්‍රහාරයකින් මිනිසුන් 164 කට මරු කැඳවු ජනසංහාරයක් ගැනයි. ඔබටත් මතකද 2008/11/26 වෙනිදා ඉන්දියාවේ මුම්බායි නඟරයේ තරුපහේ හෝටල් කිහිපයකට රෝහලකට සහ දුම්රිය ස්ථානයකට සිව් දිනක් පුරාවට එල්ලවුන වෙඩි සහ බෝම්බ ප්‍රහාරයක් ගැන.? අනිවාර්යෙන් මතක ඇති එනම් ඒකල අප රටේද ත්‍රස්තවාදී ගැටුම් ඉතාමත් අතිශය දරුණු මට්ටමකින් තිබුණ නිසාවෙන්.! 11/26 මුම්බායි ප්‍රහාරය ගැන ඉන්දිය සිනමාවෙන් චිත්‍රපටයන් කිහිපයක්ද නිර්මාණය කෙරුණා.

බයිස්කෝප් සිංහලෙන් විසින් එම චිත්‍රපට සියල්ලටම පාහේ සිංහල උපසිරැසි ලබාදුන්නා. අද අප ඔබ වෙත ගෙන එනු ලබන්නෙ එම ප්‍රහාරය ගැන ඉතාමත් සවිස්තාරාත්මකව නිමැවුන කොටස් 08 කින් යුතු වෙබ් කතා මාලාවක්.! එසේ නම් වෙබ් කතාමාලාව සහ 11/26 ත්‍රස්ත ප්‍රහාරය ගැන අවධානය යොමුකර සිටිමු.

සී5 අන්තර්ජාල නාලිකාව හරහා 2020 මාර්තු 20 දින නිකුත් කෙරෙනු මේ වෙබ් කතා මාලාව Abhimanyu Singh,Roopali Singh විසින් නිෂ්පාදනය කර ඇති අතර Arjan Bajwa, Arjun Bijlani, Vivek Dahiya Muku, Dev Tara, Alisha Berr, Sid Makka යන නළු නිලි පිරිස රංගනයේ යෙදෙනවා. හිංදි භාෂාවෙන් නිර්මාණය වුන මෙයට දමිළ සහ තෙලඟු භාෂාවෙන් හඬකවාද නිකුත්කර තිබෙනවා. මේ සඳහා imdb දර්ශක අගය 8.6/10 ලෙසින්ද සටහන් වී තිබෙනවා.එසෙ නම් ලොවක්ම කම්පා කල ජනසංහාරයක විස්තරයන් කිහිපයක් සැකෙවින් පහතින් දක්වන්නම්.

පාකිස්ථානය නිජබිම කරගත් ඉන්දියාවේ ජම්මු කෂ්මීර් ප්‍රදේශය පාකිස්තානය හා ඒකාබද්ධ විය යුතුයි අන අභිප්‍රාය පෙරටුකරගත් ලක්ෂ්කර් ඊ තයිබා නම් ත්‍රස්ථවාදී කණ්ඩායමේ දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පාකිස්ථානයේ කරච්චි සිට මුම්බායි නඟරය බලා ධීවර යාත්‍රාවකින් පැමිණ ඇති අතර මොවුන් පැමිණිමට භාවිතාකර ඇත්තේ පැහැගත් ඉන්දියානු ධීවර යත්‍රාවක්ය.එහි ගමන් ගත් සෙසු ධීවරයි ඝාතනය කොට මුහුදට දමා පසුව ධීවර යත්‍රාවේ නියමකයාද මුම්බායි නඟරය අසලට පැමිණි විටදි උගුරු දණ්ඩ කපා ඝාතනය කර ඇත.

ඉන් අනතුරුව එම ත්‍රස්තයින් දස දෙනා මුම්බායි හි පිහිටි ඉන්දියා දොරටුව නම් වූ ස්මාරකය අසලදි කණ්ඩායම් තුනකට බෙදි පොලිස් රථයක් ඇතුලව මෝටර් රථයක්ද පැහැරෙගන ගොස් අත්බෝම්බ සහ ස්වයංක්‍රීය ගිණි අවි උපයෝගි කරගනිමින් පුරා දින තුනක කාලයක් මෙම ජනසංහාරය කල බව පැවසෙනවා.මොවුන් ප්‍රහාර එල්ල කල ස්ථානයන් සහ සිදුවූ මිනිස් ඝාතනයන් මෙසේය.11/26 දින චත්‍රපති ශිවාජි පර්යන්ත දුම්රිය ස්ථානය මෙහිදි ආසන්න වශයෙන් විනාඩි අනුවක් තුලදි මිනිසුන් පනස් අටදෙනකු පමණ මරාදමා තිබෙනවා.11/26 දින කැෆේ ලියෝෆෝල්ඩ් හිදී ආසන්න වශයෙන් විනාඩි 15 ක් තුලදි මිනිසුන් දස දෙනෙකු මරාදමා තිබෙනවා. කැමා සහ ඇල්බ්ලස් රෝහලේ පිටත රැක සිට පොලිස් නිලධාරින් පිරිසකට ප්‍රහාර එල්ල කර ඇති අතර එමගින් ඔවුන්ගෙන් සිව් දෙනකු මිය ගොස් ඇත. Nariman හවුස් නම් යුදෙව් ප්‍රජා ශාලාවේ හීදි වර්ෂ 2008 නොවැම්බර් 26 සිට 28 යන තෙදින තුලදි මිනිසුන් සත්දෙනෙකු මරාදමා ඇති අතර ඔබ්රෝයි හෝටලයේදී 26-28 තෙදින තුල ආසන්න වශයෙන් තිස්දෙනකු මරාදමා ඇත.තවද තාජ් මහල් පැලස් හා ටවර් යන හෝටල් ද්විත්වයේ 26 සහ 29 යන සිව්දින තුලදි ආසන්න වශයෙන් මිනිසුන් තිස් එක්දෙනෙකු ත්‍රස්ථවාදීන් විසින් ඝාතනය කරනු ලැබුවා.

ප්‍රහාරය සඳහා පැමිණි දසදෙනකුගෙන් යුත් ත්‍රස්ත කල්ලියෙ නව දෙනකු මියගොස් ඇති අතර මොහමඩ් අජ්මාල් අමීර් කසාබ් නම් වූ ත්‍රස්ථවාදියා පමණක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් ජිවග්‍රහයෙන් අල්ලාගෙන ඇත.ප්‍රහාරයෙන් සිව්වසරකට පසු එනම් 2012 නොවැම්බර් මස 21 දින මොහමඩ් අජ්මාල් අමීර් කසාබ් ව ඉන්දිය අධිකරණ තීන්දුවකින් එල්ලා මරණ ලදි. මේ අතරම 2015 වසරෙදි පාකිස්ථානයේ ලාහෝරයෙ අධිකරණයක් විසින් 11/26 ප්‍රහාරයේ මහ මොළ කරු ලෙස හැඳින්වෙන 2009 වසරේ සිට සිරගත කර සිටි ලක්ෂ්කර් ඊ තයිබා ත්‍රස්ත සංවිධානයේ ඉහල පෙලෙ නායකයකු වන Zaki-ur-Rehman Lakhvi ඇප මත නිදහස් කරන ලදි, පාකිස්ථාන අධිකරණය විසින් දුන් මෙම තීන්දුව නිසා දෙරට අතර තිබෙන අරගලකාරි නොසන්සුන් තත්වය තවත් උග්‍රවී ආන්දොලනයකට ලක්විය. කෙසේ වෙතත් පාකිස්ථානු ආරක්ෂක විශ්ලේෂකයකු විසින් මේ පුද්ගලයා නිදහස් කිරිම පසුපස පාකිස්ථාන රජයේ කිසිදු සම්බන්ධතාවයත් නොමැති බව ප්‍රකාෂකරන ලදි.

ඉන්දියානු සිනමා,වෙබ් කතා රසිකයින්ට ඔවුන්ගේ තිබෙන නිර්මාණශිලිත්වය ගැන අමුතුවෙන් කිවයුතු නෑ, එතරම්ම ඔවුන් ගේ නිර්මාණශීලි ගුණය ඉතා උසස් මට්ටමක තිබෙනවා. ඔවුන්ගේ ජාතිකත්වය ගැන කතාකරන දේශප්‍රේමීත්වය විදහාපාන සිනමා නිර්මාණ හමුවේ ඇතැම් විට අපෙගේද දේශානුරාගී හැගීම් අවදිව අපද අසුනෙන් නැඟී සිටිමට ගොස් තිබු වාරයන් අපමණය. එතරම් ඔවුන් තම ප්‍රේක්ෂකයින් ඇද බැඳ තබාගැනීමට උපන් හපනුන්ය. ත්‍රාසය මෙන්ම ක්‍රියාදාමද නොඅඩුව තිබෙන මේ කතා මාලාවේ කතාංග අටද ඔබව මවිතකරමින් ඔබට හොඳ සිනමා රසාස්වාදයක් ලබාදෙනු නොඅනුමානය.

පලමු කොටසින් –
මුම්බායි නඟරය කිසිදු අනතරාවක් ගැන නොසිතා තම දෛනික කටයුතු කරමින් සිටියි. පොලිසිය අනතුරු ඇඟවීම් කලද හෝටල් කලමණාකරින් දැඩි ලෙස එම අවවාදයන් පිලිනොගනි,මේ අතරම ඉන්දීය ජාතික ආරක්ෂක බළකාය (NSG) හි කර්නල් සහෝටා විසින් තම භට පිරිස් බාවිතා කරනා ආයුධ සහ අනිතු උපකරණයන් නව්‍ය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි. ඒ අතරම අජ්මාල් අමීර් කසාබ් ඇතුලු පිරිස පාකිස්ථානයේ සිට ධීවර යාත්‍රවකින් ඉන්දියාව බලා පැමිණෙමින් සිටියි. මොවුන්ගේ පලමු ඉලක්කය කුමක් විය හැකිද.?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,241 downloadsDownload SoS-2611-S01-E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

2,241 downloadsDownload Subtitles20 KB

10 comments

  1. chamindu lakshitha

    සබට ස්තූතියි ..ඉක්මනට Scam 1992 WEB Series එකට සබ් ඕනා..එලම එකක් කියලා ආරංචියි..

    1. chamindu lakshitha

      IMDB - 9.6

  2. Anonymous

    Sub ekata thanx

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි ස්තුතියි සබ් එකට :) :)

  6. Chandima Prasad

    Thanks Sub Ekata.

  7. Bobby

    Thank you very much

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. prageeth

    thanks brother