හායි යාලුවනේ, ඉතිං ඔන්න චිත්‍රපටි වලින් පොඩ්ඩක් එහාට ගිහින් ටීවී සීරිස් (ටෙලි කතා මාලාවක්) එකක් සබ් කරන්න හිතුනා. මේ කතා මාලාවෙ දැනටනම් පිටවෙලා තියෙන්නෙ එක සීසන් එකයි. කොහොම හරි ඉතිං ඔන්න හෙන කට්ටක් කාගෙන සීරිස් එක ඩවුන්ලෝඩ් කරලා,” බයිස්කොප් සිංහලෙන් ” පරිශීලක ඔයාලා වෙනුවෙන්ම මේ අලුත්ම අලුත් ආයෙ කත…

හායි යාලුවනේ, ඉතිං ඔන්න චිත්‍රපටි වලින් පොඩ්ඩක් එහාට ගිහින් ටීවී සීරිස් (ටෙලි කතා මාලාවක්) එකක් සබ් කරන්න හිතුනා. මේ කතා මාලාවෙ දැනටනම් පිටවෙලා තියෙන්නෙ එක සීසන් එකයි. කොහොම හරි ඉතිං ඔන්න හෙන කට්ටක් කාගෙන සීරිස් එක ඩවුන්ලෝඩ් කරලා,” බයිස්කොප් සිංහලෙන් ” පරිශීලක ඔයාලා වෙනුවෙන්ම මේ අලුත්ම අලුත් ආයෙ කතා දෙකක් නැති පට්ට පදිරි හොරර් සීරිස් එක දිගාරින්න… ආවාඩා ආයුබෝ….. ලිපිය ඉතුරු ටික කියවන්න කලින්, සීරිස් එක ගැන සැකයක් තියෙන කට්ටිය. ඒ කින්නේ…” අයියො වැඩක් නැතිව ඇති”, ” ග්‍රැෆික් අවුල් ඇති” කියල හිතෙන අය පොඩ්ඩක් කතා මාලාවෙ ට්‍රේලර් (පූර්ව ප්‍රචාරක පටය) එක පොඩ්ඩක් නරබලම ඉන්ටකෝ…
“k Drama” ඔන්න නම ඇහිච්ච ගමන් අපේ කොල්ලොංගෙ ඇගේ මාළු නටනව ඇති නේද? ඇයි හත්තිලව්වෙ,බැලුවොත් ඇත්තං,අත් අල්ලගෙන,බංකු වටේ ඉදගෙන,මල් පාරවල් වල සක්මන් කර කර ප්‍රේමවෘතාන්තමනේ අපෙ මේ ලංකාවෙ කොල්ලො,කෙල්ලොන්ට ඔය නම ඇහිච්ච ගමන් මතක් වෙන්නෙ. නෑ.. ඔයාලා වැරදි. කොරියානු සිනමාව කියන්නෙ එතනින් එහාට පුලුල් පාරසයක් පුරාවට විහිදුනු සිනමාවක්. ඇත්තටම කිව්වොත් මම නම් කොරියානු සිනමාවෙ ගොඩක් ආසකරන හොරර් චිත්‍රපට ගොඩක් තියෙනවා. ඒවා හොලිවුඩ් වලටත් වඩා පට්ට කොලිටියට තමා කරලා තියෙන්නෙ.
ඉතිං විශේෂයෙන් ම කියන්න ඕන මේක ඇවිල්ලා Netflix ලගෙ සීරිස් එකක්.ඔන්න දැන්නම් අර සැකේ තිබ්බ අයගේ හිත් වලට ලොකු සහනයක් දැනෙන්න ඇති නේද? මොකද Netflix කියන්නෙ ඉතිං ආයෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ” ගැම්මක් තමා”. මේ වෙනකම් බිහිවෙච්ච සුපිරි ම සීරිස් දෙකක් වෙන, Money Heist සහ Midnight Mass කියන සීරිස් කියන ඒවා බලල තියෙන කට්ටිය නම් දන්නවා ඇති Netflix ලගෙ තරම. ඉතිං ඒවගේම තමා මෙකත්. චිත්‍රපටියක වගේ මම කතාවෙ පොඩ්ඩක් වත් ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෑ. මොකද ඒක රහසක්! පොඩි පුදුම කරවීමක්! ඔයාලා කෙලින්ම සීරිස් එක බලලා ඉන්නකෝ.මම දැන් කතාව විස්තර කරන්න ගියාම,ඒකෙ කිසි අගයක් නැතිව යනවා.
ඒ වගේම මේකනම් කියන්නම ඕන,මේ සීරිස් එක පට්ටම භයානකයි.ආයෙ ඉතිං නොකිව්වයි කියන්න එපා,රෑකනම් බලන්න තියාගන්න එපා කොල්ලො! ඒ වගේම මේකෙ,ලේ වැගිරීම් සහ කුරිරු ඝාතන වගේ ඒවා ගොඩක් ඇතුලත් වෙලා තියෙන නිසා මේක වැඩිහිටියන්ට වඩාත් ම සුදුසු සීරිස් එකක් කියලා කියන්න පුලුවන්.
හරි..හරි.. කතා ඇති. එහෙනම් අපේ කොල්ලො කෙල්ලො ටික ලෑස්ති වෙන්න. එතෙක් මෙතෙක් නොබලපු, සුපිරිම හොරර් කොරියන් ඩ්‍රාමා සීරිස් එක බලන්න….!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,426 downloadsDownload SH-S01-E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
27 comments
Anonymous
Anonymous
පවු අහිංසක ජීවිතයක් තමයි ඉතින්
Anonymous
ඒක ඇත්ත.හොලිවුඩ් කියන්නෙ වෙනම රසයක්,බොලිවුඩ් කියන්නෙ වෙනම රසයක්,මලයාලම් කියන්නෙ තවත් රසයක්, යුරෝපීය සිනමාව කියන්නෙ වෙනම රසයක්...ඒ අස්සෙ කොරියන් කියන්නෙ වෙනමම රහක්.ඒ හින්ද සන්සන්දනය කරන එක ලොකු වැරැද්දක්..
Anonymous
ඇත්ත.
Vinu
ඔයා comment කීයක් දානවද එකකට...?
Anonymous
ටහුඩු... එ බන් ට්‍රේලර් එක මරු... කතාව සුපිරි වගේ ආ.....
Chami
නියම කතාව
හැබැයි ඉතින් මාස ගානකට කලින් සබ් එක්කම බැලුවා
කොහොමවුනත් තැන්ක්ස් සබටRajitha
බොහොම ස්තුතියි
Anonymous
මේක නම් බැලුවා මචෝ
Midnight Mass එකට පුලුවන් නම් සබ් කරමුKavindu
සිංහල උපසිරසියට ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ඉතුරුවත් ඉක්මනටම දෙමුAnonymous
බොහොම ස්තුතියි කොරියන් සීරීස් ගේනවට
dulan
ස්තුතියි !
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Ongoing korean ekakata sub denna
Anonymous
thanks for sub
yeshika
bohoma sthutiyi
''what's wrong with secretary kim'' mekath dennako.......api meka danakm baln innethilina
meka nm maru tama vena site ekaka tiba ekak nh bn .nati ekak dunnm kocara hodai da
UDARA DAMITH
EEEEEEEEEEEEEE
Pasindu manjula
Midnight Mass meke sinhala sub aka nedda machoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranga
සබ්ස් වලට තැන්ක්ස් සහෝ ඕන එකක් බලන නිසා බැලුව හැබැයි මම නම් netflix ලගේ බලපු චාටර් ම සීරිස් එක
පුදුමත් හිතුනා මේ වගේ එකකට ඉන්වෙස්ට් කරා කිව්වමAnonymous
උඹේ රසවින්දනේ ගැන හිතාගන්න පුළුවන් ඉතින්
චතුරංග බුද්ධික
මම දාන්ට ආවේත් මේ වගේම එකක් suranga...
ඇත්තටම උපසිරැසිය දීපු එකට ස්තූතියි...
ඕනේ එකක් බලන නිසා බැලුවේත්,
ඒ වගේම බා ගත්ත මෝඩ කම කියලා හිතුණා...
අපරාදේ වෙලාව කියලාත් හිතුණා...
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Don't compare with Hollywood bro <3