හායි, හායි කස්ටිය! මම තුන් වෙනි එපිසෝඩ් එකේ අන්තිම කෑල්ල මේ ලිපියට දාන්නෙ නෑ. අනේ සමාවෙන්න. මොකද මම ඒ කොටස මතක් කරන්නවත් කැමති නෑ. ඒක ඒ තරමටම ශෝක ජනකයි. ඒ අසරණ අම්මට මොනා හිතෙන්න ඇතිද? පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති නේද? මට නම් ඒ ගැන හිතන්නවත් අමාරුයි. සීරිස් එකෙ ඩිරෙක්ටර් මහත්තෙයෝ, ඒ වැඩේ නම් කැතයි…

හායි, හායි කස්ටිය! මම තුන් වෙනි එපිසෝඩ් එකේ අන්තිම කෑල්ල මේ ලිපියට දාන්නෙ නෑ. අනේ සමාවෙන්න. මොකද මම ඒ කොටස මතක් කරන්නවත් කැමති නෑ. ඒක ඒ තරමටම ශෝක ජනකයි. ඒ අසරණ අම්මට මොනා හිතෙන්න ඇතිද? පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති නේද? මට නම් ඒ ගැන හිතන්නවත් අමාරුයි. සීරිස් එකෙ ඩිරෙක්ටර් මහත්තෙයෝ, ඒ වැඩේ නම් කැතයි හරිද මොනා නැතත්. 

හරි ඒ ගැන ආයෙ කතා ඕන නෑ. අපි සිද්දියෙ ඉස්සරහට යමුකෝ. කොහොම හරි ඔන්න අර නිවේදනය ඇහිලා අර කාමර අංක 1408 ට ගියපු සැට් එකෙන්, ඒ කියන්නෙ අපෙ ගේම් පිස්සා “යන්-සු” ඇතුළු පිරිසෙන් තුන් දෙනෙක් විතරක් පළමුවෙනි තට්ටුවට යන්න තීරණය කරනවා. ඒ පහළ තට්ටුව ආරක්ෂිත නම්, අනික් අයවත් පහළට ගෙනයන දැඩි පොරොන්දුව මත.

මගදි මොකද්ද මන්දා අමුතු ජල්බරියක් වෙනවා. සමහරවිට කතාවෙ ඉදිරියට ඒ ගැන වැඩි විස්තරයක් කරයි කියලා හිතනවා. ඉතිං, ඒ ජල්බරියෙන් අපේ යන්-සු කොල්ලා? තට්ටු පහක් විතර පල්ලෙහට ඇදගෙන වැටෙනවා. කොහොම හරි ඉතිං ඔන්න පහළම තට්ටුවෙ ඉන්න හරි කෙරුම් කාර අයියලා ටික අපේ මේ ගේම් පිස්සා ආසාදිතයෙක් කියලා අදුන ගන්නවා.

එපිසෝඩ් එකේ හොදම දේ තමයි අර ජනපති කාරෙයගෙ කතාවට පස්සෙ හමුදා නිලදාරින් විසින් “රන් පැය” නිවේදනයක් නිකුත් කරනවා. ඒ මොකද්ද කියලා මම දැං කියන්න යන්නෙ නෑ. කොහොම හරි ඒ නිවේදනයෙන් පස්සෙ,”ස්වීට් හෝම්” නිවාස සංකීර්ණෙ හිර වෙලා ඉන්නෙ අපේ මේ සෙට් එකට ලොකු බලාපොරොත්තු සහගත බාවෙයක් දැනෙනවා. ඒත් ඒ බලාපොරොත්තු සහගත බාවය, අපේ යන්-සූ කොල්ලට ඇති කරන්නෙ සුලුපටු අපහසුතාවයක් නෙවේ. නිවාස සංකිර්ණෙ අනික් සෙට් එක, අපේ මේ ගේම් පිස්සට එරෙහිව ගන්න යන්නෙ මහා මාරාන්තික තීරණයක්.

No one:- ” සිරාවට මොකද්ද ඕයි ඒ?”
Me:- “මගෙන් අහන්න එපා බං.. එපිසෝඩ් එක බලලම ඉමු!”

ඇත්තටම, මොකද්ද ඒ ගන්න යන මාරාන්තික තීරණය? එපිසෝඩ් එක බලලම ඉමු එහෙනම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,891 downloadsDownload SH-S01-E04.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

2,891 downloadsDownload Subtitles19 KB

9 comments

  1. Anonymous

    Thanks for sub

  2. Anonymous

    Thanks bro

  3. Shan

    අලුත් කොරියන් සිරීස් එකක් දෙමු මෙකෙන් පස්සේ

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Anonymous

    ඇයගේ ද ඔහුගේ ද

    1. Anonymous

      Umdt dhn ekd thiyena prashne ?

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Dewadithya

    Thanks for Sub!

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..