ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් කරපු අලුත්ම දමිළ කතාමාලාව Suzhal : The Vortex එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. කොටස් 8කින් යුක්ත මේ කතාමාලාව නොසිතු විරූ විදිහට ධනාත්මක ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර ලබාගත්තා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.5ක දැවැන්ත අගයකුත් හිමි කරගෙන තියෙන්නේ ඒ හින්දම වෙන්න…

ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් කරපු අලුත්ම දමිළ කතාමාලාව Suzhal : The Vortex එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. කොටස් 8කින් යුක්ත මේ කතාමාලාව නොසිතු විරූ විදිහට ධනාත්මක ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර ලබාගත්තා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.5ක දැවැන්ත අගයකුත් හිමි කරගෙන තියෙන්නේ ඒ හින්දම වෙන්නැති. Crime | Drama| Thriller ගණයට අයත් වෙන Suzhal එක හුස්මට කුතුහලයෙන් බලන්න පුළුවන් කතා මාලාවක්. ඒ වගේම Kathir, Aishwarya Rajesh ඇතුළු ජනප්‍රිය නළු නිළියන් ගණනාවක් මේ කතාමාලාවට පණ පොවනවා. එහෙනම් පලවෙනි කොටස බලලා කුතුහලයෙන් නොයිවසිල්ලෙන් ඇත්තේ ඊගාව කොටස බලන්න. කුතුහලය අවුස්සගෙනමනේ ඒ කොටස ඉවර වුණේ. පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු මොකද වුණේ කියලා.

කතාව ආරම්භ වෙන්නේ දුම්රිය සමාගමක වෘත්තීය සමිති වර්ජනයක දර්ශනයකින්. වර්ජනය මෙහෙයවන්නේ වෘත්තීය සමිති නායක ෂන්මුගම් විසින්. සමාගමේ අයිතිකාරයා ත්‍රිලෝක්, සේවකයන්ව වගේම වර්ජනයත් මායිම් නොකර කතා කරන්න ගත්තු නිසා වර්ජනය ලොකු ගැටුමකට මුල පුරනවා. අන්තිමට පොලිසියට එතනට අත දාන්න වුණා. මතක ඇති රෙජිනාට ගල් පාරක් කන්න වුණු සිද්ධිය වගේම සක්කරයි ඇය වෙනුවෙන් ෂන්මුගම්ටම පහර දෙන්න ගියපු විදිහ. පේන විදිහට මෙතන වර්ජනයට එහා ගිය අවුලක් මේ අය අතර තියෙන පාටයි.

ඔය අතරේ මේ සම්බලූර් කියන නගරයේ උත්සව සමය උදාවෙලයි තිබ්බේ. අන්ගලම්මන් දේවියව වන්දනා කරන්න වාර්ෂිකව මේ නගරයේ පැවැත්වෙනවා මයන්නා කොල්ලෛ කියලා උත්සවයක්. දවස් 9ක් පුරාවටම මුළු නගරයම උත්සවශ්‍රීයෙන් බබලනවා. ඔය අතර මතක ඇති අපි මේ වෙද්දීත් දැනගත්තු චරිත වල පුද්ගලික ජීවිතෙත් අපිට ටික ටික පෙන්නුව බව. සක්කරයි තමන්ගේ විවාහ ගිවිසගැනීම සිද්ධ කරගත්තේ මේ දවස් වලමයි. ඒ වගේම රෙජිනා ඇතුළු එයාගේ තරුණ පුතා, සැමියා කියන අය සක්කරයි එක්ක වැඩි ලොකු සම්බන්ධකමක් පේනවා. ඒ වගේම ෂන්මුගම් ගැන බැලුවොත් එයාට නිලා කියන තරුණ දුවෙක් ඉන්න බවත් එයා සම්බන්ධ සිද්ධි දෙක තුනකුත් දකින්න ඇති.

ඉතින් තීරණාත්මක රැය උදා වෙනවා. මේ හැමෝගෙම ජීවිත නොහිතපු පෙරළියකට ලක්වෙන්න ගන්නේ මෙන්න මේ රාත්‍රියේ ඉඳලා.. මෙතන කිව්වොත් වැඩක් නැති නිසා බලලම දැනගන්න කියලයි කියන්නේ. තුන්වෙනි කොටස අරන් අපේ තවත් සහෝදරයෙක් ඒවි මේ පැත්තට. ඉතින් උපසිරැසිය මම කලා වුණාට, ලස්සන ලිපිය ලියල දුන්න phoenix මල්ලිට බොහෝමත්ම ස්තූතියි. එතකම් හැමෝටම ජයවේවා..!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

4,164 downloadsDownload SuzhalS01E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

4,164 downloadsDownload Subtitles26 KB

17 comments

  1. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි සහෝදරයා. :-)

  2. Kushan

    Sub akta thanks

  3. Anonymous

    Thanks for sub
    Forensic hindi film sub plz

  4. Tharindu

    මොනවද බන් උබලා කරන්නේ
    උබලා දීල තියෙන ලින්ක් එකෙන්(1337x) ඩවුන්ලෝඩ් කරාම එන්නේ සම්පූර්ණ සීරීස් එකම තියෙන කොපියක්,ඒත් සබ් දෙන්නෙ වෙන වෙනම,පලවෙනි එපිය විතරයි බලන්න පුලුවන් , අපරාදේ නේ ඩේටා ටික
    ඔයිට වැඩිය වගකීමෙන් වැඩ කරපන්කෝ බන්
    සම්පූර්ණ කොපියටම සබ් එකක් අප්ඩේට් කරපන්කෝ බන්,එපාවෙනවනේ

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Sachindu

    Thanks for subtitle

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Anonymous

    Meke Font eka mokakdad ? Nikan symbols wagayak witharak penne ai ?? danna kenek kiyanwada ?

    1. oshanda

      sahodaraya.. oya mona player ekenda balanne ?

    2. Anonymous

      KM player

  10. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaaaaaaaaaa

  11. viraj

    thanks..........

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Ravindra

    Thanks sub ekata

  14. amaya

    thank you oshada

  15. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H