සාම්බලූර් ගම පුංචි ගමක්. (මනඃකල්පිත ගමක්.) සාම්බලූර් ගමේ මයාන කොල්ලයි උත්සවය ආරම්භ කල දවසේ ගමටම රස්සා දුන්න සිමෙන්ති ෆැක්ටරිය ගිනි ගත්තා. එදාම ශන්මුගම්ගේ දුව වුණ නිලාව අතුරුදහන් වෙනවා. කොහොමින් හරි මේ සිදුවීමට සැක කරන්නෙ ඉන්ස්පැක්ටර් රෙජිනාගේ පුතා අදිසයම්ව. අදිසයම් නිලාගේ පස්සෙන් දින කිහිපයක ඉඳන්ම…

සාම්බලූර් ගම පුංචි ගමක්. (මනඃකල්පිත ගමක්.) සාම්බලූර් ගමේ මයාන කොල්ලයි උත්සවය ආරම්භ කල දවසේ ගමටම රස්සා දුන්න සිමෙන්ති ෆැක්ටරිය ගිනි ගත්තා. එදාම ශන්මුගම්ගේ දුව වුණ නිලාව අතුරුදහන් වෙනවා. කොහොමින් හරි මේ සිදුවීමට සැක කරන්නෙ ඉන්ස්පැක්ටර් රෙජිනාගේ පුතා අදිසයම්ව. අදිසයම් නිලාගේ පස්සෙන් දින කිහිපයක ඉඳන්ම ලුහුබැඳ ගිහින් තියෙනවා. අදිසයම්ගෙ හැසිරීම අයහපත් බව දෙනෙකුගෙන්ම රෙජිනාට පැමිණිලි ලැබෙනවා. රෙජිනා තමන්ගේ පුතාව බොහෝ සේ විශ්වාස කලා වගේම ගම්මුන්ගේ කතා දැඩිවම ප්‍රතික්ෂේප කලා.

කතාවේ ප්‍රධාන නළු හා නිළිය ලෙස සැලකිය හැකි චරිත වන සක්කරෛ ලෙස කදිර් සහ නන්දිනී ලෙස ඓශ්වර්යා රාජේෂ් ලෙසත් රඟනු ලබනවා. මෙහි ඉන්ස්පැක්ටර් රෙජිනා ලෙසින් ශ්‍රියා රෙඩ්ඩි චරිත නිරූපණය කරනවා. ශ්‍රියා රෙඩ්ඩි Thimiru (2006) චිත්‍රපටයේ දුෂ්ඨිය විදිහට ආකර්ෂණීය රංගනයක යෙදුනා දකින්නට ඇති. බොහෝ කලකට පසු රංගනයට පිවිසෙන ඈ මෙහි ඉතාමත් විශිෂ්ඨ චරිත නිරූපණයක් කරනු ලබනවා. ඒ වගේම කට හොඳ නැති පාර්තිබන් ශන්මුගම් ලෙස තකට තක රංගනයක යෙදෙනවා. ඒ වගේම කෝදන්ඩරාමන් ලෙස රඟන සන්තාන භාරතීට මෙම කතාවේ සුවිශේෂී කොටසක් හිමිවෙනවා.

මේ කතාවේ නිර්මාණ කරුවන් වන්නේ Vikram Vedha චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් වන පුෂ්කර් ගයත්‍රි කියලා දන්නවා ඇති. මෙහි අධ්‍යක්ෂණය බ්‍රම්මා G. සහ අනුචරන් මුරුගයියන්. ත්‍රාසය, භීතිය, කුතුහලය, ශෝකය ගෙනදෙන මෙය මඟහැර නොහැකි කාලෙකින් දකින්න පුළුවන් අද්විතීය නිර්මාණයක්. අවසානය ඔබ නොහිතූ, බලාපොරොත්තු නොවූ නිමාවක් දැකගත හැකියි. ඒ වගේම කතාවට පාත්‍රවන මයාන කොල්ලයි උත්සව දිනවල ඒ ඒ අංග පිළිබඳ අත්දැකීමක් මින් ලබා දෙනවා.

මේ කතා මාලාවේ උපසිරැසි ඔබ වෙතට ගෙන ඒමේ මූලිකත්වය දරන්නේ PHOENIX අයියා. ඒ වගේම පලවෙනි කොටස දහරා අක්කාත්, දෙවන කොටස ඔෂධ අයියාත් උපසිරැසි ඔබ වෙත ගෙන ආවා. ඒ අයටත් ස්තූතිය පුද කරනවා. වෙනදා වගේම පහලින් කමෙන්ට් එකක් දාලා අදහස් ලබාදෙන්න.

බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,482 downloadsDownload SuzhalS01E03-Update.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1Next BT1

Subtitles

3,482 downloadsDownload Subtitles21 KB

14 comments

  1. Kushan

    Sub akta thanks

  2. Anonymous

    ithuruwath ikmanim demu

  3. Tharindu

    මොනවද බන් උබලා කරන්නේ
    උබලා දීල තියෙන ලින්ක් එකෙන්(1337x) ඩවුන්ලෝඩ් කරාම එන්නේ සම්පූර්ණ සීරීස් එකම තියෙන කොපියක්,ඒත් සබ් දෙන්නෙ වෙන වෙනම,පලවෙනි එපිය විතරයි බලන්න පුලුවන් , අපරාදේ නේ ඩේටා ටික
    ඔයිට වැඩිය වගකීමෙන් වැඩ කරපන්කෝ බන්
    සම්පූර්ණ කොපියටම සබ් එකක් අප්ඩේට් කරපන්කෝ බන්,එපාවෙනවනේ

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Sachindu

    Thanks for subtitle.

    Ithuru episode tikath ikmnta oni

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaaaaaaaaaa

  9. Srk poorna

    මේක pronounce කරන්නෙ සුඩල් කියල. Tamil කෙනෙක්ගෙන් අහල දැනගන්න පුලුවන් හරියටම. කතාව හොදයි.

  10. viraj

    thanks...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Ravindra

    Thanks sub ekata

  13. amaya

    thanks ravindu

  14. indika 75

    thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.