“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ පළ වුණු ලිපියකින්. ඒ ලිපිය නිසාම anime එකට ආස වෙලා Haikyuu බලන්න ගත්තා. බැලුවාට පස්සෙයි තේරුණේ මේ anime එකේ වටිනාකම. මේ වගේ කතාවක් විශේෂයෙන්ම වොලිබෝල් ජාතික ක්‍රීඩාව වන අපේ වගේ රටක් දැනගන්න, ඉගෙන ගන්න ඕනේ නේද කියල…

“”Haikyuu!!”” මම මේ anime එක ගැන දැනගත්තේ බොහොම මෑතකදී. ඒ Hype Zone ෆේස්බුක් පේජ් එකේ පළ වුණු ලිපියකින්. ඒ ලිපිය නිසාම anime එකට ආස වෙලා Haikyuu බලන්න ගත්තා. බැලුවාට පස්සෙයි තේරුණේ මේ anime එකේ වටිනාකම. මේ වගේ කතාවක් විශේෂයෙන්ම වොලිබෝල් ජාතික ක්‍රීඩාව වන අපේ වගේ රටක් දැනගන්න, ඉගෙන ගන්න ඕනේ නේද කියලා අවංකවම හිතුණා.

Haikyuu (හයික්‍යූ) කියලා ජපන් භාෂාවෙන් කියන්නේ වොලිබෝල් ක්‍රීඩාවට. ඔව් මේක වොලිබෝල් ගැන කතාවක්.

හැබැයි, අපෝ ක්‍රීඩා සම්බන්ධ ඇනිමේවලට ආසා නෑ, ඇක්ෂන් තියෙන අභිරහස් තියෙන ඇනිමේවලටයි ආස කියලා මේක අතහැරලා දැම්මොත් නම්, ඒක කරගන්න ලොකු පාඩුවක්.

මේ ලිපිය ලියන මමත් ලොකු වොලිබෝල් රසිකයෙක් නෙවෙයි. ඉඳලා හිටලා ටීවි එකෙන් නැත්නම් නිවාසාන්තර තරඟ වලදි වොලිබෝල් තරඟ බලලා තිබුණට ඒ පිළිබඳ හරිහමන් දැනුමක් නෑ. නමුත් කවදා හරි දවසක කණ්ඩායම් ක්‍රීඩාවක් කරලා තියෙන කෙනෙක් නම්, මේකේ පෙන්නන සමහර සිද්ධි ඒ විදියටම වෙලා තියෙනවා වගේ දැනේවි.

ඉතාමත් රියලිස්ටික් නැත්නම් තාත්වික ඇනිමේ සීරීස් එකක් විදියටයි මෙය ලොව පුරා ජනප්‍රිය. ඔව් ලොව පුරාම… Haikyuu කියන්නේ උන්මාදයක්. ලොව පුරා වොලිබෝල් උන්මාදයක් ඇති කරපු සීරීස් එකක් තමා මේක. සාමාන්‍යයෙන් ලොව ජනප්‍රිය ක්‍රීඩා අතර ඉහලින් තියෙන්නේ ෆුට්බෝල්, ටෙනිස්, බාස්කට්බෝල්, ක්‍රිකට් වගේ ක්‍රීඩාවන්නේ. වොලිබෝල් තියෙන්නේ ඊට ටිකක් පහල ස්ථානයක. ඉතිං වොලිබෝල් වලට Haikyuu තුලින් ඇති කරපු තල්ලුව එසේ මෙසේ එකක් නම් නෙවෙයි.

දන්නවද 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජපානය තරඟ කරන වොලිබෝල් තරඟ අතරතුර Haikyuu තේමා ගීතය පවා වාදනය වුණා.

Youtube එකේ පොඩ්ඩක් හොයලා බැලුවොත් පෙනේවි ලෝකයේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයින් Haikyuu පිලිබඳ Reaction Videos, Breaking Down Videos ආදිය කරලා තියෙනවා. ඇමරිකානු, රුසියානු, බ්‍රසීල, ආජන්ටිනා වගේ වොලිබෝල් ටීම් එහෙම Haikyuu වල ලොකු රසිකයෝ. ජපාන ටීම් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ.

කතාව ගැන බැලුවොත්, මෙහි ප්‍රධාන චරිතය තමයි ශෝයෝ හිනාටා. තැඹිලි පාට කොණ්ඩයක් හිමි ටිකක් මිටි පුද්ගලයෙක්. ඔහුගේ එකම ආසාව තමයි දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් වන එක. නමුත් ඔහුගේ උස ඔහුට ලොකු බාධාවක්. ඒත් ඔහුට තියෙනවා කලාතුරකින් දක්නට ලැබෙන එක දක්ෂතාවයක්. ඒ මොකක්ද කියලා anime එකෙන්ම බලා ගන්නකෝ. ඒ දක්ෂතාව වැඩි දියුණු කරගෙන කරසුනෝ උසස් පාසලේ වොලිබෝල් කණ්ඩායමේ සමාජිකයින් සමඟ තමන්ගේ හීනය කරා යන ගමන ගැනයි මෙහි ඇතුලත් වෙන්නේ.

මේ Haikyuu සීරීස් එකේ විශිෂ්ඨ වීමට තව හේතුවක් වන්නේ, තරඟවල තියෙන intense එක, thrill එක වගේම ක්‍රීඩකයන්ගේ චින්තන රටාවන්, ඔවුන්ගේ මොරාල් එක ආදිය හරි ලස්සනට තිරය මත මවලා පෙන්නන නිසයි.

වොලිබෝල් කියන්නේ වේගවත් ක්‍රීඩාවක්. ගෙදර ටීවි එකෙන්, නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා ඉන්න අපිට ඒ වේගවත් බව එතරම් තදින් නොදැනෙන්න පුළුවන්. නමුත් මේ ඇනිමේ එක නැරඹුවොත්, ඔබ මින්පසු වොලිබෝල් තරඟයක් නරඹන විට, ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන දෙපාරක් හිතාවි. ඔවුන් කරන කැපවීම, ඔවුන්ගේ උපාය මාර්ග, ඔවුන්ගේ ශරීර හැසිරවීම් ගැන ඔබ පුදුම වනු නොඅනුමානය.

2014 සිට 2020 දක්වා
සීසන් 4ක්, විනාඩි 24 බැගින් වූ එපිසෝඩ් 85ක්
✨️ IMDb – 8.7/10
✨️ My Anime List – 8.5/10
✨️ Rotten Tomatoes – 90%

———————————————————————————————–

~ 1 කොටස ~ අවසානය සහ ආරම්භය ~

Haikyuu සීරිස් ප්‍රධාන චරිතය තමයි ශෝයෝ හිනාටා. හිනාටාගේ එකම අරමුණ තමයි දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් වීම. හිනාටාගේ ලෝකයේ වීරයා තමා “පුංචි යෝධයා” කියන අන්වර්ථ නාමයෙක් හඳුන්වන දක්ෂ වොලිබෝල් ප්‍රහාරකයා (spiker).

අද තමයි මියාගි දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ පාසල් වොලිබෝල් තරඟාවලියේ ආරම්භක දවස. ඒ වගේම යුකිගඕකා කනිෂ්ඨ පාසල වෙනුවෙන් හිනාටා තරඟ කරන පළවෙනි වොලිබෝල් තරඟය. ඔවුන්ගේ ප්‍රතිවාදියෝ වෙන්නේ ඉතාම ප්‍රබල පාසලක් වන කිටගාවා ෆස්ට්. එහි ඉන්න ප්‍රබලම ක්‍රීඩකයා තමයි, කගෙයාමා ටෝබියා, අන්වර්ථ නාමය… “ක්‍රීඩා පිටියේ රජා”.

හිනාටා සහ කගෙයාමා අතර ඇති වන උණුසුම් යුද්ධය වගේම හිනාටා වොලිබෝල් වෙනුවෙන් කරපු කැපවීම් මේ කතාංගයෙන් බලාගන්න පුළුවන්.
——————————————————————————————-

මේ ඇනිමේ සීරීස් එක බැලුවොත්, ඔබ අනිවාර්ය වොලිබෝල් රසිකයෙක් වන එක නම් වළක්වන්න බෑ. එහෙනම් ආරාධනා කරනවා anime ලොව හොඳම සහ ජනප්‍රියම ක්‍රීඩා කතා මාලාව නැරඹීමට.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,043 downloadsDownload HKU-S01-E01.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

නෙතිනි නිමන්තිකා

Subtitles

3,043 downloadsDownload Subtitles19 KB

40 comments

  1. Kavinda Bandara

    ලංකාවේ තාමත් ඇනිමේ වැඩිය ජනප්‍රිය නෑ ඒකට ප්‍රධානම හේතුව සබ් නැති හින්දා ගොඩක් අය බලන්ට මැලි වෙනවා,
    ඉතින් මේවගේ ඇනිමේ සීරීස් වලට සබ් දෙන එක නම් හොඳ වැඩක්
    Season 05 එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ

    1. Nethini123

      බොහොම ස්තූතියි

  2. Anonymous

    ඇනිමේ වලට සබ් දෙන එක නම් සුපිරියි.පුළුවන්නම් Jujutsu Kaisen වගේ සීරීස් වලටත් සබ් කරන්න.

    1. Nethini123

      බොහොම ස්තූතියි

  3. Anonymous

    Addeh! Hithuwewath naa me wage anime ekakata sub dei kiyala...Thanks

    1. Nethini123

      බොහොම ස්තූතියි

  4. මයුර

    බොහෝම ස්තුතියි නෙතිනි
    ඇනිමේ හොයන් බලන පිස්සුවක් ළඟකදි ඉඳන් ඇවිත්
    මේකත් අනිවා බලමි

    1. Anonymous

      මයුරගෙ නමින් කමෙන්ට් කරාට මම අචින්ත.
      අචින්ත උදයංග

    2. මයුර

    3. Nethini123

      බොහොම ස්තූතියි

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. Nethini123

      බොහොම ස්තූතියි

  6. sahan ishara

    ado sudda gammak naa nawattanna num epa putheee ohoma ymu hodeee

    1. Nethini123

      බොහොම ස්තූතියි

  7. Anonymous

    Anee thanks akki digatama mee wagee anime walata sub demuuu❤️
    #hail_anime

    1. Nethini123

      බොහොම ස්තූතියි

  8. Sheha

    thank u.digatama anime oone

    1. Nethini123

      බොහොම ස්තූතියි

  9. Pavith Wijesooriya

    නියමයි අක්කේ, මේකට නම් සබ් අනිවා ඕනේ, ඔහොම යමු, ජය!!!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  10. Anonymous

    Thanks jayawewa....!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  11. Anonymous

    බලල ඉවරයිනෙ

    1. Nethini123

      තව පාරක් බලමු සබ් එක්කම…

  12. kasun

    pissuda appa oyalata 3 parak baluwa sub natuwa dan ayath balanna hitanwa marama lassani me anime eka.
    Kuroko's Basketball tamail ilagata hoda

    1. Nethini123

      තව පාරක් බලමු සබ් එක්කම....

  13. kasun

    mulinma baluwa anime eka attack of titan eda idan

    haikyuu
    Kuroko's Basketball
    one punch man
    my hero acacdamy
    death note
    The Promised Neverland
    naruto
    demon slayer
    Ace of Diamond
    hunter x hunter
    Dr stone
    Sword Art Online
    Mob Psycho 100
    bleach
    Jujutsu Kaisen
    Assassination Classroom
    Baki
    Fullmetal Alchemist
    Death Parade

    oya anime tika baluwa ane anime pissak innawanam tawa hoda anime suggestion karannko mkada movie ekak baluwata anime eka fealing enna nah

    1. Anonymous

      One Piece :)

    2. Anonymous

      Steins;Gate balanna... Aniwaren balanna oone anime ekak.

    3. Nethini123

      දිගටම ඇනිමේ බලමු!

    4. Anonymous

      Steins gate

  14. Denura Weerasinghe

    කම්මැලිකමට බයිස්කෝප් එකට ඇවිල්ලා අලුතෙන් ඇනිමේ වලට සබ් ගෙනල්ලද කියලා නිකමට බලද්දි මේ පෝස්ට් එක දැක්කාම පට්ට සතුටක් ආවේ....බෝම ස්තූති වෙන්ඩෝනේ මේ උත්සාහයට...අක්කට ජය!!!

    1. Nethini123

      බොහොම ස්තූතියි

  15. podda

    thanks sis!!!!!!!!!
    sub karanna animation ekak thoragattha ekata thanksss

    1. Nethini123

      බොහොම ස්තූතියි

  16. Anonymous

    Thanks mchn ! ❤️

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Anonymous

    Dr stone. Baki the grappler anime wala sub danna Bari weida

  19. Anonymous

    Haikyuu season 2 subtitles dannako

  20. Anonymous

    dr stone. Subtitle dena berida