ඔන්න එහෙනම් සති හයක් පුරාම Moon Knight එක්ක ආපු ගමන අවසන් වෙනවා. මාවල් උණුසුම වැඩියෙන්ම දැනෙන සතියක්නෙ මේ. මොකද මේ සතියේ තමා Multiverse of Madness චිත්‍රපටය වගේම Moon Knight කතා මාලාවේ පළමු අදියරේ අවසන් කොටසත් නිකුත් වෙන්නේ. 2022 අවුරුද්දට මාවල්ලා මේ ටීවි සීරීස් එකෙන් හොඳ ආරම්භයක් අරගන්නවා. සාමාන්…

ඔන්න එහෙනම් සති හයක් පුරාම Moon Knight එක්ක ආපු ගමන අවසන් වෙනවා. මාවල් උණුසුම වැඩියෙන්ම දැනෙන සතියක්නෙ මේ. මොකද මේ සතියේ තමා Multiverse of Madness චිත්‍රපටය වගේම Moon Knight කතා මාලාවේ පළමු අදියරේ අවසන් කොටසත් නිකුත් වෙන්නේ. 2022 අවුරුද්දට මාවල්ලා මේ ටීවි සීරීස් එකෙන් හොඳ ආරම්භයක් අරගන්නවා.
සාමාන්‍යය සුපර්හීරෝ කතා මාලාවක සොභාවයෙන් එහාට යමින් සයිකොලොජි පැත්ත ඉස්මතු කරපු නිර්මාණයක් විදිහටයි මූන් නයිට් කතා මාලාව ගොඩ නගලා තිබුණේ. කලින් සතියෙ කොටස ඒකට හොඳම උදාහරණයක්. සීරීස් එකේ වැඩියෙන්ම දුක හිතුන කොටස පස්වෙනි කොටස 🙂
පස්වෙනි කොටසෙදි මාර්ක් සහ ස්ටීවන් ඩුවට් එකේදි බේරෙන්න ලොකු උත්සහයක් ගන්නවා. මේ නිසා රහස් ගොඩක් අනාවරණය වුණා. මාර්ක් පොඩි කාලෙදි තමන්ගෙ මල්ලි වුනු රෝරෝ මිය යනවා. ඒ වරද පැටලෙන්නේ මාර්ක්ගේ හිස මතට. ඉතිං ඒ හේතුව නිසා මාර්ක්ගේ අම්මත් මාර්ක්ට හිරිහැර කරන්න පටන් ගන්නවා. මේ හිරිහැරවලින් වෙන මානසික බලපෑම නිසා තමා මාර්ක් ස්ටීවන් ග්‍රාන්ට් කියන පර්සනැලිටි එක ගොඩ නගාගන්නේ. ඉතිං මාර්ක්ට වේදනාවෙන් ඉන්න, නරක ළමා කාලයක් තිබුණු ආදරය අහිමි මනුස්සයෙක් වුනත් ස්ටීවන් හැමතිස්සෙම සතුටින් ඉන්න බලාපොරොත්තු සහිත චරිතයක් වෙන්න හේතුවත් මේකයි. ඉතිං තමන් නෙවෙයි ඔරිජිනල්ම පර්සනැලිටි එක කියල දැනගත්තම ස්ටීවන් කලබලයට පත් වෙනවා.
කොහොම හරි අන්තිමේදි ස්ටීවන් මාර්ක් දෙන්නට හදවතේ තරාදිය සමබර කරගන්න බැරි වුනු නිසා ඩුවට් එකෙන් මේ දෙන්නව අල්ල ගන්න උත්සහ කරනවා. කොහොම හරි මාර්ක්ව බේරගන්න ස්ටීවන් උත්සහ කරන්න ගිහින් ස්ටීවන්ව ඩුවට් එකෙන් අල්ලගන්නවා. ස්ටීවන් වැලිවලින් ගල්වුනාට පස්සේ මාර්ක්ගේ තරාදිය සමබර වෙලා මාර්ක්ට රීඩ්ස් භූමියට යන්න පුලුවන් වෙනවා.
ඉතිං මේ දේවල් අතර තුර පිටත ලෝකයේ මොනවා වෙන්න ඇත්ද? ලයිලා මේ වෙද්දි මොන වගේ තත්ත්වයකද ඉන්නව ඇත්තේ? මාර්ක් මොනව වගේ තීරණයක් අරගනියිද? මේ දේවල් දැනගන්න නම් එකතු වෙන්න හයවෙනි කොටසත් එක්ක…
අමිට්

අමිට් කියන්නේ ඉජිප්තුවේ මිත්‍යා කතාවල ඉන්න මරණයට සම්බන්ඳ දේවතාවියක් කියලා ඔයාලා දැනටමත් දන්නව ඇතිනේ. අමිට් කියන්නේ පුරාම ඊජිප්තුවරුන් ඇදහුවටත් වඩා භය වුනු දේවතාවියක්. ඇය ඉතාම නපුරු චරිතයක් කියලයි ඔවුන් විශ්වාස කළේ. අමිට් අනිත් ඊජිප්තු දෙවිවරුන් වගේම සත්ත්වය රූපයක් යොදාගන්නවා. ඒ අතරින් කිඹුල් හිසක් අමිට්ට තියෙන්නේ. කතන්දරවලට අනුව නම් අමිට් ජීවත් වුනෙත් ඩුවට්වල ස්කේල්ස් ඔෆ් ජස්ටිස් අසල තැනක. මාවල් විශ්වයේ අමිට් කියන්නෙ කොහොම කෙනෙක්ද කියලා අද ඔයාලට දැකගන්න පුලුවන්.
මේ වෙද්දී මූන් නයිට් කියන්නේ ඉතාම සාර්ථකත්වයක් දිනාගත්ත කතා මාලාවක්. IMDB තුළ 7.6 ක ලොකු අගයක් වගේම Rotten Tomatoes තුළ 87% ක අගයක් ලැබිලා තියෙනවා. තාම නිල වශයෙන් දෙවෙනි අදියරකට රීනිව් කරලා නැති වුනත් මූන් නයිට්ගේ ගමන මෙතනින් අවසන් වෙන්නෙ නැහැ කියලා ඉඟි එක්කයි සීසන් එක අවසන් වෙන්නේ.
එහෙනම් සති හයක් පුරා මම මූන් නයිට් එක්ක ආපු මේ ගමන තාවකාලිකව අවසන් කරන්නයි මේ සුදානම් වෙන්නේ. මූන් නයිට් කියන්නේ මම දැනට කරපු ටීවි සීරීස් අතරින් ආසාවෙන්න උපසිරැසි ගන්වපු ටීවි සීරීස් එක ❤️ මොකද පෞද්ගලිකව මූන් නයිට් කියන්නේ මගේ කැමතිම සුපර්හීරෝස්ලා දහදෙනාගෙන් කෙනෙක්. ඒ වගේම උපසිරැසියට විතරක් සීමාවෙන්නෙ නැතුව පළවෙනි කොටසෙ ඉඳන්ම සීරීස් එකට අදාල වෙන සිදුවීම්, චරිත ගැනත් විස්තර ඔයාලට ලිපියෙන් අරගෙන ආවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ පළවෙනි කොටසේ ඉඳන්ම 10,000 ක ඩවුන්ලෝඩ් කවුන්ට් එකක් තිබුණා. ඉතිං අදහස් පළ කරලා මාව දිරිගන්වපු හැමෝටම වගේම මාව විශ්වාස කරලා මුල ඉඳන්ම බයිස්කෝප් එක්ක එකතු වෙලා හිටිය හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි. එහෙනම් ඉතිං වැඩේ අවසන් කරන ගමන් අදට මම සමුගන්නවා. ආයෙත් දවසක බයිස්කෝප් සිංහලෙන් තුළින් මුන ගැහෙමු.
Laters gators
Season 01 Episode 06: “Gods and Monsters”
Directors: Mohamed Diab
Run time: 47 minutes
Air Date: May 4, 2022
IMDB rating: 8.3
Age rating: TV-14
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
26,609 downloadsDownload Moon-Knight-S01-E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
60 comments
Gihan
Lehan
thanx sub ekata <3
The Boys TV Series ekatath sub dennako bro :)Athula
විස්තර ටික නම් සෑහෙන්න වටිනවා කියවන කෙනෙක්ට. සබ් එකත් හොඳටම කරල තිබුණා.
FATE
Thanks sago
Anonymous
Thanks bro
Anonymous
Ado confused una last episode eke sinhala dala thiyanawa dekkama. Mokada me last epiye sinhala dala?
Naveen Mbr
උපසිරැසියට ගොඩක් ස්තූතියි.
Mr knight
Thnks mchn...❤️❤️❤️
Sanjeewa Sandaruwan
supirii
Anonymous
thanks
kavinda gamage
බොහොම ස්තුතියි මේ ලස්සන වැඩේ අවසන් වෙනතුරු කරගෙන ආවාට .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kalsara Muthulel
Kollo meka poddk kiyn pluwnd ?. Ara psych hospital eke scene ekak yanwa neh. E koheda ethakota ?.
Vihanga
e ban oluwe mavena ekaka
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Anonymous
Thank you
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤
Motivator
ආදරෙයි සගෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Shashi
Thank u very much
minidu
thank u bro
Anuja Lakshitha
thanks kollo sub ekt
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Devinda
බොහොම ස්තූතියි සහෝ.. ඔගොල්ලොන්ගෙ සියලු වැඩ රාජකාරිත් එක්ක අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන මේ කතා මාලාවට සබ් දීපු සියලුම දෙනාට බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා!!
Darkmoon
THNKZ BM
ravidu ishan
සීසන් එකටම සබ්දුන්නට ස්තූතියි සහෝ.. ජය!!
Sahan Randunu
සබ් එකට ගොඩක් ස්තූතියි බොසා
Anonymous
❣❣❣
Tharanka
ela
Kaviz
❤
Anonymous
Thank you...
Anonymous
මෙකේ සබ් නම් සුපිරියටම තිබ්බා සහෝ
ලිපියත් සුපිරි. detailed. ❤️Supun
Sub eka supiriyate thibba lipiye thibba wisthara nisath kathawa hodata therum ganna puluwan una thank you e okkota digatam sub denna
chathmali serasingha
mcn peacky blinders epi 6 sub dapan ikmanata
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤
Senura Bimsara
Moon Knight සීරියස් එකත තේරෙන සිංහලෙන් සබ් දුන්නාට Thanks සහෝ. දෙවෙනි සීසන් එකක් ආවොත් එකටත් සබ් දෙන්න ❤️
JonDoe297
Thank you
sashitha
thanks
විමා
කතා දෙකක නැහැ නියමෙට වැඩේ කළා. :)
මහන්සියට බොහොම ස්තුතියි!dunidu shehan.
peaky blinders ekta sub den nadda bn
Anonymous
THANK YOU BRO
Supun
Sub eka supiriyate thibba lipiye thibba wisthara nisath kathawa hodata therum ganna puluwan una thank you e okkota digatam sub denna
Bimsara Yashan(ඔලිව)
සීරිස් එකටම සබ් දුන්නට ස්තූතියි සහෝ. දැං තමා බලන්න යන්නේ....
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Aravinda Fernando
බොහෝම ස්තුතියි මල්ලි මේ සීරිස් එකට.......
Anonymous
එල එල Thankz..
Anonymous
Thankyou
lakshan
thanks ........................
sahangayantha
thanks a lot saho sub ekata
anuk
thns bosaa ptta asawen bluwe..niyma storya jaya wewa!!!!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Kevin D...
Thanks...
viraj
THANKS....
Vinoth
Thx, ♥️
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata thanks saho
Jaya wewa