ඉතින් Flames කිව්වම අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ අපේ ඉන්දියන් කතාමාලා ප්‍රේක්ෂකයන්ට. Panchayat වගේ ගොඩක් හිට් වෙච්ච TVF සෙට් එක නිර්මාණය කරපු තවත් ලස්සන කතාමාලාවක් තමයි මේ. නොහිතපු වෙලාවක ඔන්න Flames තුන්වෙනි කතාසමයත් එලි බහිනවා, ඒ පහුගිය ඔක්තෝම්බරයේ. ඒ එන්නෙත් ඇමසෝන් ප්‍රයිම් හරහා වීම තවත…

ඉතින් Flames කිව්වම අමුතුවෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැනේ අපේ ඉන්දියන් කතාමාලා ප්‍රේක්ෂකයන්ට. Panchayat වගේ ගොඩක් හිට් වෙච්ච TVF සෙට් එක නිර්මාණය කරපු තවත් ලස්සන කතාමාලාවක් තමයි මේ. නොහිතපු වෙලාවක ඔන්න Flames තුන්වෙනි කතාසමයත් එලි බහිනවා, ඒ පහුගිය ඔක්තෝම්බරයේ. ඒ එන්නෙත් ඇමසෝන් ප්‍රයිම් හරහා වීම තවත් විශේෂයක් වුණා. ඉතින් ඊයේ දවසේ ඔයාලා අපිත් එක්කම මේ තුන්වෙනි කතාසමය බලන්න පටන් ගන්න ඇතිනේ. අද මේ අරන් එන්නේ දෙවැනි කොටස. මේ වෙද්දි ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.9ක දැවැන්ත අගයක් හිමි කරගෙන තියෙන Flames කතාමාලාව තවමත් නැරඹුවේ නැති කෙනෙක් ඉන්නවා නම්, අනිවාර්යෙන්ම බලන්න කියලයි ආරාධනාව. කතාසමයන් තුනටම තියෙන්නේ කොටස් 15ක් විතරමයි.
ඉතින් පහුගිය කොටස පටන් ගත්තෙම හිතාගන්න බැරි තැනකින්. රජත් කලබලෙන් ඉස්පිරිතාලෙට දුවගෙන එනවා. හරියට කවුරුහරි එයා දන්න කෙනෙක් අනතුරකට පත්වෙලා එයාව ඉස්පිරිතාලෙට ගෙනල්ලා වගේ. රජත් ඔපරේෂන් තියටර් එකේ දොරේ තියෙන වීදුරුවෙන් ඇතුල බලාගෙන අඬන්න ගත්තා. එතකොටමයි රජත්ගේ අතිජාත මිත්‍රයෝ දෙන්නත් දුවගෙනම එතනට ආවේ. එයාලා හැදුවේ අඬන රජත්ව සනසවන්න. දැන් මේ හැමෝම මෙතන ඉන්නවා නම් මෙතන නැති කෙනා කවුද කියලා ඔයාලා දන්නවා. එතකොට ඔපරේෂන් තියටර් එකේ ඉන්නෙත් එයාමද? මේ හැම ප්‍රශ්නයක්ම විසඳගන්න අපිට කෞෂල් සර් නම් ඉඩ දෙන්නේ නෑ. එයා කියන්නේ අමාරු පාඩම් වලට එන්න කලින් මුල ඉඳන්ම බලාගෙන එන්න කියලා. ඒ කීමට ඇහුන්කම් දීලා අපි ඉතින් දැන් මුල ඉඳන් බලාගෙන එමු. මේ කොටසින්වත් ඒ ඉස්පිරිතාල සිද්ධිය ගැන හෝඩුවාවක් ලැබෙයිද බලමුකෝ එහෙනම්.
ඊළඟ කොටස අරගෙන රවිඳු මල්ලි ඒවි. Flames එක්ක මට තිබ්බ වැඩ කොටස මෙතනින් ඉවර වෙනවා. හැමෝටම ජය පතනවා.
කතාංගයේ නම : “Chupana bhi nahi aata, jatana bhi nahi aata”
කතා රචනය : Deepesh Sumitra Jagdish හා Puneet Batra
අධ්‍යක්ෂණය : Divyanshu Malhotra
IMDb අගය : 8.9
විකාශය වු දිනය : 28 October 2022
මීළඟ කතාංගය : “Jab koi baat bigad jaye”
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,284 downloadsDownload Flames.s03e02..zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
6 comments
nisa
Anonymous
Thank You...!
අචින්ත
බොහෝම ස්තූතියි ❤
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Isuru
ස්තුතී සබ් එකට ඊලග ඒවත් ඉකමනට ගේමු
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks machooo