කොහොමද ඉතින් හැමෝටම? යොවුන් ප්‍රේමයේ මිහිරියාව, විරහ රසය නොඅඩුව ගෙනත් දුන්නු Flames කතාමාලාව එක්කයි කාලෙකට පස්සේ ඔයාලා මේ ආපහු එකතු වෙලා ඉන්නේ. වාර දෙකක් පහු කරලා පහුගිය දවස් වල Flames කථාමාලාව තුන්වෙනි වාරයටත් පය ගැහුවනේ. ඒ ඇමසෝන් ප්‍රයිම් හරහා. ඉතින් සැකයක් නැහැ වෙනදාටත් වඩා වැඩි ප්‍රතිචාරයක්, වැ…

කොහොමද ඉතින් හැමෝටම? යොවුන් ප්‍රේමයේ මිහිරියාව, විරහ රසය නොඅඩුව ගෙනත් දුන්නු Flames කතාමාලාව එක්කයි කාලෙකට පස්සේ ඔයාලා මේ ආපහු එකතු වෙලා ඉන්නේ. වාර දෙකක් පහු කරලා පහුගිය දවස් වල Flames කථාමාලාව තුන්වෙනි වාරයටත් පය ගැහුවනේ. ඒ ඇමසෝන් ප්‍රයිම් හරහා. ඉතින් සැකයක් නැහැ වෙනදාටත් වඩා වැඩි ප්‍රතිචාරයක්, වැඩි ප්‍රේක්ෂක පිරිසක් TVF Flames වෙනුවෙන් මේ සැරේ පෙළගැහෙන්න ඇති. ඒ වගේමයි 2019 වසරේ ඉඳන් Flames සිංහලෙන් රස විඳින්න අවස්ථාව ලබා දීලා කතාමාලාවෙම බර කරට අරන් ආපු අචින්ත සහෝදරයා විවාපත් වෙලා කාර්යබහුල වෙච්ච නිසා මේ වැඩේ මින් ඉදිරියට කරගෙන යන්න අපි සෙට් එක හිතාගත්තා. එහෙම හිතාගෙන ආපු වැඩේ අහවරක් වෙලා තමා පහුගිය දවසක ඉඳන් මේ තුන්වෙනි වාරේ සිංහලෙන් රස විඳින්න කට්ටියට අවස්ථාව උදාවෙන්නේ. ඒ වැඩෙත් කෙලවර වෙන තැන, ඒ කියන්නේ තුන්වෙනි වාරෙත් අවසාන කොටස අරගෙන තමා මම ආවේ. මේ අවසන් කොටසෙදි, මේ වැඩේ එක්ක එක්කහු වුණු සිසිත, රවිඳු, දහරා වගේම කතාසමයන් දෙකක් අරගෙන ආපු අචින්ත සහෝදරයාවත් ආදරයෙන් මතක් කරන්න ඕන.
හමුවීම් වෙන්වීම් මැදින් ගලාගෙන ගියපු, විටෙක වෙන් වුණු, ආයෙම කලින්ටත් වඩා බැඳුනු ඒ ආදරේ, රසායන විද්‍යා පන්තියේ රජත්-ඉෂිතා ආදරේ මේ අවසන් කොටසෙදි මොන වගේ දේවල් වලින් බලපෑමට ලක්වෙයිද? ඒ කුකුස කතාමාලාවත් එක්ක දිගටම එකතු වෙච්ච අයට අනිවාර්යෙන් ඇති. මේ සැරේ කතාව ඉවර වෙන්නේ මොන විදිහේ හැඟීමක් දීලද? ආයෙත් කාලයක් මේ ආදර කතාව වෙනුවෙන් බලන් ඉන්න වෙයිද? මේ වගේ ප්‍රශ්න ගණනාවකුත් හිතේ ඇති. මේ කිසිම දේකට උත්තර නොදී ඔයාලටම උත්තර හොයාගන්න ඉඩ දෙන එක හොඳයි වගේ. මොකද ඒවා ගැන කතාබහ කරලා ස්පොයිල් කරන්න තරම් දෙයක් මෙතන නැති නිසා. මේක විතරක් කියන්නම්. මේ අවසන් කොටසෙදි කතාවේ පාදමට ලොකු පහරක් එල්ලවෙන නිසා පුද්ගලිකව මට හිතෙනවා තවත් කතාසමයක් දකින්න ලැබෙන එකක් නැතිවෙයි කියලා. එහෙම වුණොත් මේ තමයි අපි Flames හරහා එකතු වෙන අවසානම දවස, ඔයාලා බලන අවසානම කොටස. ඒත් කවුද දන්නේ? හැමදේම තියෙන්නේ එයාලගේ අතේ. ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි බලාපොරොත්තුවක් නැතිව පොඩියට වගේ බලාපොරොත්තුවක් තියාගෙන අපි ඉමු. අපි එහෙනම් සමුගන්නවා. හැමෝටම ජයෙන් ජය වේවා.
කතාංගයේ නම : “Kuch Tum Kaho, Kuch Hum Kahein”
කතා රචනය : Deepesh Sumitra Jagdish හා Puneet Batra
අධ්‍යක්ෂණය : Divyanshu Malhotra
IMDb අගය : 8.9
විකාශය වු දිනය : 28 October 2022
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,276 downloadsDownload Flames.s03e05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
9 comments
අචින්ත
Lakindu R
Narco-Saints කොරියන් ඩ්‍රාමා එකට සබ් කරන්නකෝ, එපිසෝඩ් 6යි තියෙන්නේ මම හිතන්නේ
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Anonymous
thanks for all sub
Naveen
උපසිරසිවලට තුති
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda
thank you very much for the subtitles bro,
pluwannm aluth season eketh sub dennkoK.A. Olunee Ramaya Gunasekara
Flames Season 4 1kath release wela thiyenne. Ekatath sub 1k karala dennako Please. Thank You
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සෙට් එකටම ගොඩක් ස්තූතියි❤
ජය වේවා