ඉතින් කොහොමද හැමෝටම? නම දැක්ක ගමන් හරි ආසාවෙන් එන්න ඇත්තේ. මොකද කිව්වොත් අපේ කවිනු සහෝදරයා උපසිරැසි ගන්වලා අරන් ආපු TVF Immature කියන්නේ මීට වසර කීපයකට කලින් අපි හැමෝටම උන්මාදයක් ඇති කරපු සීරීස් එකක්නේ. කවුරුත් හිතුවෙත් නැහැ අලුත් කතාසමයක් දකින්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දම අපි ඒ සමය අවසන් කරේ ආදර…

ඉතින් කොහොමද හැමෝටම? නම දැක්ක ගමන් හරි ආසාවෙන් එන්න ඇත්තේ. මොකද කිව්වොත් අපේ කවිනු සහෝදරයා උපසිරැසි ගන්වලා අරන් ආපු TVF Immature කියන්නේ මීට වසර කීපයකට කලින් අපි හැමෝටම උන්මාදයක් ඇති කරපු සීරීස් එකක්නේ. කවුරුත් හිතුවෙත් නැහැ අලුත් කතාසමයක් දකින්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දම අපි ඒ සමය අවසන් කරේ ආදර අන්දරේ අවසන් කතන්දරේ කියලා. ඒත් මෙන්න හෙන ගහන්නා වගේ දෙවැනි කතාසමයකුත් ඇවිල්ලා අපිව පිස්සු වට්ටන්න. විශේෂම දේ කියන්නේ පළමු කතාසමය MX Player එකේ විකාශනය වුණාට දෙවැනි කතාසමය විකාශනය වෙන්නේ ඇමසෝන් ප්‍රයිම් හරහා. හරියට අපි ඊයේ බලලා ඉවර කරපු Flames තුන්වෙනි කතාසමය වගේමයි. TVF හොඳ හොඳ කතා ටික ඇමසෝන් ඩැහගන්නවා වගෙයි පේන්නේ. හරි, මදැයි එහෙනම් වටේ ගියා. කට්ටියට ඉවසුමකුත් නැතුව ඇතිනේ මේක බලන්න. එහෙනම් අපි ඉක්මනට කතාව පැත්තට හැරෙමු. පළමු කතාසමය අරගෙන ආපු කවිනු වීරක්කොඩි සහෝදරයව ආදරයෙන් මතක් කරන ගමන් මේ දිගහැරෙන්නේ ඔයාලගේ ආසම කතාමාලාවක් වෙච්ච 8.7ක දැවැන්ත IMDb අගයක් හිමිකරගත්තු TVF Immature කතාමාලාවේ දෙවැනි කතාසමයයි.
ඉතින් ආදරේ අන්දරේ අවසන් කතන්දරේ හැමෝගෙම හිත සුව පිණිස හරිම ලස්සනට ඉවර වුණානේ. යාළුවො තුන්කට්ටුව චවී වෙනුවෙන් ඒ කොටස් 5 ඇතුලේ මොන මොනාද නොකළේ? බයික් කටු හෙව්වා, නාට්‍ය වලට රිංගන්න ගියා, වලි දාගත්තා එකී මෙකී නොකී හැමදේම අර චවී වෙනුවෙන් කරා. ඒ කරපු දේවල් අපතේ ගියේ නැහැ ඉතින්. දෘව් සහ චවී අන්තිමේදී එකතු වුණානේ. එතකොට මේ දෙවැනි කතාසමයෙදී මොනාද සිද්ධ වෙන්න තියෙන්නේ? ඒ ගැන කුතුහලයක් ඇති නේද? හරි අපි බලමු.

කාලය ගෙවිලා ගිහිල්ලා. කට්ටිය දැන් ඉන්නේ 11 පන්තියේ. සුසු, කබීර්, දෘව් චවී දැන් කලින්ට වැඩිය ලොකු වුණාට ඒ ඔලු ගෙඩි නම් වෙනස් වෙලා නැහැ. කබීර් මාන බල බල හිටියේ කා එක්ක හරි පැටලෙන්න, දැන් සුසුට වර්ණ අන්ධතාවය. මිනිහට නිල් පාටට තමා හැමදේම පේන්නේ. ඔතනින් ලොකු ලොකු අවුල් සිද්ධ වෙනවා. ඔය අතරේ අපේ කුරුළු ජෝඩුව දෘව් සහ චාවිට සිද්ධ වෙනවා දෙන්නා අතර පොඩි දුරස්කමක් ඇති කරගන්න. මේ සිද්ධ වෙන්නේ චවී වැඩිදුර අධ්‍යාපනයට කෝටා ගියපු නිසා. ෆෝන් එකටයි ලැප් එකටයි පින් සිද්ධ වෙන්න තමා මේ ආදර සම්බන්ධය තව තව දළු දාගෙන ගියේ. හැබැයි කාලය යන්න යන්න මොන මොනාදෝ වෙන්න ගන්නවා. වැඩිය ඒ ගැන නොකියා මේ පලවෙනි කොටස ඔයාලට බලන්න දෙන්නම්කෝ. එහෙනම් ගිහින් එන්නම්. දෙවැනි කොටසින් හම්බවෙමු.
කතාංගයේ නම : “Time For A Change”
කතා රචනය : D. Krishna Prasad, Abhishek Yadav, Nishaad Zaveri
අධ්‍යක්ෂණය : Prem Mistry හා Vaibhav Bundhoo
IMDb අගය : 7.9
විකාශය වු දිනය : 26 August 2022
මීළඟ කතාංගය : “Sambhog Shastra”
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,362 downloadsDownload Immature.S02E01.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
11 comments
Anonymous
අචින්ත
බෝම ස්තුතියි සහෝදරයා ❤
2ක් ආව කියල දන්නෙත් දැන් නෙවAnonymous
Thanks! Season 1 ke links update karanna.
Anonymous
ෆැමිලි මෑන් තවම නැත්ද
Naveen
උපසිරසියට තුති
Anonymous
සබ් ගන්න උන් කමෙන්ට් එකක් දීලා සප් එකක් දියල්ලා කුහක නොවි බලන්නෙත් ටිකදෙනයිනෙහ්
මොකෝ උබලයි අතින්පයින් යනවයි
අපි නම් ඩ්‍රාමා සීන් බලන්නේ නෑ සහෝ එනිවෙ තැන්ක්ස්Buddhika laKMal
පට්ට වැඩක් මචං....
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Naleen
මචන් පලමු සීසන් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් දෙන්නකෝ..කොහෙවත් නෑ සොයා ගන්න..ඔයාල දීපුවත් නෑ දැන්
Ravindu_Heshan
baiescopedownload eke dala tynawa
sahangayantha
Thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks