Watch Trailer

1000 Babies [S01 : E04] Sinhala Subtitles | උපන්දිනය සහ ඝාතනය [සිංහල උපසිරසි]

1000 Babies S01 Sinhala Subtitles ආයුබෝවන්, හතර වන කොටස අද ඉදිරිපත් කරනවා. ටිකක් දුර ගිය නිසා කතාවෙ පොඩි සාරාංශයක් දෙන්නම්. සාරා විශ්‍රාමික හෙදියක්. මානසික රෝගයකින් පෙළෙන ඇය තම එකම පුත්‍රයා බිබින් සමග ජීවත් වෙනවා. සෑම විටම සිය මවට අවනත අවිවාහක බිබින් මවත් බලා කියාගෙන රසායනාගාර ශිල්පියෙකු ලෙස ගෙවන්න…

1000 Babies S01 Sinhala Subtitles

ආයුබෝවන්,

හතර වන කොටස අද ඉදිරිපත් කරනවා. ටිකක් දුර ගිය නිසා කතාවෙ පොඩි සාරාංශයක් දෙන්නම්.

සාරා විශ්‍රාමික හෙදියක්. මානසික රෝගයකින් පෙළෙන ඇය තම එකම පුත්‍රයා බිබින් සමග ජීවත් වෙනවා. සෑම විටම සිය මවට අවනත අවිවාහක බිබින් මවත් බලා කියාගෙන රසායනාගාර ශිල්පියෙකු ලෙස ගෙවන්නෙ සමාජශීලී ජීවිතයක් නෙමෙයි. සාරාගේ එකම ක්‍රියාව දවස පුරා මාකර් පෑන් වලින් බිත්ති පුරා යම් සටහන් ඇඳීම. පිස්සුවෙන් ඇන්දත් මේ සටහන් වල වැදගත් පණිවිඩයක් තිබෙන බව කිසිවෙක් දැන ගෙන හිටියෙ නෑ. ඒත් දිනක් සාරා සිතේ හංගා ගෙන හිටපු ඒ මහා අභිරහස සිය පුත්‍රයා ඉදිරියෙ හෙළි කරනවා. ඉන් වික්ශිප්ත වෙන බිබින්ගේ හැසිරීමෙන් සාරා තුවාල ලබා රෝහල් ගත වෙනවා. මරණය පෙනි පෙනී හිටිය සාරා රහස්‍ය ලිපි දෙකක් ප්‍රදේශයේ මහෙස්ත්‍රාත් සහ පොලිස් ප්‍රධානියාට යොමු කරනවා. පසුව ඇය මිය යනවා. බිබින් අතුරුදහන්. ඒ ලිපි පිළීබඳ හෙළි වෙන්නෙ තුන් වෙනි කොටසෙදි. හිතා ගත නොහැකි අමුතුම අපරාධයක් ඇය සිදු කරනවා. මාතෲ රෝහලක ප්‍රධාන හෙදිය ලෙස ඇය එහි උපත ලද දහසකට වැඩි දරුවන් පිරිසක් වෙනත් දෙමව්පියන් සමග මාරු කරනවා. ගෑණු පිරිමි ආගම් හා වෙනත් සමාජ ස්ථර වල දරුවන් එකිනෙකා මාරු කර ඇය කුරිරු සතුටක් ලබද්දී බොහෝ මව් පියන් රෝහලෙන් ආපසු යන්නේ තමන්ට දාව ඉපදුනු දරුවා සමග නොව වෙනකෙකුගේ දරුවා සමග. හිතන්න මේ තත්වය වසර ගණනාවකට පසු සමාජයට හෙළි වුවහොත් මොකක් වෙයිද?  ඒ නිසා පොලිස් නිලධාරියා සහ විනිසුරු අදාළ ලිපි රහසක් ලෙස තබා ගන්නවා. ඒත් වසර 12කට පසු සිදුවන මිනී මැරුමක් නැවත වතාවක් අදාළ ලිපි ගැන සිද්ධිය මතු කර ගැනීමට මග පාදනවා.

ඉතිං මේ මිනී මැරුම සාරාගේ ලිපි හා තියෙන සම්බන්ධය කුමක්ද? මේ කොටස බලන්න. කතාව තව අළුත් මානයකට යොමු වේවි.

ඊ ලඟ කොටසේ උපසිරසිය සමග හමු වෙමු. ආයුබෝවන්

1000 Babies S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,976 downloadsDownload 1000-Babies-S01EP04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

1000 Babies S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,976 downloadsDownload Subtitles21 KB

3 comments

  1. sameera

    1000 babies ethutu sub oni

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ....
    ජය වේවා.........

  3. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට