පළමු කතාසමය මෑතකදී සියදිවි නසාගත්ත තමන්ගේම පාසලේ යෙහෙලියක් වුනු හැනා බේකර් විසින් පටිගත කරපු ටේප් තියෙන පෙට්ටියක් දවසක්දා ක්ලේ ජෙන්සන්ට ලැබෙනවා මේ ටේප් ලැබෙන මුල්ම කෙනා ක්ලේ විතරක් නෙවෙයි. නගරේ හිටිය සෑහෙන දෙනෙක් අතට පත්වෙලා තමයි ක්ලේ අතට මේ ටේප් ලැබෙන්නේ. ලැබුණු ටේප් වලට ක්ලේ ඇහුන්කන් දෙන්න පටන් ග…

පළමු කතාසමය
මෑතකදී සියදිවි නසාගත්ත තමන්ගේම පාසලේ යෙහෙලියක් වුනු හැනා බේකර් විසින් පටිගත කරපු ටේප් තියෙන පෙට්ටියක් දවසක්දා ක්ලේ ජෙන්සන්ට ලැබෙනවා මේ ටේප් ලැබෙන මුල්ම කෙනා ක්ලේ විතරක් නෙවෙයි. නගරේ හිටිය සෑහෙන දෙනෙක් අතට පත්වෙලා තමයි ක්ලේ අතට මේ ටේප් ලැබෙන්නේ. ලැබුණු ටේප් වලට ක්ලේ ඇහුන්කන් දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එයාට තේරුම් යනවා ටේප්වල සදහන් වෙන සැහෙන දෙනෙක්ට තියෙන තනිප්‍රතිරූපයක් නෙවෙයි ප්‍රතිරූප දෙකක් කියලා. ඒවගේම ඒ හැමකෙනෙක්ම හැනාගේ මරණයට හේතු වෙලා තියෙනවා කියලත්. හැනාට මුලින්ම කරදරේ වැටෙන්න වෙන්නේ එයා ජස්ටින් කියන්නේ හොද කෙනෙක් කියලා හිතාගෙන එයා එක්ක පා(ර්)ක් එකකට ගිහින් ගත කල රෑ තුලදී අරගත්තා පින්තුරයක් වටේම යවලා හැනා කියන්නේ හොද නැති කෙනෙක් කියලා මුළු ඉස්කෝලේ පුරාම කටකතා පතුරවලා. ඒවගේම ජස්ටින්ගේ කලින් පෙම්වතිය වෙලා හිටියා ජෙසිකා ඩේවිස් මුළු ඉස්කෝලේ පුරාම කටකතා පතුරවන්න ගන්නවා හැනා නිසා ජස්ටින් වගේම ජෙසිකා වෙන් වුණා කියලා. ඒ අතරතුර කාලෙදි හැනාට දැනගන්න ලැබෙනවා තමන්ගේ පස්සෙන් හොරෙන් හොඅරෙන් කෙනෙක් ඇවිල්ලා එයාගේ පින්තූර අරගන්නවා කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ටයිලර්. එයා කියලා හොයාගන්න උදව් වෙන්නේ කෝ(ර්)ටනි ක්‍රිස්මන් කියන කෙල්ල. හැනා එයා ගැනත් වෙනම ටේප් එකක් වෙන් කරලා තිබුණේ. ඒවගේම තමයි කෝ(ර්)ටනි තවත් බොරු කටකතාවක් පතුරවනවා හැනාගේ කාමරේට වෙලා ඒ දෙන්නා ටයිලර්ව අල්ලගන්න වෙලාවේදී එයාගේ කාමරේ තිබිලා සෙක්ස් ටෝයිස් එහෙම නැත්තම්…(කියන්න ඕන නැහැනෙ මොනාද කියලා) හම්බුනා කියලා. වැලන්ටයින් කාලෙදි හැනා ඉස්කෝලේ ඉන්න මාකස් කූලේ කියන චියර් ලීඩර් වගේම අරමුදල් එකතු කරන කෙනා එක්ක ඩේට් එකකට යන්න ලැස්ති කරගන්නවා. නමුත් හැනාට තේරුම් යනවා මාකස් කරන්න හදන්නෙත් එයාගෙන් අයුතු ප්‍රයෝජන අරගන්න හදන එක කියලා. පස්සේ එයාව මග හැරලා ඉද්දි තමයි සැක් ඩේම්ප්සි එයාට කිට්ටු වෙලා එයාගේ හිත හදන මුවාවෙන් ආයෙමත් වතාවක් අනික් කොල්ලො වගේම අයුතු පර්යෝජන අරගන්න හදන්නෙත්. හැනා ඒ කරපු දේට පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන සැක් හැනා ගිය එකම පන්තියේ “ධෛර්ය දෙන සටන් හොරකම් කරලා ඒවයෙ නිර්නාමික විදිහට ලියනවා හැනා සියදිවි නසාගන්න හදනවා කියලා. නමුත් කිසිම කෙනෙක් ඒ ගැන බරපතල විදිහට සැලකිල්ලට ගන්නේ නැහැ. ඊලගට හැනා ඉස්කෝලෙන් පිට තියෙන කවි පද්‍ය කණ්ඩායමට එකතු වෙනවා. එතනදී රයන් කියලා කොල්ලෙක් හැනාගේ කවි ටික හොරකම් කරගෙන ඒකත් නිර්නාමික විදිහට ප්‍රචාරය කරගන්නවා.
ක්ලේ ගැනත් ටේප් එකක් හැනා වෙන් කරලා තිබුණේ. ඒ ටේප් එකේදී හැනා ක්ලේගෙන් සමාව ගත්තා එයා වෙනුවෙන් එහෙම ටේප් එකක් වෙන් කලාට, වගේම එයා ඒ ටේප් ගොඩේ ඉන්න සුදුසු නැහැ. ක්ලේට හුගක් හොද කෙනෙක්ව හමුවෙන්න ඕන වගේම එදා රෑ පාටියෙදී මේ දෙන්නා සිපගෙන හොදින් කෙළවරක් නොවෙද්දීත් හැනා කියලා තිබුනා එයාට එයාගේ ජිවිතේ තව එක වතාවක් හරි ක්ලේව දැනගන්න, ආශ්‍රය කරන්න ලැබුණා නම් කියලා.
ඊලගට ආයෙමත් වතාවක් හැනා ටේප් එකකදී ජස්ටින් ගැන සදහන් කරනවා. එදා පාටියෙදී ජස්ටින් ජෙසිකා එක්ක කාමරේට ඇවිල්ලා ඉද්දි ඒ වෙලාවේ එතනට බ්‍රයිස් කඩාගෙන පාත්වෙලා ජස්ටින්ව කාමරෙන් එලියට දාලා ජෙසිකව දූෂණයට ලක් කලා. ඒවගේම මේ වෙන දේ හැනාට කර කියාගන්න දෙයක් නැතුව අල්මාරියට වෙලා බලන් හිටියා. හැනා ඒ ටේප් එකේදී සදහන් කරලා තිබුනා මොන දේ වුනත් එදා වෙරි මතින් හිටිය ජෙසිකව දාලා ගිය එක ජස්ටින්ගේ වරදක් කියලා. ඊලග ටේප් එක වෙන් වෙලා තිබුණේ එයාගේ පන්තියේ අනික් මිතුරිය, චියර් ලීඩර් කෙනෙක් වෙච්චි කර්ට්ස් ගැන. හැනා වගේම කර්ටිස් ගෙදර එන ගමන් ඉද්දි පාරේ තිබුණු “නවතිනු” සංඥා පුවරුව මේ අය ගමන් කරමින් තිබුණු වාහනේට හැප්පිලා කැඩිලා පස්සේ ඒ ගැන වාර්තා නොකරපු නිසා එයාලගේ පන්තියේ හිටිය ජෙෆ් අනතුරට පත්වෙලා මිය යනවා. ඊළගට හැනා යන්නේ බ්‍රයිස්ගේ ගෙදර තිබුණු සාදයට. හැනා එතනට ගියෙ හැමදේම එපා වෙලා. කොටින්ම අම්මයි තාත්තයි බැංකුවේ දාන්න කියලා දීපු සල්ලිත් එයා නැතිකරගත්ත නිසා එයාගේ දෙමව්පියන් හුගක් හිත් අවුලෙන් හිටියෙ කියලා එයා දැනන් හිටියා. හැනා බ්‍රයිස්ගේ පාටියට යන වෙලාවේදී උණු වතුර තටාකයක බ්‍රයිස් වගේම හැනා අදුරන තවත් අය හිටියා. බ්‍රයිස් හැනා එක්ක ඒ තාටකයෙ තනිවුනා පස්සේ හැනාව බ්‍රයිස්ගේ අතින් දූෂණයට ලක්වුණා. ටෝනිගෙන් හිස් ටේප් ඉල්ලගෙන ඒවායේ ඒ ඒ අදාළ සියලුම දේ පටිගත කරලා තමන්ගේම ෂොප් එකෙන් බ්ලේඩ් එකක් හොරකම් කරන් ඇවිත් එයාගේ කාමරේ දොරත් වහගෙන ටබ් එකට බැහැලා තමන්ගේ අත් දෙකේ මැණික්කටුව ප්‍රදේශයෙන් අත්දෙකේ හම කපාගෙන ලේ යන්න හැරලා හැනා මිය යනවා. මෙතනින් පස්සේ අන්තිමටම ටේප් ටික ලැබුණේ මිස්ටර් පොටර්ට. ඒවගේම මේ ටේප්වල තිබුණු හැමදේම ටෝනි පෙන් එකකට දාලා හැනාගේ දෙමව්පියන්ට දුන්නා. මුල් කතාසමය ඔය විදිහට අවසන් වුණේ සෑහෙන ප්‍රශ්ණ කන්දරාවක් ඉතිරි කරලා.
දෙවැනි කතාසමය
ඔන්න එහෙනම් ආයෙම වතාවක් ආවා දෙවැනි කතාසමයෙන් මුණගැහෙන්න. හිතුවේවත් නැති දේකට මුහුණ දුන්න හැනා බේකර්ගේ මරණයෙන් පස්සේ ඉතිරි කරලා ගිය ප්‍රශ්න වලට එකින් එක පිළිතුරු මෙවර කතාසමයෙන් ලැබේවි. මෙවර කතාව ගලාගෙන යන්නේ හැනාගේ මරණයට තුඩු දුන් හේතු, අඩුම තරමේ හැනාගේ අම්මාවත් නොදැන හිටිය හනා කියන චරිත මොන වගේ එකක්ද, ඔය වගේ ප්‍රශ්න ගණනාවක් ගැනම නඩු විභාගයෙන් හෙලිවෙන්න ගන්නවා. නමුත් හැමෝම මුලින්ම හිතුවේ නඩුව නැවතිලා තියෙයි කියලා. කරන්න තියෙන ඔක්කොම අසික්කිත වැඩ ටික කරලා සල්ලී වලින්, බලයෙන් හැමදේම වහගන්න හදන සමාජ ක්‍රමයක ජීවත් වෙන්න සිද්දවෙලා තියෙන කාලයක් මේක. ඒක මේ කතාවෙත් වෙනසක් වෙන්නේ නැහැ මොකද බ්‍රයිස් කරපු හැමදේම බ්‍රයිස්ගේ තාත්තා එයාගේ බලය යොදවලා යට ගහනවා. හැබැයි ඒ මුලින් විතරයි. යට ගහපු නඩුව ආයෙමත් උඩට ගන්න හැනාගේ පැත්තේ අයට අවස්තාව ලැබෙනවා.
මෙදාපාරත් අපේ කණ්ඩායම එකතු කරන් තමයි මේකට අත ගැහුවේ. ඉස්සරහට මම, ලහිරු, සමීර, රෂීීන්. විමා, අචින්ත, අනුරුද්ධ, තරිදු කියන මේ අය ඔක්කොම එකතු වෙනවා. එහෙනම් ඉතින් ඉදිරි කොටස් එක්ක එයාලා එක්ක එකතුවෙන්න. අපේ ඉලක්කය උපරිම දවසක් හැර දවසක් එක කතාංගය ගානේ ලබාදෙන්න. එහෙනම් ඉතින් තවත් කියවන්නේ යන්නේ නැහැ. මුලින් මේ කතාමාලාව බලපු හැම කෙනෙක්ටම ආරාධනා මේ පාරත් එකතු වෙන්න කියලා.
එහනෙම් ඉතින් ගිහින් එන්නම්.හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,037 downloadsDownload 13-Reasons-Why-S02E01.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
47 comments
sachintha
YuwAntha
Thanks bro <3
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. මේක ආව දවසෙම ඩවුන් කරගෙන ඉවසිල්ලක් නැතුව හිටියේ සබ් එක දෙනකම්. පලවෙනි සීසන් එකේ පලවෙනි එපිය බැලුවේ බලන්න දෙයක් නැතුව කම්මැලිකමට. ඒම බලපු එක කොච්චර හිතට වැදුනද කිව්වොත් දෙවෙනි සීසන් එක එනකම් මග බලන් හිටියා. කට්ටිය එකතු වෙලා කරන වැඩක් නිසා අනිත් එපි ටිකත් ඉක්මනට ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. බුදුසරණයි..!
Kavinda Buddhika
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම උපසිරැසිය දුන්නට... ජය වේවා...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉක්මනටම සබ් දෙන්න පටන් අරන්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...Lahiru Chinthaka
Thanks bro. දවසකට එක ගානේ දෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් කමක් නෑ පුළුවන් විදිහට දෙමු.
farcry919
thanks bro........
jeewantha
ආසාවෙන් බලපු කථාවක්. දෙවැනි සීසන් එකටත් ඉත්මනටම සබ් දෙන්න පටන් අරගෙනනේ. බොහොම ස්තුතියි.
විමා
සබට තුති වේවා සාමර
වර්ෂාව නිසා සබ් ටිකක් පමා වෙයි :/Zimmba
Sudheera Kasun
niyami set eka... Okkotama sub dunnata passema download karanwa...
THANKS...!Emosha kevinzz
පටිට බං ඉක්මනින් දියන් අනික් ටිකත් සුපිරිම ඇ
Nadun Prakash
Thank u saho sub ekata...!!
Kiw3rd
Thanx mcn.
roshantharu
තැන්ක් යූ මචං.ඊලඟ එකත් ඉක්මනට දීපන්
nishannw
Ela tx mcn.....ithuru tikat ikmanta denna...jaya wewa
kelum93
thank bro for the sub...next sub ekath ikmanata denna saho......elama....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thariya
Supiri hode thanks sub ekata <3
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!තරිඳු ගමගේ
සාමර ඔබට තුති , ජය ✌
MC
බොහොම ස්තූතියි……
Scofield
Thank You ban
Niyamai
digatama yamuSuranjan
Thanks machan.......jayawewa......!
Tharushadasun
Thanks bro...
Next ekath ohommama demuLasa_Sadaru
Ela broo tnq!!!!
Chami.S
Thanks..
Good Luck..maxmo551
Thank bro
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා.ඊගාව ටිකත් ටින් ටින් ගාලා දෙන්න බලන්න.
හැනා පොතේ හැටියට මැරෙන්නේ නෑ කියනවා නේද?
ඒ සීන් එකේ මේකේ තියෙනවද??Chämàrá Sâmpáth
ඔව් පොතේදි මැරෙන්නේ නැහැ ඉස්පිරිතාලෙදි බේරගන්නවා. ඒකත් මැනික් කටුව බ්ලේඩ් එකකින් කපාගෙන නෙවෙයි වස බීලා තමයි පොතේදි මැරෙන්න හදන්නෙ. ඒ නිසා පොතයි සීරිස් එකෙයි සම්බන්ධයක් නැහැ.
Thamanna
එලම බොක්ක ...
vimudrake
tnk u
D.Chamara
bohoma sthuthi sahoo sub denakan balagena hitiya shooo jaya ...
Enzdaylz
<3
wathsalawickramasinghe
Thank you
භාෂිත් උඩවත්ත
ස්තූතියි සහෝ ... :!:
Pradeep Chathu Srinath
පට්ට..... තැන්ක් බයිස්කෝප් අඩවියේ සියලු දෙනාට
Viraj
sub ekata thanks saho. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SanjulaJeter
thanks
Dave
Thanx broh
Shashmithakausith
Supiri wark saho.
Ayesh Prashan
Thank You
madawaththa
Tnx Brother..
charith wijekoon
13 Reasons Why season 3 ekata sub ikmanata dennako........
Maneth
පලවෙනි සීසන් 2 සිංහල සබ්ටයිට්ල් නැතුව බැලුවා. 3 weni season eke sub ටිකth ikamatama denako aiyalaaa plzz
Pavith Wijesooriya
බොහෝම ස්තූතීයි උපසිරසියට....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය