Watch Trailer

13 Reasons Why [S02 : E06] with Sinhala Subtitles | සැක් හා හැනා… [සිංහල උපසිරැසි සමඟ]

රයන්ගේ ප්‍රකාශය අනුව බ්‍රයිස්ගේ පැත්තට කතා කරන නීතිඥවරිය කලේම කොච්චර අසාධාරණයක් වුනත් ලිබර්ටි උසස් පාසල වෙනුවෙන් කතා කරලා ඒක ආරක්ෂා කරපු එකයි. ඒ නිසාම තමයි රයන්ගේ හැම ප්‍රකාශකයදීම එයා නිතීඥවරිය ඔප්පු කරන්න හැදුවේ හැනාට උසස් පාසලේ ඉන්න කොල්ලන් ගැන හිතේ අදහස් පහල වෙලා ඉදලා කියලා. ඒත් හැනා ලියපු කවි ව…

රයන්ගේ ප්‍රකාශය අනුව බ්‍රයිස්ගේ පැත්තට කතා කරන නීතිඥවරිය කලේම කොච්චර අසාධාරණයක් වුනත් ලිබර්ටි උසස් පාසල වෙනුවෙන් කතා කරලා ඒක ආරක්ෂා කරපු එකයි. ඒ නිසාම තමයි රයන්ගේ හැම ප්‍රකාශකයදීම එයා නිතීඥවරිය ඔප්පු කරන්න හැදුවේ හැනාට උසස් පාසලේ ඉන්න කොල්ලන් ගැන හිතේ අදහස් පහල වෙලා ඉදලා කියලා. ඒත් හැනා ලියපු කවි වලින් කොල්ලන් ගැන අදහස් වෙනවා වගේ පෙනුනට ඒවායින් අදහස් වුණේ කොල්ලන් ගැන නෙවෙයි. 

ඇය සතුටින් නෙවෙයි හිටියෙ. එයා හුගක් හිත් අවුලෙන් වගේම වේදනාවෙන් හිටියෙ. එයා ජස්ටින් වගේම අනික් කොල්ලන් ගැන ලිව්වේ එයාට තනිකමක් දැනුනු නිසා. ඒ කවි එයාලා ගැන ලියපු දේවල් නෙවෙයි. එහෙමයි ඒ අය කියා පෙන්නුවේ.

ඒත් හැනා විතරක් නෙවෙයි පාලුවෙන් තනිකමින් හිටියෙ. මොකද පස්වැනි කොටස බලපු අයට දකින්න ඇති එක් එක් චරිතයන් තමන්ට පාළුවක් දැනුනම ඒවාට මුහුණු දුන්නේ කොහොමද කියලා පෙන්නුවා. හැනාගේ අම්මට නැතිවුනේ හැනාව ව්තරක් නෙවෙයි. කොටස් ගානක් යනකන්ම අපිට හැනාගේ තාත්තාව පෙන්නුවේ නැහැ වගේම පහුගිය කොටසෙදි උසාවියට ආවට හැනාගේ අම්මා එයාගේ පස්සෙන් ගිහින් බැලුවම එයා දැක්කා එයාගේ මහත්තයා (හිටිය) වෙනින් ගෑනු කෙනෙක් වගේම ළමයෙක් ඉන්න පවුලකට එකතු වෙලා. ඒවගේම තමයි ක්ලේට නිතර නිතර පේන්න ඉන්න, එයා එක්ක කතා කරන හැනා කියන්නේ ඇත්තටම එතන ඉන්න කෙනෙක් නෙවෙයි. එයා නිකන්ම නිකන් මායාවක් විතරයි. ආයෙ ඒකෙ නම් කිසිම සැකයක් තියාගන්න එපා. ඇලෙක්ස්ට අලුතින් වෙච්ච වින්නැහිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. එයා සැක්ටත් කියනවා එයා නිල් චිත්‍රපට බැලුවත් එයාට කිසිම හැගීමක් එන්නෙත් නැහැ ඒත් ජෙසිකාව ආයෙමත් සිපගත්තා නම් එයාට හැගීමක් දැනෙන්න ගනියි කියලා. මොකද ජෙසිකා කියන්නේ ඇත්තටම ලග ලගම පේන්න ඉන්න කෙනෙක් නිසා. 

හැනාගේ අම්මා එක්ක රයන් කතා කලාට පස්සේ එයාගේ සමලිංගික අයව පෙම්හමු වලට එකතු කරන ඇප් එකෙන් එයාට පණිවිඩයක් ආවා “කෙනෙක්ව හොයනවද” කියලා. මේ ඔක්කොම කලේ ටයිලර් වගේම සයිරස් දෙන්නා එකතුවෙලා. ජෙසිකා මේ වෙද්දී පත්වෙලා ඉන්න තත්වයත් එක්ක එයා ගියා සමූහ තෙරපියක් ලබාගන්න. මං හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති ඒ වගේ තෙරපියක් කියන්නේ මොකක්ද කියලා. එයා එතනට යද්දී එයා දකිනවා ජෙසිකා ආපහු ඉක්සොලේට ඇවිල්ලා චියර්ලීඩර්ලා පුහුණු වෙන තැනට ගියාම ජෙසිකා දිහා බලාගෙන හිටිය ගෑනු ළමයා, නීනා පවා ඒ සමුහයේ ඉන්නවා ජෙසිකා දකිනවා. එයාටත් මොකක් නමුත් කරදරයක් වෙලා තියෙන පාටයි. 

අද කොටස සාක්ෂි දෙන්න වෙන් වෙලා ඉන්නේ සැක්. ක්ලේ විතරක් නෙවෙයි මම හිතාගෙන හිටියෙ නැති විදිහේ චරිතයක් තමයි හැනාට තිබිලා තියෙන්නේ. අද කොටස බලන ඔයාලටම තේරෙයි. ඒ විතරක් නෙවෙයි ජෙසිකා වගේම නීනා හුගක් හිතවත් වෙනවා. මේ අස්සෙ ක්ලේගේ ගෙදර හංගන් හිටිය ජස්ටින් එක පාරටම ඉස්කෝලේ වෙලාවක උසස් පාසලට එනවා. එයාට, ජෙසිකට වගේම අනික් අයට මොන විදිහේ තත්වයකට මුහුණ දෙන්න වෙයිද? අද කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්. 

මං ගිහින් එන්නෙම්. හැමෝටම ජයෙන් ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,268 downloadsDownload 13-Reasons-Why-S02-E06.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

8,268 downloadsDownload Subtitles36 KB

21 comments

  1. farcry919

    thanks... bro..

  2. Hard Rock

    ELA BROO.. ANITH TIKATH DANNA

  3. Thamanna

    එලම ❤️❤️❤️

  4. dedunu

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  5. SanjulaJeter

    Thanks

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  7. roshantharu

    පට්ට මචං

  8. Stranger

    thanks

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. D.Chamara

    bohoma sthuthi sahoo ...

  14. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  15. Chami.S

    Thanks..

  16. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  17. Siyath sanvidu

    Meke episode 6n passe sub hoya ganna naane. Thama ewa dila nadda

  18. Ayesh Prashan

    Thank You

  19. AsithaDilruwan

    Ela saho thanks

  20. madawaththa

    Tnx Brother..

  21. Pavith Wijesooriya

    සබ් එකට ස්තූතියි....