කවුද දහතුන නරක ඉලක්කමක් කියල කීව්වෙ! අනික් කාට කොහොම වුනත් ආදරේට ආදරේ කරන අපිට නම් පහුගිය කොටස හරිම ආදරණීය අත්දැකීමක් සමීප කරා නේද! කොහොම හරි පෙරුම් පුරලා, පුරලා මුරාත්ගේ කටින් අහගන්න හිටිය වචන ටික අන්තිමේ අහගත්තනේ. ” ලෝකේ ඉන්න මුරණ්ඩුම හැඩකාර, අහංකාර කෙල්ල දැන් මගේ පෙම්වතී… ” මුරාත් එහෙම කියද්දි හ…

කවුද දහතුන නරක ඉලක්කමක් කියල කීව්වෙ! අනික් කාට කොහොම වුනත් ආදරේට ආදරේ කරන අපිට නම් පහුගිය කොටස හරිම ආදරණීය අත්දැකීමක් සමීප කරා නේද! කොහොම හරි පෙරුම් පුරලා, පුරලා මුරාත්ගේ කටින් අහගන්න හිටිය වචන ටික අන්තිමේ අහගත්තනේ.
” ලෝකේ ඉන්න මුරණ්ඩුම හැඩකාර, අහංකාර කෙල්ල දැන් මගේ පෙම්වතී… ” මුරාත් එහෙම කියද්දි හයාත් කිව්වා, ” එතකොට ලෝකේ ඉන්න කඩවසම්ම හාදයා මගේ පෙම්වතා” කියලා. තවත් ඉතින් මොනවද නේද? දැන් කවුරු හරි පහුගිය කොටස බැලුවේ නැත්නම් උඩබිම බලන්න එපා. මෙහෙම්ම කලින් කොටස අරන් බලන්නකෝ. ඒ අතරේ මම කලින් කොටසේ මොකද වුනේ කියලා පොඩි මතක් කිරීමක් කරන්නම්.
හයාත්, ඉබෝ එක්ක ආදරෙයි වගේ කරන්නේ රඟපෑමක් කියලා මුරාත් තේරුම් ගත්තනේ. ඉතින් මුරාත් මහ රෑ ම තුවාල්ගෙන් අහනවා, එයා මේ දේවල් දන්න බව හයාත් දන්නවද කියලා. තුවාල් කල්පනා කරලා කරලා අස්ලිගෙනුයි, ඉපෙක්ගෙනුයි ඒ ප්‍රශ්නෙම ඇහුවම ඒ දෙන්නත් පැනපු ගමන් හයාත් මේ ගැන දන්නවා කියලා කිව්වා මතක ඇති. ඔහොම ඔහොම අන්තිමේ මුරාත් ආදරේ වචන වලට පෙරලෙන්න යනව වගේ ඉඟි කීපයක් මුලදි දකින්න ඇති. කොහොම කොහොම හරි හයාත් කරපු වැඩෙන්, අන්තිමේ එයාට මුරාත්ගේ මූණ දිහා කෙලින් බලන්නත් බැරි තත්ත්වයක් උදා වෙනවා. ආඩම්බරකන් පාපු හැටියට ඉතින් වෙන මොනවා කියලා කරන්නද!
ඒ අතරේ චැග්ලගේ මාර්ගෙන් මුරාත් දැන ගත්තා සූනගේ උපන්දිනේ ළඟ ළඟම එනවා කියලා. සූනාගේ උපන්දිනේ කියන්නේ හයාත්ගෙ උපන්දිනේ නෙවේ කියලා මුරාත් දන්නේ නෑනේ. මුරාත් ඉතින් හොරෙන්ම ලෑස්ති වුනේ උපන්දිනේ දවසට හයාත්ව පුදුම කරවන්න. කොහොමද දන්නවද! හයාත් ආසාවෙන් බලා ඉන්න වචන ටික මුරාත්ගේ කටින්ම එයාට කියලා!
ඒ අතරේ ව්‍යාපෘතිය විනාශ කරන්න හැදුවේ කවුද කියලා හොයා ගන්න මුරාත් සෑහෙන මහන්සි ගත්ත හැටි මතක ඇති. හැබැයි ඒ කවුද කියලා හොයා ගත්තේ නම් දොරුක්. වීඩියෝ එකේ තිබුන විදියට දොරුක් හිතුවේ හැමදේම කරලා තියෙන්නේ දිදෙම් කියලා. ඒත් දිදෙම්ගෙන් ඒ ගැන ඇහුවම එයා කියන දේ දොරුක්ට ලොකු කම්පනයක් වෙනවා. ඒ තමයි මේ හැමදේම පස්සේ ඉන්නේ තමන්ගේ අම්මා ඩෙර්යා කියන එක. මේ නිසා දොරුක් කෙලින්ම ගිහින් ඩෙර්යා ගෙන් ඒ ගැන අහනවත් එක්ක. ඔය විදියට දොරුක් ඩෙර්යා එක්ක තරහ වෙනවා. දොරුක් අම්මා එක්ක තරහ ගත්තට මොකද ඉතින්, ආච්චි අම්මගෙ පුංචි මුනුබුරානේ. ඉතින් එහෙම කියද්දි ආච්චි හදිසියේම අසනීප වුන වෙලාවේ අස්ලි ටක් ගාලා ගෙදර ඇවිත් උදව් කරපු හැටි මතක ඇති. වෙන දේවල් වල හැටියට ළඟදීම අස්ලි – දොරුක් දෙන්නත් ආදරේ වචන වලට පෙරලයි වගේ.
එක බොරුවක් වහන්න ඉපෙක්ටයි, අස්ලිටයි සිද්ධ වුනානේ බොරු සීයක් විතර කියන්න, මොකද හයාත් සූනා නෙවෙයි කියනෙක එලි වෙන එක නවත්තන්නත් එපැයි. අන්තිමේ හයාත් නැවතිලා ඉන්නේ තුවාල් ගේ ගෙදර කියලා තමා ඇග බේර ගත්තේ. හැබැයි දිදෙම් නම් ඒක විශ්වාස කරන්නේ නෑ. මතක ඇති, දිදෙම් හයාත්ට තර්ජනේ කරපු හැටි එහෙම ඒ ගැන කියලා. ඔය අතරේ දිදෙම් සිද්ධ වුන දේවල් සේරම ඩෙර්යා එක්ක කියනවා. පරිස්සමින් වැඩේ කරන්න දිදෙම්ට බැරි වුන නිසා ඩෙර්යා කේන්ති ගිහින් බැන්නා මතකයිනේ. දිදෙම් හිතන්නේ එයා තමයි මුරාත්ගේ අනාගත බිරිය, ඒ වගේම සාර්ටේ එකේ අනාගත හිමිකාරි කියලා. හැබැයි අන්න අතනදි නම් ඒ ගැන ඩෙර්යා දරන්නෙත් අපි දරන අදහසමයි. ” ඔයා තුනේ පන්තියේ මොඩ්ල් කෙනෙක් ඇර වෙන කවුරුවත් නෙවෙයි!” මතකද ඩෙර්යාගේ වචන ටික. අනේ ඉතින් ඔහොම නෙවේ කොහොම අපහාස කරත් දිදෙම් නම් සැලෙන්නෙ නෑ. ඩෙර්යාට තරු විසික් වෙන්නේ එයා දිදෙම් එක්ක මුරාත්ගේ ව්‍යාපෘතිය කඩා කප්පල් කරන්න කතා කරපුවා දිදෙම් රෙකෝඩ් කරලා කියලා දැන ගත්තමයි.
මේ අතරේ දිදෙම් ආයිත් දුෂ්ට වැඩ පටන් ගත්තා. එයාට ඕන වුනෙ මුරාත් ව හයාත්ගෙන් ඈත් කරන්නනේ. ඉතින්, ඒ වැඩේට පාවිච්චි කරන්න හොඳම කෙනා ඊබ්‍රහීම් කියලා දිදෙම් තීරණේ කරා. සැලැස්මේ හැටියට දිදෙම් ඊබ්‍රහීම්ට කිව්වා, මුරාත් කෙල්ලන්ව ලං කරගෙන ඊට පස්සේ එයාගේ වහලියෙක් කරගන්නවා කියලා. මුරාත් මුලින් ආදරේ කරේ එයාට ය, හයාත් ආවට පස්සේ මුරාත් එයාව ඈත් කරාය කියලත් ඉබෝට කිව්වා. මේ කන්තන්දර ඇහුවම ඉබෝට අදහ ගන්නවත් බැරි වෙනවා. කෙලින් වැඩ කරන මුරාත් මේ වගේ මනුස්සයෙක් ද කියලා එයාට පුදුමත් හිතෙනවා.
කතාවේ හොඳම හරිය ඒ මොකක්වත් නෙවේ නේ. හයාත්ගේ උපන්දිනේ දවසේ එයාට අමතක නොවෙන තෑග්ගක් දෙන්නනේ මුරාත් හැදුවේ.. ඉතින් මතක ඇතිනේ, ඉපෙක් – කෙරම්, දොරුක්- අස්ලි, හයාත්- මුරාත් විතරක් නෙවේ ලස්සන තුවාල් නෝනත් උපන්දින සාදෙට එක්කාසු වුනා. හැමෝම හයාත්ට සුබ පතලා තෑගි දුන්නා. ඔන්න ඊට පස්සේ තමා හොඳම ටික. මුරාත් හයාත්ට දීපු තෑග්ග! හයාත්ව එයාගේ ජීවිතේ ආදරේ විදියට අන්තිමේදි එයා පිලිගත්තා. ඒත් හයාත්ට තමන් සූනා නෙවේය කියලා කියා ගන්න බැරි වුනා. සේරම දේවල් අපට ඕන විදියටම වෙනවනම් ලෝකේ හරිම ලස්සන වෙයි නේද? හයාත්- මුරාත් නම් ආදරවන්තයෝ බවට පත් වුනා. ඒත් හයාත්ගේ බොරුව දැන ගත්තොත් ඊට පස්සේ මොකක් වෙයිද?
ඔන්න එහෙනම් අද බොහොම ආදරබර කොටසක් රස විඳින්න ලෑස්ති වෙන්න. ඔයාල ඔක්කොම පුල පුලා බලා සිටි හයාත්ගෙයි මුරාත්ගෙයි ආදරය අද ඉදල බාධක කම්කටළු මැදින් ගලාගෙන යනව බලාගන්න පුළුවන් වෙයි.. ඒ වගේම අද හයාත්ගේ රහසක් හෙළි වෙනව.. ඒ කාටද? කවුරු මාර්ගයෙන්ද කියල අද කොටසෙන් බලාගන්න පුළුවන්..
ඒ වගේම අද කොටස ඔයාල හමුවට ගෙන ඒමට උපකාර කල වරුණි චතුරිකා සොයුරියත් ලස්සන ලිපියක් ලියල දීල හැමදාම අපේ පිටුපසෙන් ඉදගෙන අපිව දිරිමත් කරන හෙළිලි හේමමාලි සොයුරියවත් මතක් කරන්නම අවශ්‍යයි… පසුගිය කොටස් වල ඇති වුන ප්‍රමාද දෝෂයන් වළක්වාගෙන ඉතිරි කොටස් ඉතා ඉක්මනට ඔයාලගෙ අතට ගේන්න අපේ හයාත්- මුරාත් සුන්දර ආදරේ ඔයාලට තිලිණ කරන ආදරණීය බයිස්කෝප් මිතුරු කැළ දැන් මග බලාගෙන ඉන්නව.
ඉතින් ලබන සතියෙත් නැවත හමුවෙනකන් ගිහින් එන්නම්. ආයුබෝවන්!
ලිපිය- හෙළිලි හේමමාලි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,942 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E14.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
37 comments
Cmj
kasun6116
thanks broo
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Shiromal
Elam..
Thanks for Sub..
Good Luck..Hasinihd
Thanks
subodha
Thanks Bro
manju4300
14 වෙනි උපසිරැසියට ගොඩාක් ඉස්තුති.... ඔබගේ මහන්සිය ඉතා අගය කොට සලකමි.... ඔබට ජය වේවා...
dulan5520
thanx sahodaraya .
Achi
Thanks macho
Gihan222
Ephisode 31 ma danna bro...thank you
nmr
Ikmaninma sub eka dunnata thanx bro.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pradeep Rathnayake
Thx mcho me para ikmnta dila ilaga epiyath ikmnta diyn kollo...
Prabuddha Kulatunga
patta. thank u bro :D :D
hansaka gihan
ftma brdh
thnkxMAALnath
Thanks ...............good luck ..................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
TharakaWAS
Ammooooooooooooo.............
Thanks bro...
oyala okkotama godak thanks..
meka balnne hugak asawen...
itiri ewatat puluwan ikmanata sub denna..
etakan balan innwa...
digatama karan yamu...
jaya wewa..............!!!!!!!!!!!!!!!!!!!bimbi
ජය සහෝදරයා !
nipunvid
sub ekata bohoma sthuthii..ilaga ekath ikmanata denna! all the best!
DasunHasanka
THANK you thank you thankyou soooo much friend! Mam hithuwe mey epiya enna godak parakku wei kiyala . Eth ikmanata deeela thanks again friend ! Anik epit mey widiyata danna puluwan wenna kiyala kiyanawa.
Kushan Charuka
14 වෙනි එපියටත් සබ් හම්බුනා එහෙනම් ... නියමයි... THANKS ඉෂූ BRO 13 ෙවනි ඒපියට තරම්බලන් ඉන්න වුෙන් නෑ හැබැයි මේ සැරේ නම් .. ඒ් කාෙහොම වුනත් ඔයාලා අපිට සබ් දෙන්න ගොඩක් මහන්සි වෙනවනෙ... දැන්නම් හැබැයි 15 වෙනි ඒපියටත් ඉක්මණ්ටම සබ් ලැබෙයි කියල හිතෙනවා... ජය වේවා හැමෝටම...
Rumesh Roshan
elama thama thanks
Ishan007
මට මගේ ලිපියෙදි වැදගත් දෙයක් කියන්න අමතක වුනා.. ඇත්තටම අමතක නොකළ යුතු යමක්.. මේ කොටසට ඉංග්‍රීසි උපසිරැසියක් නිර්මාණය වෙලා නෑ.. ඉතින් අපිට අලුතින්ම කාල රාමු නිර්මාණය කරන්න සිදු වුනා. ඒ අවස්ථාවේදී මගෙ සහයට අපු තිසර නියෝ සහෝදරයව ආදරයෙන් මතක් කරනව.. ඒ වගේම සෑහෙන වෙහෙස මහන්සියක් ගන්න වුනා මේ උපසිරැසිය ඔබ අතට ගෙන එන්න.. ඒ වෙනුවෙන් මට ලැබෙන්නෙ ඔයාලගෙ කමෙන්ට් එක විතරයි.. (ඉෂූ)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shahin
Thanks
gihan perera
Thanks so much......
N_R
Thank You.
Ama_wasana
Thank you ...
nipun gunasekara
bro muthu ahura kiyana thurky darama ekata sinhala sub denna barida?
dulanjana
sthuthi oyalage mahansiyata
Kaveennnz
ඉක්මනට අනිත් එකත් දෙනටකෝ
SanjulaJeter
thanks
N_R
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!Piyumipiyumi
15 ganda bane
suranuwan
thanks saho...
Shadow125
Tnx :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro!