Watch Trailer

13 Reasons Why [S02 : E08] with Sinhala Subtitles | ලසෝ ගී ලියූ කිරිල්ලියද ඈ…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් චාමරගෙ ඉල්ලීමට හැනාගේ හේතු 13 දෙවැනි කතා මාලාවට දායකත්වයක් දෙන්න ආව මාත්. කතාව බලන්න ගත්තු දා ඉඳලා හැනාව දකින දකින වාරයක් පාසා හදවත පාරගෙන තමා එපි 13ම බැලුවේ ගිය පාර. ඉතිං මේ පාරනම් තවම මට මේ එපිසෝඩ් එක ඇරෙන්න මුල් එපියවත් බලන්න උනේ නැහැ මේ ලිපිය ලියන මොහොත වෙනකම්ම. ඉතිං ඒ නිසා ඇත්තටම […

ඔන්න එහෙනම් චාමරගෙ ඉල්ලීමට හැනාගේ හේතු 13 දෙවැනි කතා මාලාවට දායකත්වයක් දෙන්න ආව මාත්. කතාව බලන්න ගත්තු දා ඉඳලා හැනාව දකින දකින වාරයක් පාසා හදවත පාරගෙන තමා එපි 13ම බැලුවේ ගිය පාර. ඉතිං මේ පාරනම් තවම මට  මේ එපිසෝඩ් එක ඇරෙන්න මුල් එපියවත් බලන්න උනේ නැහැ මේ ලිපිය ලියන මොහොත වෙනකම්ම. ඉතිං ඒ නිසා ඇත්තටම කතාවේ කලින් වෙච්ච සිදුවීම් ටික කියන්න දන්නේ නෑ. ඉතිං කොහොමහරි මුලින් ආවේ හඬ පට, ඊට පස්සේ දෙවැනි කතා මාලාව විදියට ආවේ පොටෝ. තුන්වෙනි එකට වීඩියෝ කෑලි ටිකක් එයිද දන්නේ නෑ නෙ? කට්ටිය කියන විදියට සීසන් 3ක් ඇවිල්ලා හැනා මළවුන්ගෙන් නැගිටලා එයිද ආයේ? කොහොම උනත් මේ කතාවෙන් යම් දෙයක් නිරුපනය කරනවා. ඒ අපි යම් කෙනෙක්ට විහිළුවක් කරනවනම්, යම් කෙනෙක්ව මඩවනවා නම්, යම් කෙනෙක්ව හාස්‍යයට ලක් කරනවනම් අපි හැම වෙලේම හිතල බලන්න ඕන කියල ඒ කෙනාගේ පැත්තෙනුත්. ඉතාම අහිංසක අන්දමට යාළුවො යාළුවො අතර කරන පොඩි පොඩි ආතල් වැඩ වලට එහා ගිය දේවල් වෙන බව ඉතිං තරුණ වයසේ ඉන්න ඔයාලට කියන්න ඕන නැහැනේ. ඉතිං හැම වෙලේම විහිළුවක් කරනකොට කෙනෙක්ව මඩවනකොට ඒ දේට ලක්වෙන කෙනත් හිනාවෙලා ඒ දේට දායක වෙන මට්ටමට අපේ විහිළුවේ / මැඩවීමේ සීමාව තියාගන්න එක හොඳයි කියලයි මං නම් හිතන්නේ. එහෙමනම් අද කතාව දිහාවට හැරෙමු. 

අද කතාවේ නම “ලිට්ල් ගර්ල්” එහෙමත් නැත්නම් ‘කෙලි පැටික්කි’ මේ එපිසෝඩ් එකට ලැබුන imdb අගය 8.1ක් වෙනවා. ඉතිං මේ වෙනකොට හැනාගේ අම්මලා ලිබර්ට් උසස් පාසලට එරෙහිව නඩු මගට බැහැල ඉන්නේ. තේරෙන විදියට දැනට වාසිය තියෙන්නේ හැනාගේ අම්මලාගේ පැත්තට. අද හැනාගේ අම්මවයි තාත්තවයි සාක්ෂියට කැඳවනවා. එතැනදී මේ වෙනකම් හැනාගේ අම්ම නොදැන සිටි කාරණයක් එළිදරව් වෙනවා. ඒ සිදුවීමෙන් පස්සේ හැනාගේ අම්ම දැනගන්නවා හැනාගේ මරණයට එයාලත් වගකියන්න ඕන බව. ඒ වගේම ඒ දේවල් එහෙන් වෙනකොට කට්ටියව බ්ලැක් මේල් වෙන වැඩේ ජයටම වෙනවා. ඉතිං අද වෝකර් පවුලට ඒ තරම් හොඳ දවසක් වෙන්නේ නෑ. මොකද අද සිද්දවෙන බ්ලැක් මේල් කිරීමක් නිසාවෙන් ප්‍රසිද්දියේ බ්‍රයිස්ට ස්ත්‍රී දුෂකයා චෝදනාව එල්ලවෙනවා. නිකම් නෙමේ වෝකර් පවුල සංවිධානය කරපු උත්සවයකදී ඒ කල්ලියේ කෙනෙක්ගෙන්ම. ඉතිං එහෙනම් තව එපිසෝඩ් 5 තියෙන්නේ කතාව ඉවර වෙන්නේ අපේ සහෝදරවරු මේ වෙනකොට වැඩේ ඉවර කරගෙනයි තියෙන්නේ ඔයාලට ඉක්මනටම කතා ටික ලැබෙයි. ඒත් නිකම් බලන කට්ටියගේ උවමනාවක් නැතිදෝ කියලත් හිතෙනවා කලින් ඒවට වැටිලා තියෙන කමෙන්ට් ස්වල්පය දැක්කම.. 

 

I’m glad you’re still watching!! 
Having fun?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,842 downloadsDownload 13.Reasons.Why_.S02E08.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/vima-123456.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

7,842 downloadsDownload Subtitles34 KB

30 comments

  1. Hesh

    දවසක් ඇර දවසක් බලන් ඉන්න එක තමා එපා වෙන්නේ :'(

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Hard Rock

    thanx machan. meka danakan balan hitiye. anith tikath denna ekmanata

  4. sankalpatest

    thanks machan

  5. Thamanna

    අම්මෙ ආදරෙයි පන❤️

  6. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  7. Krishan NiShalya

    බොහොම ස්තූති
    ඉතුරු ටිකත් ඉක්මනින් ඕනේ..

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  10. උදයංග සම්පත් හතරසිංහ

    I miss you so much Hanna... Love you so much..
    And Thank you Vima.. For sub

  11. Asankabaiscope

    AWSOME!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. Gathsara Umesh

    Bhooooom sthuuthiyi sub ekt ayyee

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. බොරු ඕනි නෑ පළවෙනි කතා සමයේ හැනා ගැන මවන් හිටපු චිත්‍රේ මේ කතා සමයෙදි සම්පූර්ණ වෙනස් උනා. අන්න ඒකයි කනගාටුව!

  14. sahan malinga

    ela

  15. chathump

    තෑන්ක්ස් මචෝ. දිගටම යමු. ජයවේවා!!!

  16. Kavishka Ransara

    ela

  17. Hiran Eranda

    බොහොම ස්තුතියි විමා අයියේ...ජය වේවා

  18. winodana

    thanks bro!!!!!!!!!!!!!

  19. sean.teylor

    ayyooo ko bn meke 9 weni sub eka

  20. Suranjan

    Thanks machan......jayawewa.......!

  21. Chami.S

    Thanks..
    Good Luck..

  22. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි..

    කෝමත් පොතේ හැටියට හැනා මැරෙන්නේ නෑලූ..

    1. tharindu_b

      don't spoil

  23. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  24. Hasanga Kuruppu

    isthuuthiii meema sinhala sub denaaata

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Stranger

    thanks

  27. Ayesh Prashan

    Thank You

  28. madawaththa

    Tnx Brother..

  29. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි අයියේ...