ඔන්න එහෙනම් මේ කුතුහලය පිරුණු කතාමාලාවෙ දෙවෙනි කොටස ගෙනාවා. කලින් කොටස බැලුවනම් ඔයාලට අදහසක් ඇතිනේ මේ කතාව මොනවගේද කියලා. තාම පටන් ගත්ත විතරයි තව නොසිතූ ගොඩක් දේවල් ඉස්සරහට වෙන්න තියෙනවා. ඒ විතරක් නෙවේ මේ වෙනකොට මේ කතාමාලාවට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එහෙනම් අපි මේ කොටස පැත්තට හැරෙමු. මේ…

ඔන්න එහෙනම් මේ කුතුහලය පිරුණු කතාමාලාවෙ දෙවෙනි කොටස ගෙනාවා. කලින් කොටස බැලුවනම් ඔයාලට අදහසක් ඇතිනේ මේ කතාව මොනවගේද කියලා. තාම පටන් ගත්ත විතරයි තව නොසිතූ ගොඩක් දේවල් ඉස්සරහට වෙන්න තියෙනවා. ඒ විතරක් නෙවේ මේ වෙනකොට මේ කතාමාලාවට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එහෙනම් අපි මේ කොටස පැත්තට හැරෙමු. මේ කොටස නිකුත් වෙන්නෙත් කලින් කොටස් වගේම නොවැම්බර් 17 වෙනිදා. මේ කොටසට මේ වෙනකොට IMDb 8.1 අගයක් ගන්න හැකිවෙලා තියෙනවා.
පසුගිය කොටසින් අපිට බලාගන්න හැකිවුණා නිව්යෝක් බලා පිටත් වන කර්බරස් නෞකාවට ආපු අමුතු සංඥාවක් ගැන. ඒ සංඥාව එන්නේ මීට මාස හතරකට කලින් නැතිවුන ප්‍රොමීතියස් නැවෙන්. ඒ සංඥාවෙ ඇතුලත් වෙනවා ඒ නැව තියෙන පිහිටීමේ ඛන්ඩාංකත්. ඉතින් මේක හරියටම ස්තීර නොවූ සංඥාවක්. ඒත් කැප්ටන් දැඩි තීරණයක් අරන් මගීන්ගේ අකමැත්ත උඩ නැව ආපහු හරෝල ඒ සංඥාව ආපු තැනට යනවා. ගිය පසු හිතුව වගේම ප්‍රොමීතියස් නැව හම්බෙනවා. හැබැයි එයාලට ඒක හම්බෙන්නේ බලාපොරොත්තු වුණ ආකාරයට නෙවේ. ඉතින් මෙයාලගෙන් පිරිසක් යනවා ඒ නැව සෝදිසි කරන්න.
එසේ සෝදිසි කළ පිරිස නැවත එන්නේ පොඩි කොල්ලෙක්ව රැගෙන. වෙන මුකුත්ම එයාලට ඒ නැවෙන් හම්බෙන්නෑ. මේකෙන් නාවිකයන්ට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. මොකද මගීන් දහස් ගානක් හිටපු නැවෙන් පොඩි කොල්ලෙක් විතරක් ඉතුරු වුණේ කොහොමද කියන එක ගැන. ඒ විතරක් නෙවේ මෙයාලගෙ නැවේ මාලිමාත් වැඩ කරන්නෙ නැති වෙනවා. මේව කොහොමද සිද්ධ වෙන්නේ? ප්‍රොමීතියස් නැවට මොකක්ද වුණේ? කියන ප්‍රශ්න නැවේ හැමෝටම මතුවෙන්න ගන්නවා.
තාම කතාව පටන් ගත්තා විතරයි, තාම මේකෙ රහස් හෙලිවෙන්න ගත්තෙ නෑ. ඉස්සරහට ඔයාලට මේ නැව්වල රහස් දැනගන්න ලැබේවි. එහෙනම් මෙතනින් මගේ වැඩ කොටස ඉවරයි. ඉතිරි කොටස් ටික ඉතාම ඉක්මනින්, විමා / තරිඳු ලක්ෂාන් / චාමිකර විදානගේ / සන්ජන චමෝද් යන සහෝදරවරු ඔයාලට ගෙනෙයි. ජයවේවා!
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[ ඉංග්‍රීසි සහ තවත් විදෙස් භාෂා කිහිපයකින් මිශ්‍ර වශයෙන්
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න. ]
13,784 downloadsDownload 1899-S01E02.zip1.2 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
22 comments
Spider
Isuru Ishara
font eka me gaana athi
shakabun
ithuru tikath ikmanta denna......jaya wewaa..!
Anonymous
Thanks ඔලීව
Anonymous
Sub eke akuru podi wadi bn
හිෂාන් සමරසිංහ
ඔය හොඳයි බං... නැත්නම් screen එකෙන් භාගයක්ම subtitles පේන්නේ...
@Admin, මේ දෙන ගාණටම දෙන්න ඉස්සරහටත්...
හිෂාන් සමරසිංහ
Thank you බං...
Nice Work...!
ඉශාන්
එල එල
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Sanuk
Thanks For the Sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥King සූ
බොහොම පිං සිංහල සබ් වලට සහෝ. අපි මේවා මේ උනු උනුවෙම බලන්නෙ ඔයාලා සිංහලෙන්ම සබ් දෙන නිසයි. බොහොම ස්තුතියි. ජය වේවා
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
දිගටම සබ් දෙමු ආ...
ජය!sds
sub eka KMP eke wada krnne nane
විමා
මිඩියා ප්ලේයර් ක්ලැසික් එක ට්‍රයි කරන්න.
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!gihan
බොහෝම ස්තුති උපසිරසියට
Anonymous
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![1899 [S01 : E02] Sinhala Subtitles | අත්භූත පිරිමි ළමයා. [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/1899-S01-2022-1.jpg)



font side eka wadi karala oona