ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙ දහවෙනි කොටස අරගෙන. කලින් කොටසෙදි “දවසේ හාදයා” ආපහු කැලේ පැන්න දකින්න ඇතිනෙ. කමක් නෑ පොඩ්ඩක් ආපහු මතක් කරන්නම්කෝ. “දවසේ හාදයා” ට ඇමතුමක් එනවා “කපටි කමින්ග්ස්” එක්ක තදයා වගේ කතාකරපු කෙනාගෙන. මිනිහා දැන් අම්බානෙක බයවෙලා ඉන්නෙ. ඉතින් මිනිහා ගාව තියෙන සාක්ෂිය දෙන්න “දවසේ හා…

ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙ දහවෙනි කොටස අරගෙන. කලින් කොටසෙදි “දවසේ හාදයා” ආපහු කැලේ පැන්න දකින්න ඇතිනෙ. කමක් නෑ පොඩ්ඩක් ආපහු මතක් කරන්නම්කෝ.
“දවසේ හාදයා” ට ඇමතුමක් එනවා “කපටි කමින්ග්ස්” එක්ක තදයා වගේ කතාකරපු කෙනාගෙන. මිනිහා දැන් අම්බානෙක බයවෙලා ඉන්නෙ. ඉතින් මිනිහා ගාව තියෙන සාක්ෂිය දෙන්න “දවසේ හාදයට” තැනකට එන්න කියනවා. හැබැයි වැඩේ නූලෙන් වැරදෙනවා. අන්තිමේ සාක්ෂිය මොකක්ද කියලා කියන්නෙ නැතුව “දවසේ හාදයා” අතට ලැබෙනවා. ඕක ඉතින් කෙළින්ම CTU එකට ගෙනිච්චනම් ඒක වෙන්නෙත් නෑ “දවසේ හාදයට” කැලේ පනින්න වෙන්නත් නෑනේ. මේ අතර CTU එකේ හොඳ හොඳ සෙල්ලම් වෙනවා. “මැක්ගිල් බුට්ටා” දුම්මල වරම අතට අරගෙන වගේ හතර අතේ දඟලනවා. “ඕඩ්‍රි කෙළි” “දවසේ හාදයා” එක්ක කරපු කතා බහ තිබ්බ වාර්තා මකපු එකට මළ පැනලා අන්තිමේ “අහිංසක බිල්” ලොක්කව රිමාන්ඩ් කරනවා. කොහොමහරි අන්තිමේ “වලියට බර ක්ලෝවි” හොයාගන්නවා අර සාක්ෂිය ආරක්ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධ එකක්. ඕමික්‍රොන් කියන සමාගමකට අදාළ මේ විෂ වායු හදන්න ගන්න මූලද්‍රව්‍ය ගැන ගණුදෙනු වගයක් ගැනයි කියලා. ඉතින් “දවසේ හාදයට” ඒ සමාගමට යන්න ඕනා වෙනවා.
මේ අතර ඔන්න ලොකුම දුෂ්ටයා එළියට එනවා. ඒ තමා “දුෂ්ට බියෙර්කෝ.” මිනිහට තියෙන්නෙ හරිම සරල සැලැස්මක්. එයාලට තමුන්ගේ රටකට වෙලා “රුසියාවේ ලොක්කට” ගහන්න බැරි වෙච්ච හින්දා, මේ වෙද්දි ඇමරිකාවෙ ඉන්න “රුසියාවේ ලොක්කට” ගහන්න දෙන්න කියන එක. එහෙම නොවුණොත් ඇමරිකාවටම මෙවා ගහනවා කියලා තග දානවා. වෙන කරන්න දෙයක් නැතිම තැන “කොන්දක් නැති ලෝගන් ලොක්කා” “දුෂ්ට බියෙර්කෝ” ගමන් රථවල මාර්ග සැලැස්ම දෙනවා. හැබැයි මේකට “මාර්තා ළමාතැනී” එකහෙළා විරුද්ධ වෙනවා. අන්තිමේ වාහන පිටත් වෙද්දි “මාර්තා ළමාතැනීත්” ඒ වාහනයකට නඟිනවා එතකොටවත් “කොන්දක් නැති ලෝගන් ලොක්කා” කල්පනාව වෙනස් කරගනී කියලා.
බලමුකො අද ඒ කල්පනාව වෙනස් කරගනීද කියලා. එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….353
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,262 downloadsDownload 24.S0-5E10.baiscopelk.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
9 comments
Kulanjana Maduranga
R.D
Thanks ......
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ishan pathum
baiscope web eka wadak naha, ;Gone Girl' wage super movie ekaka sub dala naha
sajeevi
thanks
“චූටී මල්ලි”
නියම්යි
සබට තුති
ඔබට ජය...........චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියටම යමු...
ජයෙන් ජයම වේවා…!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......