Watch Trailer

24 [S05 : E11] | මා නිවසෙ නැති අතරේ…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙ එකොළොස්වෙනි කොටස අරගෙන. හැමදාමත් වගේ පොඩ්ඩක් මතක් කරගම්මු පහුගිය කොටස ගැන. මුලින්ම බලමු CTU එක ගැන. “මැක්ගිල් බුට්ටා” හොඳම එකෙන් පිස්සු නටන්න ගන්නවා. කොටින්ම අර “රුසියාවේ ලොක්කගෙ” වාහන පෙළට පහර දීමක් වෙන්න පුළුවන් කියන එක ගැන ආව ඔත්තුව ගැන බලන්නවත් “මැක්ගිල් බුට්ටා” කැ…

24SE5

ඔන්න අදත් මම ආවා පස්වෙනි දවසෙ එකොළොස්වෙනි කොටස අරගෙන. හැමදාමත් වගේ පොඩ්ඩක් මතක් කරගම්මු පහුගිය කොටස ගැන.

මුලින්ම බලමු CTU එක ගැන. “මැක්ගිල් බුට්ටා” හොඳම එකෙන් පිස්සු නටන්න ගන්නවා. කොටින්ම අර “රුසියාවේ ලොක්කගෙ” වාහන පෙළට පහර දීමක් වෙන්න පුළුවන් කියන එක ගැන ආව ඔත්තුව ගැන බලන්නවත් “මැක්ගිල් බුට්ටා” කැමති වෙන්නෙ නෑ. ඉතින් “ඕඩ්‍රි කෙළි” අඹරන්න ගිය ගුලිය අතේ මාට්ටු වුණා වුණත් අන්තිමේ කට්ටියම එකතු වෙලා “මැක්ගිල් බුට්ටාව” රිමාන්ඩ් කරනවා. ඊට පස්සෙ ආපහු “අහිංසක බිල්ව” රිමාන්ඩ් එකෙන් එළියට ගන්නවා. අහ් කියන්න අමතක වුණානේ. ඔයිට කලින් “දවසේ හාදයා” කොහොමහරි අර ඔමික්‍රොන් කියන සමාගමට රිංගලා ඒකේ “දවසේ හාදයව” මේ ක්ෂේත්‍රයට පුරුදු පුහුණු කරලා බඳව ගත්ත, “නරි හෙන්ඩර්සන්” ගාවට කිට්ටු වෙනවා. හැබැයි අන්තිමේ “නරි හෙන්ඩර්සන්” එයාගේ කපටි කම ඔප්පු වෙන විදියටම “දවසේ හාදයව” මරන්න බෝම්බයක් එහෙම සෙට් කරලා පැනගන්නවා. ඒත් ඉතින් “දවසේ හාදයා” ගැන ඔයාලා දන්නවනේ. එයා කොහොමහරි බේරෙනවා.

කොහොමහරි “අහිංසක බිල්” එළියට ඇවිල්ලා “කොන්දක් නැති ලෝගන් ලොක්කට” කියනවා රථ පෙළපාලියට එල්ලවිය හැකි ප්‍රහාරය ගැන. දැන් “කොන්දක් නැති ලෝගන් ලොක්කා” ගිරේට හිරවෙලා වගේ. නොසලකා ඉන්න කියන්නත් බෑ අනතුරු අඟවන්න කියන්නත් බෑ. කොහොමහරි අන්තිම මොහොතෙදි රථ පෙරහැරට අනතුරු අඟවන නිසා “රුසියාවේ ලොක්කා” අනූ නමයෙන් ගැළවෙනවා.

දැන් නම් “දුෂ්ට බියෙර්කෝට” අම්බානෙක මළ පැනලා තියෙන්නෙ. දැන් ඉතින් ඇමරිකාවට ගහන එක ශුවර්. එහෙම වෙන්නත් එපැයි. නැත්තම් කතාවෙ ඉස්සරහට මොනා පෙන්නන්නද? අද කොටස බලන්න එහෙනම්. හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….354

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,234 downloadsDownload 24.S05.E11.baiscopelk.zip125 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

1,234 downloadsDownload Subtitles125 KB

13 comments

  1. chathuranga

    niyamai................... thanks

  2. helika

    thanks roy......

  3. නලින්

    ස්තුතියි රොයිලි අයියා.

    ජය වේවා!

  4. tharaka

    දැන් නම් 24 බලන්නේ රොයිලි අයියා කතාව දන විදියට. සුපිරි විදියට විස්තර කරනවා! ස්තුතියි උපසිරසියට.

  5. Kulanjana Maduranga

    niayamai…thanksROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  6. sajeevi

    thanks

  7. “චූටී මල්ලි”

    එල රොයිලි
    සබට තුති
    ඔබට ජය...........

  8. kushan charith

    thanks සහෝ sub එකට………කවුරු හරි baiscop එකේ සහෝදරයෙක් Grimm tv serise එකට sub දෙන්ඩකෝ………….

  9. anuka piumal

    මචන් මේ ටොරන්ට් එක සීඩ්ස් අඩුයි පට්ට ස්ලො නේ මොකද කරන්නෙ

  10. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.