3 Body Problem [S01 E01] Sinhala Subtitles ආයුබෝවන් වාසනාවන් සිනමාලෝලී රසික රසිකාවියනි, සුබ දවසක් වේවා !!! ඔයාලට අද අරගෙන ආවේ පසුගිය දවස් වල ගොඩක් දෙනා අතරේ කතාබහක් ඇතිකරන්නට සමත්වුන Netflix සමාඟමේ අළුත්ම රූපවාහිනී කතාමාලාව “3 Body Problem” එහෙමත් නැත්තන් “තාරකා දේහ තුනේ ප්‍රශ්නය” මේක රිලීස් වුන මු…
3 Body Problem Sinhala Subtitles
ආයුබෝවන් වාසනාවන් සිනමාලෝලී රසික රසිකාවියනි, සුබ දවසක් වේවා !!!
ඔයාලට අද අරගෙන ආවේ පසුගිය දවස් වල ගොඩක් දෙනා අතරේ කතාබහක්
ඇතිකරන්නට සමත්වුන Netflix සමාඟමේ අළුත්ම රූපවාහිනී කතාමාලාව
“3 Body Problem” එහෙමත් නැත්තන් “තාරකා දේහ තුනේ ප්‍රශ්නය”
මේක රිලීස් වුන මුල් දවස් වලම වැඩේ කරන්න පටන්ගත්තත් තවත් උපසිරසි තුන හතරක වැඩනිසා ටිකක් ප්‍රමාද වුනා.
ලබන මාසේ දෙන්න හිටියත් ගොඩක් අය මේකට උපසිරසි දෙන්නේ නැද්ද කියලා අහනවා මම දැක්කා
ඉතින් ඉක්මනටම මේක සම්පූර්ණ කරලා අද ඔයාලට දෙන්න පටන්ගන්නවා.
වැඩිය කියවන්නේ නැහැ, ඒවුනාට 50 වෙනි උපසිරසිය හැටියට පොඩි පුරසාරමකුත් දොඩවන එක
අපි හැමෝගෙම සිරිතක්නේ. 2020 අවුරුද්දේ මුල පටන්ගත්තු මේ විනෝදාංශය දැන් ඇබ්බැහියක් වෙලා.
මේකට වගකියන්න ඕන කෙනාගේ නම ප්‍රසිද්ධ කරන එක හරිද මන්දා.
ඇත්තටම ඒලෙවල් කරන කාලේ හිතේ හිටිය ගැහැණු ළමයෙක් එයා.
(වෙන මොනාහරි කිව්වොත් ආයේ හොයාගෙන ඇවිත් බැනලා යයි.)
එයා ගැන කතාව පස්සේ දවසක කියන්නම්.
ඒ සිත් තැවුලෙන් ඉන්න දවසක ආපු අදහසක් තමා මේක.
එදා විමා අයියට මේල් එකක් දාලා අහනකොට මේ දවස ගැන හිතින් හීන මැව්වා.
පලවෙනි උපසිරසි 50ම ෆිල්ම් වලින් දෙන්නම් කියලා හිතාගෙන හිටියත් අපේ සහෝදරවරු
විටින් විට ඇවිත් මල්ලි එපියක් කරමුද කියලා ඇහුවාම බැහැ නොකියා එකතු වුනා.
බලන් ගියාම අන්තිමේට වැඩියෙන් කරලා තියෙන්නේ ටීවී සීරීස් එපිසෝඩ් ??
මේ ආපු ගමනෙදි 100කට ආසන්න පිරිසක් අඳුනගත්තත් නොකියා බැරි කිහිපදෙනෙක්ව මතක් කරන්නම්.
මුලින්ම මේ වෙබ් අඩවිය පටන්ගත්තු ඉසිර අයියා, රොයිලි අයියා(ඒ කාලේ ඉඳන් තාම මගේ ආදර්ශය),
අශාන් විමුක්ති අයියා (මගෙ නමත් විමුක්තිනේ, සහෝදරයෙක් වගේ තමා), සිසිල ප්‍රසාද් අයියා,
හසන්ත අයියා, Kan Fernando, හිරාන් අයියා (වැඩකෑලි ඔක්කොම මෙයාගෙන් ඉගෙනගත්තුවා),
චාමිකර අයියා(දැන්නම් විශ්‍රාමිකයි, මගේ ෆිල්ම් උදුරගන්නම ඉපදුන කෙනෙක් වගේ.),
මයුර අයියා (ඉන්දියන් කතා ඔස්තාර් කෙනෙක්), සනූප මල්ලි,
බිම්සර මල්ලි (මල්ලිලා කියලා ඉන්නෙත් මුන් දෙන්නා විතරයි.)
මේ ඇති අනිත් අයව 100 වෙනි කඩයිමේදි මතක් කරන්නම්.
තවත් අමතක කරන්නම බැරි කණ්ඩායමක් තමා දැන් පණදාගෙන ඇස් හීනි කරගෙන
මේක කියවන ඔයාලා (කමෙන්ට් එකක් හරි දාන්න ඉන්නේ උඹලානේ බන් ආදරෙයි.)

මේ 3 Body Problem ගැන දැන්ම විස්තරයක් දැම්මොත් කතාවේ රසවින්දනයට බාධාවක් වෙනවා.
ඒ නිසා අපි කතාංගයෙන් කතාංගයට එන ලිපි වලදී අවශ්‍ය තොරතුරු පැහැදිලි කරලා දෙන්නම්.
විද්‍යා ප්‍රබන්ධ වලට උනන්දු අයට නම් මේකේ දෙබස් ලොකු අවුලක් වෙන එකක් නැහැ
ඒවුනත් මම උපසිරසි වල සමහර වචනවල අර්ථ දාලා තියනවා ඔයාලට පහසුවක් විදිහට
මේක චීන පොත් රචකයෙක් වෙන Liu Cixin ගේ පොත් තුනක් ඇසුරෙන් නිමවුන කතාමාලාවක්
මීටකලින් චීනයෙනුත් මේ නමින්ම කතාමාලාවක් නිර්මාණය කළා.
මම නම් ඒ කතාවවත්, මේ පොත් වත් කියවලා නම් නැහැ.
Facebook එකේ දැකපු රිවීව් එකකින් ඒවා ගැන සෑහෙන දෙයක් දැනගන්න පුළුවන් වුනා.
මේ පොත් මාලාව කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම් 2015 දී හොඳම නවකතාවට හිමි
Hugo සම්මානය දිනාගත් පලවෙනි ආසියාතික පොත වෙන්නත් පුළුවන් වුනා.
ඒවගේම ලෝක ප්‍රකට Game of Thrones කතාමාලාවේ නිර්මාපකයින් වෙන David Benioff, D. B. Weiss
දෙදෙනා සමඟින් Alexander Woo මේ කතාමාලාවෙත් නිර්මාපකයින් ලෙස කටයුතු කරනවා.
Netflix ආයතනය විසින් වැඩිම නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරපු කතාමාලා ලැයිස්තුවේ
ඉහලම තැනක් හිමිකරගන්න මේ කතාමාලාව නිසැකයෙන්ම සමත් වෙලා තියනවා.
ඒ ලැයිස්තුව මෙහෙමයි.
1. ලෝක ප්‍රකට Stranger Things කතාමාලාව – එක් කතාංගකයට ඇමරිකන් ඩොලර් මිලියන 30ක්
2. 3 Body Problem කතාමාලාව – එක් කතාංගකයට ඇමරිකන් ඩොලර් මිලියන 20ක්
3. One Piece Live action කතාමාලාව – එක කතාංගයකට ඇමරිකන් ඩොලර් මිලියන 18ක්
4. The Sandman කතාමාලාව – එක් කතාංගකයට ඇමරිකන් ඩොලර් මිලියන 15ක්
මීට අමතරව Rotten Tomatoes මීටරයේ 79%ක අගයකුත්, IMDb මීටරයේ 7.5ක අගයකුත් හිමිවෙලා තියනවා.
Ambulance, The Ministry of Ungentlemanly Warfare, Godzilla vs. Kong වැනි
ජනප්‍රිය සිනමාපට වලට රංගනයෙන් දායක වුන Eiza González (ඔගී),
ඒවගේම MCU එකේ වොන්ගේ චරිතය රඟදක්වන Benedict Wong (ඩා ශී), Jess Hong(ජින්),
Marlo Kelly (ටටියානා), Liam Cunningham (වේඩ්), John Bradley (ජැක්), Alex Sharp (විල්),
Rosalind Chao(යේ වෙන්ජී) ලෙසින් මෙහි රංගනයෙන් දායක වෙනවා.
හිතාගන්න පුළුවන්නේ මේකේ නිෂ්පාදනයේ උසස් බව ඒවගේම රංගන ශිල්පීන්ගේ හැකියාවන්
බලන කෙනෙක්ට මම මේ ඉදිරිපත් කරපු කාරණා ටික හොඳටම ප්‍රමාණවත්.
ඉතින් අවසාන වශයෙන් කතාවේ ආරම්භය ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්.
මේ කතාව පටන්ගන්නේ 1966 දී චීනයේ ශිෂ්‍යයින් ආරම්භ කරපු අරගලයකින්
මෙතනදී භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් වෙන මේ කතාවේ ප්‍රධාන චරිතයක් වෙන
යේ වෙන්ජී ගේ තාත්තව, ඇය ඉදිරිපිටම ඝාතනය කරන්න තරම් මේ ශිෂ්‍යයෝ ඉන්නේ උමතු වෙලා.
මේ සිද්ධියෙන් මිනිස්සු සමඟ ඇතිවෙන වෛරය, පිලිකුළ හිතින් දරාගෙන ඉන්න යේ වෙන්ජීව
මොංගෝලියාවේ තියන රහස් කඳවුරකට බඳවා ගන්නවා,
මොකද මෙයා තමා තාත්තා ළඟ හිටිය හොඳම ශිෂ්‍යයා
දැන් කතාව වර්තමානයට එනවා, මෙතන හොඳම යාළුවෝ පස් දෙනෙක් ඉන්නවා.
ඔගී, ජින්, සෝල්, ජැක්, විල් කියන අය මෙයාලා ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරීන්
ආයේ ලෝකයේ ඉන්න සුපිරිම මොල ටිකක්, මෙතනින් සෝල් පාටිකල් ඇක්සලරේටර් එකක වැඩකරන
න්‍යාත්මක භෞතික විද්‍යාඥයෙක් [The Flash බලලා තියනවා නම් පාටිකල් ඇක්සලරේටර් එක
ගැන දන්නවා, මේකෙදි පරමාණු, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඉතා අධික වේගයකින් එකිනෙක ඝට්ටනය
වෙන්න සලස්වලා නිකුත් වෙන අංශු, කිරණ ගැන අධ්‍යනය කරනවා.]
විල් ළමයින්ට විද්‍යාව උගන්වන ගුරුවරයෙක්, ජැක් ධනවත් ව්‍යාපාරිකයෙක්, ජින් කියන්නෙත්
සෝල් වගේම පාටිකල් ඇක්සලරේටර් එකක වැඩකරන කෙනෙක්, අන්තිම කෙනා ඔගී,
මෙයා තමා මෙතන වැදගත්ම චරිතය මෙයා ලෝකයේ සියුම්ම නැනෝතන්තුව
නිර්මාණය කරන්න හදන ව්‍යාපෘතියක ප්‍රධානියා
ඉතින් එක දවසක් ලෝකය පුරා තියන පාටිකල් ඇක්සලරේටර් වලින්
අමුතු විදිහේ දත්ත වගයක් පෙන්වන්න ගන්නවා.
මේ ගැන පැහැදිලි කරගන්නට බැරිනිසා ලෝකය පුරා පාටිකල් ඇක්සලරේටර් නතර කරලා දාන්නයි හදන්නේ.
ඒ අතරේ මේ සෝල්ගේ ප්‍රධානියා වෙන වේරා යේ සියදිවි නසාගන්නවා.
මේ කාලයෙදි ලෝකය පුරාම විද්‍යාඥයෝ ගොඩදෙනෙක් සියදිවි නසාගෙන තියනවා.
මේ ගැන පරීක්ෂණ කරන්න විමර්ශන නිලධාරියෙක් විදිහට ඩා ශී එනවා.
ඔය අතරෙම වැඩ කර කර ඉන්න ඔගීට එකපාරටම කාල ගණනයක් පේන්න ගන්නවා.
ඉතින් මෙහෙම විද්‍යාඥයෝ ගොඩදෙනෙක් සියදිවි නසාගෙන තියෙන්නේ ඇයි?
මේ කාල ගණනය අන්තිමේදී ඔගීට මොනවා වෙයිද?
හොඳට තිබුනු පාටිකල් ඇක්සලරේටර් පිස්සු කෙලින්න ගත්තේ ඇයි?
යේ වෙන්ජී මිනිස්සුන්ගෙන් පලිගන්න මොකද කළේ?
එහෙනම් හැමෝම ගිහින් රසවිඳින්න ආරාධනා කරනවා.
හොඳ නරක අඩුපාඩු ගැන වගේම අගය කිරීම් ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මේකේ දෙවනි කතාංගය අරගෙන ඉක්මනින්ම එන පොරොන්දුවෙන් අදට සමුගන්නවා.
එතකන් ඉවසලා ඉන්න, සුබ දවසක්!!
3 Body Problem, 3 Body Problem Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.
12,879 downloadsDownload 3-Body-Problem-S01-E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
34 comments
Anonymous
පිම්පියා
කමෙන්ට් කලේ නෑ කියල උබල තරහවෙන්න එපා. අපි සබ් බෑවට සමහර වෙලාවට කමෙන්ට් කරන්න වෙන්නේ නැ. විශ්වාස කරපන් සමහර වෙලාවට සබ් එක බාගන්නෙත් හෙන ගේමක් දිල. ෆිල්ම් එක ඉල්ලන්නේ යාලුවෙක්ගෙන්. ඉතිං අපි එක්ක තරහ වෙන්න එපා. ආදරෙයි උබල සේරටම.. !!
sachintha
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයLahiru Bandara
අම්මො ඇති යන්තම් දීලා . මෙක බලන්න විදියක් නැතිව හිටියෙ. ඉක්මනට ඔක්කොම ටික දාන්න හොදද. සබ් ඔක්කොම ටික දුන්නට පස්සෙ එක දිගටම බලන්න ගන්නවා
vilana
thank you for subtitle
Sahan Gayantha
congratulations saho.. thanks a lot Nirmal saho sub ekata..
JonDoe297
Thank you machan.
Gayan
තෑන්ස් බ්‍රෝ ජයම වේවා. වැඩි වැඩියෙන් ලැබේවා
Mayura Suraj
1වෙනි කඩඉමට උණුසුම් සුබ පැතුම් මචෝ. අපේ සීරීස්වලටත් සම්මාදම් වෙලා ලොකු සහයෝගයක් දුන්නා. මේ වගේ කඩඉම් ගොඩක් තව පහු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුද්ගලික ජීවිතෙත් කරන කියන හැම යහපත් දේම සාර්ථක වෙන්න ඕන. ඒ වගේම මාවත් මතක් කරාට ගොඩ ගොඩාක් ස්තූතියි...
R.g lahiru sampath
meke vedio copy eka download site eke nene
විමා - Admin
දැන් තියෙනව සහෝ.
Buddhika Lakmal
50වෙනි උපසිරැසියට සුබපැතුම් මචං....
කරන කියන වැඩකටයුතු සාර්තක වේවා...
මේ උපසිරැසියටත් ස්තූතියි සහෝ....
ජයවේවා.....Das
සුපිරි බ්‍රදර්..ආසාවෙන් බලන්න පුළුවන් දැන්
Senesh Gamage
Thanks aiye sub ekata ❤.
Bimsara Yashan(ඔලිව)
50 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුබ පැතුම් සහෝ. ඉදිරි කඩයිම් වලත් ඉක්මනින් යන්න හැකි වෙන්න කියල වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්තක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලිපියෙ මාවත් මතක් කරාට ගොඩක් ස්තුතියි. ජයවේවා!
shan
ඊලග කොටස් කීපයත් එක පෙලට ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා...ජය ❤️
nirosha
50ta magen suba pathum :-}
Navindu
ithuru tikath ikmanata genna thank u
ANONY
මේවා බලන්න හිතෙන්නෙ නැත්තේ මේ නෙට්ෆ්ලික්ස් httpලා මේවා කොයි වෙලේ කැන්සල් කරයිද දන්නෑ නේ. බලපු එකෙනුත් වැඩක් නැති වෙනවා එහෙම වුනොත්. කොහොම හරි සබට තෑන්ක්ස්
Kasun Premadasa
Thank you so mush brother. and congrats for half century
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Kesara Withanage
පනස් වැනි සිංහල උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම්!
ඉදිරියටත් මේ වැඩේ හොඳටම කරගෙන යන්න සහෝදරයා.
කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!Sahan Gayantha
thanks a lot Nirmal saho sub ekata
sahan malinga
Thank you bosa
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
Adoo...Ada download kle...Thmxx bokka..
Dewadithya
Thanks for Sub!
Sanupa Ranmeth - Admin
50 වෙනි උපසිරසිය වෙනුවෙන් හදවතින්ම සුබපතනවා නිර්මාල් අයියේ!
පරක්කු වුණාට සමාවෙන්ඩෝනා. ඊළඟ කඩයිමත් ගැම්මට අල්ලමු. පීස් ✌️Janitha Madhushan
Thnka you machan sub walata ❤❤
Prabath madusanka Dissanayake
අර්ධ ශතක උපසිරැසි ගැන්වීමට සුභපැතුම්!!!!!! සුපිරි කථා මාලාවක්........ උපසිරැසියට ස්තූතියි සහෝදරයා
Guna
Thank you
එල්. සී. දමැල්
සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න සෑහෙන ප්‍රමාද වුණාට...
50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් නිර්මාල්! :)
100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌chinthaka chathuranga
thanks machan
Nishan Sameera
සුභ පැතුම් 50* ට ❤️ ස්තූතියි උපසිරසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උණුසුම් සුබපැතුම් සහෝ... මේක දෙනකල් මග බලන් හිටියේ.... ඉක්මනින්ම 100 කඩයිම ගහන්න ලැබේවා..ඔබට ජය සහෝ...